මෙම තීරණය අනුව අධ්‍යාපන කටයුතු සඳහා ලබාගෙන ඇති ණය ඇමරිකානු ඩොලර් 10,000 කින් කපා දැමෙනු ඇත.
මීට අමතරව දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක්ව සිටින සිසුන්ට ලබා දී ඇති ණය ඩොලර් 20,000 කින් අවම වනු ඇත. ඒ සඳහා සලකා බැලෙන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 125,000 කි.
මෙම තීරණය හේතුවෙන් ණය කන්දකට සිර වී සිටින ඇමරිකානුවන්ට යම් සහනයක් ලැබෙනු ඇති බවයි බයිඩන් ජනාධිපතිවරයා පවසන්නේ.
ඇමරිකානු රජයේ ඇස්තමේන්තුවලට අනුව ඇමරිකානුවන් මිලියන 43 කට වැඩි පිරිසක් අධ්‍යාපනය වෙනුවෙන් ලබාගෙන ඇති සමස්ත ණය මුදල ඩොලර් ට්‍රිලියන 1.6 ඉක්මවයි. මෙම මිලියන 43 න් 20% ක පමණ සිසුන් පිරිසක් ඩොලර් 10,000 බැගින් හෝ ඊට අඩු මුදලක් ලබාගෙන තිබේ.
ඇමරිකාව ඇතුළු සංවර්ධිත රටවල සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා රජයෙන් ණය ලබා ගත හැකි අතර රැකියාව කරන අතරතුර වාරික වශයෙන් ණය ගෙවීමේ හැකියාව පවතී.
ජෝ බයිඩන් ජනාධිපතිවරණයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් අනුව මෙම ණය කපා හැරීම සිදුවන අතර ඉදිරියේදී පැවැත්වෙන කොන්ග්‍රස් මණ්ඩලයට අපේක්ෂකයන් තෝරා ගැනීමේ මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයට අමතරව වාසියක් වනු ඇත.
කෙසේ නමුත් ඇමරිකානු සිසුන් පවසන්නේ මෙම සහනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. පවතින උද්ධමනය හමුවේ තමන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බැවින් ශිෂ්‍ය ණය සම්පූර්ණයෙන් කපා දමන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…