ලොව යන අත

”මට යන්න දෙන්න මගේ පෙම්වතිය මා එන තෙක් බලා සිටිනවා” ඛෂෝගි ඝාතනයේ හඬපටය නිකුත් වේ

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කරන අවස්ථාවේදී පටිගත වූ හඩ පටයක් තුර්කියේ ඩේලි සභා පුවත් පත විසින් හෙළිදරවු කර ඇත.

පසුගිය වසරේ තුර්කියේ ඉස්තාම්බුල් හී සෞදි කොන්සාල් කාර්යාලයේදී පිරිසක් විසින් ඔහුව ඝාතනය කළ බවත් එහිදී පටිගත කළ හඩ පටය මෙසේ එළිදරවු කරන බවත් මෙම පුවත් පත පවසයි.

මෙම හඩ පට තුර්කියේ ජාතික බුද්ධි අංශ විසින් ලබා ගෙන ඇති අතර ඉන් පසුව මහජනයා වෙත අනාවරණය කරන ලෙස පුවත්පත වෙත නිකුත් කර ඇත. සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි සහ ඔහුව ඝාතනය සදහා කටයුතු කළ පුද්ගලයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතර සිදු වූ සංවාදයක් මෙම හඩ පටයේ සටහන් වේ. හඩ පටයට අනුව ඔහුව ඝාතනය වී ඇත්තේ 2018 වසරේ ඔක්තොම්බර් මස 2 දිනයි.

ජමාල් ඛෂෝගි යනු ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ වොෂිංටන් පෝස්ට් පුවත් පතේ සේවය කළ සෞදි ජාතික මාධ්‍යවේදියෙකි. ඔහු විසින් සිය විවාහය සදහා අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමට තුර්කියේ සෞදි කොන්සාල් කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී ඔහුව ඝාතනය කර ඇති අතර ඔහුගේ මළසිරුර සම්පූර්ණයෙන්ම වෙන කර විනාශ කර දමා ඇති බව අනාවරණය විය.

ඩේලි සභා පුවත් පත ආවරණය වන පරිදි ඔහු කොන්සාල් කාර්යාලය වෙත ඇතුළු වන අවස්ථාවේදී ඔහුට සුපුරුදු පුද්ගලයන් පිරිසක් විසින් ඔහුව පිළිගෙන ඇති අතර ඉන්පසු ආවරණය වූ කාමරයක ඔහුව සිර කර ඇත.

කරුණාකරලා වාඩි වෙන්න.. අපිට ඔබව රියාද් නගරයට නැවත ගෙන යන්න සිදුවෙනවා.. හඬපටයට අනුව එසේ පවසන්නේ සෞදි රජකුමරු මොහමෙඩ් බින් සල්මාන්ගේ ආරක්ෂක කිළධාරී  සෞදි බුද්ධි අංශ ජ්‍යේෂ්ඨයෙකු වන මහේර් අබ්දුල් අසීස් මුට්රබ් විසිනි.
” ඔබව නැවත ගෙන යෑමට ඉන්ටපෝල් විසින් විධානය කර තිබෙනවා ඔබව නැවත ගෙන යෑමට අවශ්‍යයි… ඔහු පැවසූ විට

ඛෂෝගි පවසන්නේ මට විරුද්ධව කිසිම නීතිමය චෝදනාවක් හෝ නඩුවක් නැහැ මගේ පෙම්වතිය මා එන තෙක් කාර්යාලයෙන් එළියේ මග බලා සිටිනවා.. යනුවෙනි.

ඔහුව ඝාතනය කිරීමට විනාඩි 10කට පෙර සෞදිකුමරුගේ ආරක්ෂක නිළධාරියා විසින් ඛෂෝගිගේ පුතු වෙත ඔහුට යම් පණිවිඩයක් ඇත්නම් ඇත්නම් පවසන ලෙසයි..”

ඛෂෝගි විසින් එම එල්ලීම ප්‍රතික්ෂේප කරයි… එවිට ආරක්ෂක නිළධාරියා පවසන්නේ …”ඉක්මන් කරන්න අපට උදවු කරන්න එවිට අපිට ඔබට උදවු කළ හැකියි.. මොකද අවසානයේ අපි ඔබව සෞදි අරාබිය වෙත රැගෙන යන්න අවශ්‍යයි.. අපට උදවු කරන්න ඔබ දන්නවා අවසානයේ සිදු වන්නේ කුමක්ද කියා..

ඉන්පසු ඔවුන් විසින් ඛෂොගි වෙත යම් නිර්වින්දන ඖධයක් ලබාදේ… එවිට ඔහු පවසන්නේ.. ”මම හුස්ම ගැනීමේ අපහසු රෝගයකින් පීඩා විදිනවා… මෙය කරන්න එපා.. ඔබ මගේ හුස්ම හිර කරන්නටයි සූදානම් වෙන්නේ..”

59 හැවිරිදි ජමාල් ඛෂෝගි ගේ ඝාතන ක්‍රියාවලිය මිනිත්තු 30ක් පමණ ඇතුලත සිදුව ඇති බව එම හඩ පටයෙන් වටහා ගත හැක..

ඔහුගේ සිරුරට සිදුවූයේ කුමක්දැයි යන්න මේ වන තුරුත් සොයා ගත නොහැකිව ඇත.
තුර්කිය පවසන්නේ ඛෂෝගි ඝාතනය සෞදි අරාබිය විසින් සිදු කළ පූර්වමර්ෂිත මනුෂ්‍ය ඝාතනයක් “premeditated murder” බවයි..

මෙසේ ඛෂොගිව මරා දැමූ පසුත් සෞදි අරාබියේ නිළධාරීන් පවසන්නේ ආරක්ෂක නිළධාරීන් සමග කථා කළ පසු ඔහු කොන්සල් කාර්යාලයෙන් පිත්ව ගිය බවයි.

මේ වන විට ඛෂෝගි ඝාතනය සම්බන්ධව සෞදි නිළධාරීන් 11 දෙනෙකුට චෝදනා ලබා සිටින අතර ඔවුන්ගේ නම් අප්‍රකාශිතය. ඒ අතරින් පස් දෙනෙකු සදහා මරණ දඩුවම නියම කර ඇත.
සී අයි ඒ ආයතනය පවසන්නේ ඝාතනය සදහා සෞදි රජ කුමරු විසින් නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්නට ඇතැයි යන චෝදනාව සෞදි රජය විසින් ප්‍රතික්ෂේප කරන බවයි.

පසුගිය ඉරිදා සෞදියේ රියාද් හී පැවති නඩු විමසීමේදී ඩේලි සභා පුවත්පත විසින් අනාවරණය කළ හඩ පටයේ අවසන් වතාවට ඛෂෝගි කොන්සාල් කාර්යාලයට පැමිණෙන්නට පෙර සෞදි රජකුමරුගේ ආරක්ෂක නිළධාරියා ” එය බෑගයකට දමන්නට පුළුවන් වෙයිද ? ” යනුවෙනි. ඒ ඛෂොගිගේ මලසිරුරයි.
එවිට ඔහුට පිළිතුරු ලැබෙන්නේ ” නැහැ හරිම බරයි.. ඒවගේම උසයි” යනුවෙනි..

එමෙන්ම ඔහු මෙසේද පවසයි.” ඇත්තෙන්ම මම නිතර මළසිරුරු සමග වැඩ කරන කෙනෙක්.. මම දන්නවා හරියටම කපන්න ඕනි කොහාමද කියලා.. නමුත් මම කවදාවක් උණුසුම් මළසිරුරක් කැපීම සිදු කර නැහැ..නමුත් මම මේක හොදින් සිදු කරන්නම් ”

ඇත්තෙන්ම මම මල සිරුරු කපන විට ගීත වලට සවන්දෙනවා.. ඒ අතර තුර කෝපි බොමින් දුම්පානය කරනවා.. කොටස් වෙන් කළ පසු ඒවා ප්ලාස්ටික් බෑග් වල දාන්න ඕනී ඊට පස්සේ සූට්කේස් වලට දමා ගොඩ නැගිල්ලෙන් පිටට ගෙනි යන්න.. ඛෂෝගිගේ මළ සිරුර කොටස් වලට වෙන් කළ පුද්ගලයාගේ හඩ එසේ හඩ පටයේ ඇතුලත් වෙයි..

ඛෂොගි ඝාතනය පිළිබදව මේ සියල්ල සිදුව තිබියදී  කිසිවක් නොකළ ගාණට අත පිහදා ගැනීමට සෞදි රාජ්‍යයේ සල්මාන් කුමරුට නොහැකි වනු ඇත. ඒ නමුත් වොෂින්ටන් පුවත් පත පවසන්නේ ඔහු විසින් ඛෂෝගිගේ පුතුන් සිවු දෙනාට ඔවුන්ගේ පියා වෙනුවට ඩොලර් මිලියන ගණනක් වටිනා නිවසක් හා මාසික දීමනාවක් ලබා දෙමින් සිටින බවයි..

අල්ජසීරා පුවත් සේවය විසින් පල කරන ලද වාර්ථාවේ පරිවර්ථනය

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

4 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

4 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

18 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

23 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago