බෙත්ලෙහෙම අපේ මතකයට නැගෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ උප්පත්ති කථාවත් සමගිනි. ජුදා කඳුකරයේ පිහිටි මේ අසිරිමත් නගරය ජෙරුසලම් නගරයේ සිට කිලෝමීටර් අටක් තරම් දුර දකුණු දෙසට පිහිටා ඇත. අදටත් ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් බෙත් ලෙහෙම කර දහස් ගණනක් කිතුණුවෝ ලෝකයේ සෑම රටකින්ම පාහේ ඇදී එයි. කලකට පෙර පලස්තීනයට අයත්ව පැවති නගරයක් වුවත් අද වන විට එය ඊශ්‍රායලයට අයත් වන්නේය. නමුත් ඒ පිළිබඳවද ඇත්තේ විවිද මතිමතාන්තරයන්ය. නත්තල් සමයේ මෙම පූජනීය ස්ථානය වන්දනා කරුවන් හා සංචාරකයන් දහස්ගණනකින් පිරී ඉතිරී යයි.
කලින් කලට අවට රටවල් කිහිපයක් විසින් අයිති වාසිකම් කියන ලදුව මුල් කාලයේදී පලස්තීනය විසින් පාලනය කළ නගරයක් වූ නිසාම බෙත්ලෙහම් නාමය ආරිබි භාෂාවෙන් පැන නැගුණ බව ඇතැමුන්ගේ මතයයි අරාබි භාෂාවෙන් Bayt Lahm යන්න ඉන් අර්ථ වෙයි එහි තේරුම මාංශ නිවස යන්නයි. හීබෲ බසින් bet ˈleχem යන්න එනම් ආහාර නිවස ආදී ලෙස අර්ථ දක්වා ඇත.
මෙවැනි අර්ථ දැක්වීම්ද සමග සැබවින්ම ජේසු තුමන් ඉපදුනේ බෙත්ලහෛම් නගරයේ නොවන බවට ඇතැමුන්ගේ අදහස විය. බෙහෝ මතිමතාන්තර වලට අනුව කියවුණේ ජේසු තුමා උපන්නේත් එතුමා හැදී වැඩුණු නාසරෙත් නමැති ගමේම බවයි. නමුත් මේ වන විට බෙහෝ සාක්ෂි සහිතව වසර අවුරුදු දෙදාහකට අධික කාලයක් පුරා සිට වැඩි පිරිසකගේ විශ්වාසය බවට පත්ව ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත සිදු වූයේ බෙත්ලෙහෙම් නගරයේ බවයි.
ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ කථාවේදී බයිබලය විසින් බෙත්ලෙහෙම ගැන මුල් වරට සඳහන් කරනු ලබයි. අතීත ඊශ්‍රායල් වරුන්ගේ රජු ලෙස සැලකූ දාවිත් ගේ පාලනයට යටත් ව තිබුණූ ජුදයාව ලෙසින් හැඳින්වුණූ ප්‍රදේශයේ උප පාලන ප්‍රදේශයක් ලෙස බෙත්ලෙහෙම සළකනු ලැබිණි .
ශාන්ත ජස්ටින් මාටීර් තුමා විසින් මුල්ම වතාවට ජේසුස් වහන්සේ උපත ලැබූ ස්ථානය බෙත්ලෙහෙම නගරය තුළදී මුලින්ම සොයා ගත් බව සැලකෙන්නේය. ඉන් පසුව එහි මුල්වරට රෝමානු අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින්ලේ මව ශාන්ත හෙලේනා රැජින විසින් දේව මාලිගාවක් දේව මාළිගාවක් ඉදි කළ බව කියැවේ. කාලයත් සමග ඇතිවූ ගැටුම්ද සමග මෙම දේව මාළිගාව ඉතා ඉක්මණින් විනාශයට පත් විය.
ඉන් පසු මේ වන විට එහි ඇති ග්‍රීක ඕතඩොක්ස් දෙවු මැදුර රෝමානු කතෝලික හා ආර්මේනියානු අදහන්නන් සියල්ලන්ගේද පුදබිමක් බවට පත් ව ඇත.
අද වන විට සංචාරක නගරයක් ලෙස ලෝකයේ සියල්ලන්ම දන්නා හඳුනන නගරයක් බවට පත්ව ඇති බෙතේලෙහෙම කෘෂිකාර්මික හා වෙළඳ නගරයක් ලෙසද ආසන්නයේ තිබෙන ජෙරුසලම් නගර සමගයි. අද වන විට කිතුණු දහම අදහන්නන් වැඩි පිරිසක් ජීවත් වන බෙත්ලෙහෙමේ මෙන්ජර් චතුරශ්‍රය අද නත්තල් උත්සවයේ ප්‍රධානතම සංඛේතයක් බවට පත්වී ඇත. සෑම වසරකම පාහේ මෙහේ ඉදිවන ඉතා දර්ශනීය මෙන්ම ඉතා විශාල නත්තල් ගසකිතුණු බැතිමතුන්ගේ සිත් දිනා ගත් ප්‍රසිද්ද කිතුණු සංඛේතයක් පවට පත්ව ඇත.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…