චරිත

ලිවර්පූල් පාපන්දු සමාජයට ගිය සික්ස් පැක් ඇති පුංචි මෙසී

මේ වයසේ දරුවෙකුට තිබෙන්නට පුළුවන් යැයි කොහෙත්ම සිතිය නොහැකි ආකාරයට ඔහුට සික්ස්-පැක් ඇඟක් තිබේ.

එය, ඔහුගේ පියා විසින් වයස අවුරුදු 1 සිටම පාපන්දු ශූරයෙකු වීම සඳහා ඔහුට දැඩි පුහුණුවක් ලබාදීමේ ප්‍රතිඵලයයි.

ඉරානයේ උපන් පුංචි අරාත්, දැන් දිවි ගෙවන්නේ ලිවර්පූල් නුවර ය. එය ද, ලිවර්පූල් හි වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා සමාජය වන ලිවර්පූල් ෆුට්බෝල් ක්ලබ් – Liverpool F.C. වෙත ඇතුළත් වන්නට අවස්ථාව ලබා දී තිබේ.

පියා විසින් පුහුණු කරමින්

පාපන්දු ක්‍රීඩාවේ පමණක් නොව අරාත්, ජිම්නාස්ටික් ක්‍රීඩාවේද ශූරයෙකි. අහසේ කරණම් ගසමින් පාපන්දුවට පහර දෙන්නට ඔහු දැනටමත් දක්වන්නේ අති මහත් දස්කමකි.

අරාත් හුසේනිට ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයෝ මිලියන 4 ක් සිටිති.

ඔහුගේ arat.gym ප්‍රොෆයිලයේ මෑතකදී දැකගන්නට ලැබුණේ කික්-අප්ස් 3000 ක් නොකඩවා ඔහු විසින් සම්පූර්ණ කරන ආකාරයයි. නොකඩවා, කිසිදු වෙහෙසක් නැතිව පාපන්දුවට තුන්දහස් වතාවක් ඔහු බිම නොදමා පහර දුන් ආකාරය බොහෝ දෙනාගේ සිත් පැහැරගෙන තිබේ.

මෙසීවත් පරද්දනවා!

‘‘මට ඕනෙ ලෝකෙ හොඳම පාපන්දු තරුව වෙන්න.‘‘ යැයි පුංචි අරාත් කියයි. ‘‘මම කවදහරි මෙසීවත් පරද්දනවා‘‘.

ආරාත්ගේ පාපන්දු ලෝකයේ වීරයන් වන්නේ ලයනල් මෙසීටත් වඩා ක්‍රිස්ටියානෝ රොනාල්ඩිනෝ ය. ක්‍රිස්ටියානෝගේ පෙනුමට සමාන පෙනුමක් දැනටමත් පුංචි මෙසීට තිබේ.

බ්‍රිතාන්‍ය පවුම් මිලියන 26 ක වාර්ෂික වැටුපක් ලබන ආර්ජන්ටිනා ජාතික ලයනල් මෙසී ද මේ වන විට ‘පුංචි මෙසී‘ට බෙහෙවින් ප්‍රිය කරන බවත්, ඔහුගේ දක්ෂතා අගය කරන බවත් වාර්තා වේ. ඔහු බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරයි.

සමාජ මාධ්‍යවල සක්‍රිය චරිතයක් නොවන ලයනල් මෙසී, පුංචි මෙසීගේ හපන්කම් සහිත වීඩියෝව දැකීමෙන් පසුව ඔහුට ස්තූතිකරමින් සුබ පතා තිබුණේ මෙසේ ය.

“Thanks Arat !! I see a lot of class there, impressive! Hug!! ”

 

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

9 mins ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

12 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

16 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

18 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

18 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

19 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

22 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

23 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

23 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago