විශේෂාංග

19 වන සියවසේ සරාගී විලාසිනියෝ

ආදි කාලයේ ඇමරිකාවේ ලිංගික වෘත්තියේ යෙදී සිටි කාන්තාවන්ගේ ලෝකය, ඉතා ඉඳහිට කාච ඇසට හසුවිය. මේ එවැනි දුර්ලභ ඡායාරූප පෙළක් ඇසුරෙන් හෙළිවන සමාජ යථාර්ථයේ කථාන්දරයකි.

ලිංගික ශ්‍රමික කාන්තාවෝ නිතරම සෙසු කාන්තාවන්ට වඩා වෙනස් ලෙස, බාහිර පෙනුමෙන් ද කැපී පෙනුණි. ඒ ඇසුරෙන් ඔවුහු දැනුවත්ව හෝ නොදැනුවත්ව විලාසිතාකරණයේ සීමා, ඈතට තල්ලු කරමින් සිටියහ. ඔව්, ඔවුන් ජේත්තුකාරියන් ය. දුටුවන් වසඟ කළ හැකි අඟ පසඟක් පමණක් නොව, විලාසිතාවන් ද ඔවුන් වෙත විය. ඇමරිකාවේ මේ විලාසිතාකාරියන් අතර, සැලී රෑන්ඩ් (Sally Rand) සහ ජිප්සි රෝස් ලී (Gypsy Rose Lee) කැපී පෙනෙයි.

මේ පිළිබඳ අධ්‍යයනයක යෙදෙන Dita von Teese  වරක් පවසන්නේ සදාකාලික මෝහනයක් ඔවුන්ගේ පෙනුමේ වූ බවයි.

මේ කතාන්දරයට පසුබිම් වන 1890 දශකය වන විට ඡායාරූපකරණය ලොව පැවතියේ නැගී එන තාක්ෂණයක් ලෙස ය. තවද නිර්මාණශීලී මාධ්‍යයක් ලෙස ය. විලියම් ගෝල්ඩ්මන් ඡායාරූප ශිල්පියා වෙනුවෙන් එදා පෙන්සිල්වේනියාවේ ගණිකා නිවාසයකදී විලාසිනියෝ කිහිප දෙනෙක් පෙළගැසී සිටියහ. එකල ඡායාරූපයට පෙනී සිටීමට නම් අනිවාර්යයෙන්ම ඔවුන් ‘හෙල්ලෙන්නේ නැතිව‘ සිටිය යුතු විය. අතිශයින් නිශ්චල ව සිටිය යුතු විය. ඡායාරූප ශිල්පී ගෝල්ඩ්මන් අවසානයේ

ඡායාරූප ගැනීමෙන් පසුව මේ වෘත්තියේ විලාසිතාකරණය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමු වූ බවට වාර්තා තිබේ.

Courtesy : Serge Sorokko Gallery/Glitterati Editions
ගෝල්ඩ්මන්ගේ නිරූපිකාවන් අතර  ඉරි සහිත stockings සහ  risqué තනපටවලින් සැරසුණු සුන්දරියන් බහුල ය. ඔවුන්ට ප්‍රංශයේ XV ලුවී රජුගේ රිදී දෝලිය වූ මැඩම් ඩු බාරි හෝ රිදී තිරයේ ලිංගික දෙව්දුව වූ මේ වෙස්ට් හට මෙන් බැබළීමක් නොවූ බව සැබෑ ය. එතරම් නිදහසක් හෝ කීර්තියක් ඔවුන් වෙත නොවූ බව ද සැබෑ ය. නමුත් ඔවුහු නිර්භය ලෙස තමන් සතු ඉස්තරම්ම නිකරවලින් සැරසී කැමරාවට මුහුණ දුන්හ.
Courtesy : Serge Sorokko Gallery/Glitterati Editions
තමන් විශේෂ බව හැඟී යාම මූලික මානව කොන්දේසියකි. පිටස්තරයෙකු ඔබේ සුන්දරත්වය, පෙනුම යම්කිසි ආකාරයකින් වාර්තා කිරීමට සැරසෙන විට තමන් විශේෂ බව හැඟී යාම වැළැක්විය නොහැකිය. නිවැරදි වාතාවරණයක් තුළ ‘ආශාවෙන් විඳිය හැකි වස්තුවක්‘ බවට පත්වීම එහිදී ඉතා වැදගත් ය. විශ්වාසය, තමන් ශක්තිමත් බවට වන හැඟීම, බලය සහ විමුක්තිය එවිට එහි තැවරී තිබේ .
Courtesy : Serge Sorokko Gallery/Glitterati Editions
Courtesy : Serge Sorokko Gallery/Glitterati Editions
Courtesy : Serge Sorokko Gallery/Glitterati Editions
Courtesy : Serge Sorokko Gallery/Glitterati Editions

ගණිකා නිවාස එදා පටන්ම සැලකුණේ නිරයට සමීපයෙන් පිහිටා තිබෙන නගරයේ සුවිශේෂී ස්ථාන ලෙස ය. නමුත් මේ ඡායාරූප, එම ස්ත්‍රීන්ගේ සුන්දරත්වය සහ සංවේදී බව කැමරාවට හසු කර ගැනීමට පැමිණි පිරිමියා සමග ඔවුන් විසින් ඇති කර ගත් තාවකාලික සුහදත්වයේ ද පිළිබිඹුවකි.

කලෙක ‘සමාජ ප්‍රශ්නයක්‘ වශයෙන් පැවති මේ පිළිබිඹුව, ශතවර්ෂයක් ඉක්ම ගිය තැන  ‘සංස්කෘතික හෙළිදරව්වක්‘ බවට පත්ව තිබේ.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

7 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

11 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

15 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

16 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

17 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago