ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ආයුධ සන්නද්ධ කණ්ඩායම් හා ලිබියානු හමුදාව අතර ගැටීමකින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 140 දෙනෙකු තුවාල ලබා ඇති බව ලිබියාවෙහි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ. ඊයේ (27) දින රාත්‍රිය පුරා දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර නගරය පුරා පිපිරීම් ද කිහිපයක් වාර්තා විය. සමාජ මාධ්‍ය වල සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව ජනාකීර්ණ ගොඩනැගිලි විනාශවන හා කාර් රථ ගිණිතබා විනාශ කරන දර්ශන දක්නට ලැබේ. ගඩාෆිගේ මරණයත් සමඟ ගිබියාව තුළ සන්නද්ධ පුද්ගල කණ්ඩායම්වල නැගී සිටීම සිදු වූ පැවැති දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තතත්වය තවදුරටත් නරක අතට හැරිණ. එක්සත් ජාතීන්ගේ පිටුබලය ලබන ජාතික එකමුතුවේ රජය සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද ප්‍රකාශයක කියා සිටියේ සවියා වීදිය ප්‍රදේශයේ ගමන් කරන රථ පෙළකට හමුදා කණ්ඩායමක් අහඹු ලෙස වෙඩි තැබීමත් සමඟ සන්නද්ධ කණ්ඩායම් හා හමුදාව අතර මෙම ගැටුම ඇති වූ බවිය. රාජ්‍ය බලය ලබා ගැනීමට තරඟ කරන ජාතික එකමුතුවෙහි(GNU) ප්‍රධානියා වන රටේ අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් ලිබියාවේ බටහිර කොටසේ සිය බලය ව්‍යාප්ත කර ඇති අතර රටේ නැගෙනහිර ටොබ්රුක්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අගමැති ෆාති බෂාගාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිවාදී ආන්ඩුවක ආසනයයි. මේ වන විට GNU නීතිවිරෝධී බවත් පසෙකට විය යුතු බවත් ප්‍රකාශ කරන බැවින් බෂාගා ට්‍රිපොලි වෙත ඇතුළු වී එය අත්පත් කර ගැනීමට උත්සාහ කරයි. ජාත්‍යන්තරව පිළිගත් රජයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන ලිබියානු පුවත් ඒජන්සිය වන LANA ට අනුව පාර්ලිමේන්තුව, ප්‍රාන්තයේ උත්තරීතර කවුන්සිලය, ජනාධිපති කවුන්සිලය සහ ආණ්ඩු දෙක ට්‍රිපොලි අගනුවර ආරක්ෂාව පිරිහීමට වගකිව යුතු අතර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටුම සම්බනධයෙන් ට්විට්හි සඳහන් කර තිබුණේ වහාම සතුරුකම් නතර කර සිවිල් වැසියන් සහ සිවිල් වස්තූන් ආරක්ෂා කිරන ලෙසයි. සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…