කාලීන

බිල් කොස්බිට වැඩ වරදියි.

පෙන්සිල්වේනියානු අධිකරණයක් විසින් ඊයේ බිල් කොස්බි (Bill Cosby ) ව ලිංගික අපචාර චෝදනා සඳහා වසර 3 සිට 10 දක්වා කාලයකට සිරදඬුවම් නියම කළේය.

81 හැවිරිදි බිල් කොස්බි, 1980 දශකයේ ‘ද කොස්බි ෂෝ‘ වැඩසටහන හේතුවෙන් ලොව පුරා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් ව සිටි තරුවකි. නිව්යෝක් හි බෘෘක්ලින් නගරයේ පදිංචි කළු ඇමරිකානු පියෙකුගේ චරිතය රඟපෑ කොස්බි, එම චරිතයේ ඇති ප්‍රහසනකාරී බව සහ ප්‍රසන්න බව නිසාම විරුදාවලි ලැබුවේ ‘‘ඇමරිකාවේ තාත්තා‘‘ (“America’s Dad”) යනුවෙනි.

මෙම නඩු තීන්දුව ලබාදීමට පෙර ඔහු ලිංගික වශයෙන් ප්‍රචණ්ඩ අයෙකු (sexually violent predator) වශයෙන් වර්ගීකරණයකට ද ලක් විය. එයින් අදහස් වන්නේ ඔහු සිය ඉතිරි ජීවිත කාලය පුරාම ඒ සඳහා මානසික උපදේශන සේවාවන් ලබාගත යුතු බව සහ, ලිංගික වරදකරුවන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම ද ලියාපදිංචි කිරීමට නියමිත බවයි.

 

Bill Cosby departs the Montgomery County Courthouse in handcuffs after being sentenced in his sexual assault trial on September 25, 2018 in Norristown, Pennsylvania, U.S. September 25, 2018. Mark Makela/Pool via REUTERS

කොස්බි අන්ධ තත්වයකින් පෙළෙමින් සිටින අතර, එම තත්වය සහ ඔහුගේ වියපත් බව නිසා හෝ, මෙම වර්ගීකරණය වෙනස් නොකළ යුතු බව අධිකරණයේ අදහස විය. කොස්බිගෙන් සමාජයට එල්ල වන ‘තර්ජනය‘ මේ හේතු නිසා අඩු නොවන බව විනිසුරුගේ මතය විය.

මෙම ලියාපදිංචි කිරීමත් සමග අසල්වාසීන්ට, ළමා මධ්‍යස්ථානවලට සහ පාසල්වලට බිල් කොස්බිගෙන් ප්‍රවේශම් විය යුතු බව සහ, ඔහු යනෙන තැන් ගැන දැනුම් දීම සිදු වේ. ඔහුට වසර 3-10 දක්වා සිර දඬුවම් නියම කරන බවට තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ මෙම වර්ගීකරණයෙන් පසුව ය.

නඩුවේදී බිල් කොස්බිගෙන් මනෝචිකිත්සකයෙකු ප්‍රශ්න ඇසූ අතර, මනෝ චිකිත්සකවරයාගේ අදහස වූයේ බිල් කොස්බි ලිංගික ප්‍රචණ්ඩත්වය ට සම්බන්ධ යම්කිසි මානසික රෝගී තත්වයකින් පෙළෙමින් සිටි බව ය. නමුත් එය අධිකරණ විසින් දැඩි සේ සලකා බැලුවේ නැත.

තමන්ට කීමට තිබෙන්නේ මොනවාදැයි ඇසූ විට බිල් කොස්බි කිසිවක් නොපැවසුවේය.

ඇප සඳහා ඔහු විසින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

‘‘මේක බරපතළ අපරාධයක්‘‘ යැයි විනිසුරු ස්ටීවන් ඕ‘නීල් නඩු තීන්දුවේදී පැවසුවේය. ‘‘කොස්බි මහත්මයා, ඒ දවස – ඒ වේලාව පැමිණ තිබෙනවා.“ යැයි ද ඔහු පැවසුවේය.

බිල් කොස්බි පසුගිය කාලයේ දිගින් දිගටම ලිංගික අපචාර සඳහා චෝදනා ලබමින් සිටියේය. මෙම තීන්දුව ප්‍රකාශයට පත් වූ නඩුව 2017 ජූනි මාසයේදී ඔහුට එරෙහිව පවරා තිබුණේ ටෙම්පල් සරසවියේ හිටපු පරිපාලකවරියක වන ඇන්ඩ්‍රියා කොන්ස්ටන්ට් විසිනි. තමන් විසින් කොස්බි ව සිය ගුරුවරයා ලෙස සැලකූ බවත්, දිනක් තමන්ට පෙති වගයක් ලබාදී කායිකව ‘ගල් ගැසුණු‘ තත්වයකට පත් කර ලිංගික පරපීඩකයෙකු ලෙස හැසිරුණු අන්දමත් ඇය අධිකරණය හමුවේ විස්තර කරමින් කියා සිටියාය. ඇය අධිකරණය හමුවේ අවධාරණය කළ කරුණක් වූයේ සෙසු පිරිමින් ගැන තිබූ විශ්වාසය ද මෙම සිදුවීමේ කම්පනය නිසා තමන්ට අහිමි වූ බවත්, එය තම ජීවිත කාලය පුරාම බලපැවැත්වෙන දෙයක් බවට පත්ව ඇති බවත් ය. ‘‘මම මාව පවා දැන් විශ්වාස කරන්නේ නැහැ..“ යැයි ද ඇය පැවසුවාය.

බිල් කොස්බි හට ලිංගික අපචාර චෝදනා ඉදිරිපත් කළ කොන්ස්ටන්ටයින් | REUTERS

හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත කාන්තාවක වූ ඇය, මෙම සිදුවීමෙන් පසු සියල්ලන්ගෙන්ම දුරස් වූ ආකාරයත්, ආහාර ගැනීම පවා නතර කළ ආකාරයත් ඇය විසින් අධිකරණයේදී විස්තර කර තිබේ. අවසානයේ ඇය සිය මව සමග සිදුවූ දෙය පවසා ඇත. ‘‘ආපසු හැරී බලනවා වෙනුවට, ඉදිරිය දෙස බලන්නට මම තෝරාගත්තා.“ යැයි ද ඇය මේ නිර්භය පියවර විස්තර කරමින් කියා සිටියාය.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී අධිකරණ ශාලාව පිරී ගොස් තිබූ අතර, කොන්ස්ටන්ට් ට පිටුපසින්, බිල් කොස්බි ට ලිංගික අපචාර චෝදනා ඉදිරිපත් කළ තවත් වින්දිතයන් ගණනාවක් ද අසුන් ගෙන සිටින ආකාරය දක්නට ලැබිණි.

මොන්ටිගෝමරි අධිකරණ විනිසුරුවරයා කොන්ස්ටන්ට්ගේ ධෛර්යයට ප්‍රශංසා කළේය. ‘‘ඇයට කිසි දෙයක් සිදුනොවුණු ගානට නිහඬව ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් යුක්තිය ඉටු කරවා ගත යුතු නිසා, ලෝකය ඉදිරියේ තමන්ට සිදුවූ දේ කෑ ගසා කීමේ අසීරු තෝරාගැනීම ඇය කළා. එය ඕනෑම කෙනෙකුට අති දුෂ්කර දෙයක්..“ යැයි විනිසුරු පැවසුවේය.

බිල් කොස්බි, තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මදක් හැඟීම්බර වූ බව පෙනෙන්නට තිබූ නමුත් ඔහුගෙන් කණගාටුවක් ප්‍රකට වූයේ නැත.

මේ අතර මෝස්තර නිරූපිකාවක වූ ජැනීස් ඩිකින්සන්, එම තීන්දුව අසා කෑ ගසමින් සතුට ප්‍රකාශ කරමින් අත්පොළසන් නගන්නට පටන් ගත් බව වාර්තා වේ. සෙසු අය නිහඬව අත්පොළසන් නගනු පෙනිණි. බොහෝ අය පැවසුවේ, ‘‘මෙය බිල් කොස්බිගේ ජීවිත කාලය තුළ මෙසේ සිදුවේ යැයි ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවූ බව‘‘යි.

ද කොස්බි ෂෝ-People

AFP පුවත්සේවය ට අනුව බිල් කොස්බිට එරෙහිව නගා තිබූ ලිංගික අපචාර චෝදනා 3 ක් ඒකාබද්ධ කර මෙම නඩුව ගොනු කර තිබිණි.

මේ අතර කොස්බිගේ ප්‍රකාශක ඇන්ඩෘෘ වයිට්, නඩු විභාගය හෙළා දුටුවේ ‘‘ඇමරිකානු ඉතිහාසයේ “the most racist and sexist” නඩු විභාගය යනුවෙනි. වරදකරු බවට පත්වූ බිල් කොස්බි ‘ලිංගික යුද්ධය‘ක ගොදුරක් බවට පත්වී යැයි ද ඔහු පැවසුවේය.

ලෝකයේ කීර්තිමත්ම පුද්ගලයෙකුගේ පටන් නින්දිතයෙකු දක්වා කොස්බිගේ ඇද වැටීම පිළිබඳ මේ වන විට බොහෝ සංවාද ඇති වී තිබේ. රජයේ නීතීඥයෙකු ලෙස නඩුවට සහභාගි වූ නීතීඥ ස්ටීල් මෙසේ කියයි. ‘‘දශක ගණනාවක් වගඋත්තරකාරයා සැබෑ තමා සහ තමන් කළ අපරාධ සඟවා ගෙන සිටීමට සමත් වුණා. ඒ, ඔහුගේ කීර්තියේ සහ ධනයේ බලයෙන්. ඔහු චරිතයක් පිටුපස සැඟවී සිටියා. නමුත් ඒ චරිතය ප්‍රබන්ධයක්.

‘‘සල්ලි ගොඩක් තිබෙන, ප්‍රසිද්ධ, ලෝකයේම අවධානය දිනා ගන්නා අයෙකුට වුවත් තමන්ගේ අපරාධවලින් ගැළවී නිදහසේ ඇවිද යන්නට බැහැ“ යැයි ද එම නීතීඥයා පැවසුවේය.

[embedyt] https://www.youtube.com/watch?v=xbSBbFAhTPU[/embedyt]

Share

Recent Posts

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

35 mins ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

14 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

18 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago