කාලීන

ආගමක් විවේචනය ‌හෝ අපහාසය අපරාධ වරදක් නොවේ – ප්‍රංශ ජනපති මැක්‍රොන්

ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රෝන් ඇතුළු ප්‍රංශයේ ඉහළ පෙළේ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් ආගමට අපහාස කිරීම අපරාධ වරදක් නොවන බවට අවධාරණය කරන ලදී. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ පසුගියදා ඉස්ලාමීය තරුණියක විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ප්‍රචාරණයකදී ඉස්ලාම් දහම විවේචනය කිරීම සම්බන්ධව  එල්ල වූ චෝදනාය. ඇයගේ මෙම ක්‍රියාවත් සමග ශතවර්ශ ගණනාවක් තිස්සේ ප්‍රංශය තුළ නීත්‍යානුකූල ක්‍රියාවක් ව තිබූ දෙවියන් හෝ යම් ඇදහිල්ලක් , ආගමක් අපහාසයට ලක් කිරීම පිළිබදව කතිකාවක් ඇතිවී තිබේ.

මේ පිළිබදව Le Dauphine Libere පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනපති මැක්‍රෝන් පවසන ලද්දේ ”නීතිය පැහැදිලියි… විකට ආගමකට අපහාස කිරීමට, විවේචනය කිරීමට අපට අයිතියක් ඇත. රජයේ නීතිය වෛරය අවුස්සමින් ගෞරවය කෙළෙසීම අරමුණූ කරගත් එකක් නොවේ.

මෙම මතභේදය ආරම්භ වූයේ පසුගිය ජනවාරි මස අගදී 15 හැවිරිදි මිලා නම් දැරිය ඉන්ස්ටාග්‍රෑම් සමාජමාධ්‍ය තුළ පවත්වාගෙන ගිය වේෂනිරූපණය පිළිබඳ වැඩසටහනකදී තම සමලිංගික භාවය පිළිබදව අදහස් ඉදිරිපත් කිරීමත් සමගිනි. ප්‍රංශ රූපවාහිනිය තුළ අදහස් දක්වමින්මෙම සිදුවීම  පිළිබදව අදහස් දක්වන මිලා පවසන්නේ සිය සජීවී විකාශනය අතර තුර තමන් සමරිසි කාන්තාවක් බව පැවසූ පසු එක් අදහස් දක්වන්නෙක් තමාව නිර්දය ලෙස විවේචනය කළ බවත් තවත එක් මුස්ලිම් ජාතිකයෙකු ඇයව ”දුෂ්ශීල සමලිංගික කාන්තාවක් බවට ” අපහාස කළ බවත්ය.

ඊට ප්‍රතිචාර වශයෙන් මිලා ඉස්ලාමයට එරෙහිව කියා සිටියේ “මම ආගමට වෛර කරමි. අල් කුර්ආනය වෛරයේ ආගමකි.” යනුවෙනි.

ඇගේ මෙම අදහස් දැක්වීමෙන් පසු
#JeSuisMila යන ජනප්‍රිය හැෂ් ටැගය භාවිතයෙන් සමාජ මාධ්‍ය ජාලවල විශාල විවාදයක් ඇති විය.

මිලාට සහයෝගය දැක්වීමේ එක් දක්ෂිණාශික ව්‍යාපාරයක නායක මැරීන් ලෙ පෙන් විසින් පැවසුවේ මිලාට “පසුගිය වසර 30 ක කාලය තුළ බලයේ සිටි සමස්ත දේශපාලනික පංතියට වඩා ධෛර්යයක්” ඇති බවය.

එමෙන්ම මේ සමග ඇයට එරෙහි අදහස් දක්වන්නන්ගේ විවේචනද දැඩි වූ අතර ඇයට ජීවිත තර්ජනද එල්ල විය. ඇයගේ පාසැල මාරු කරන්නට පවා මෙම සිදුවීම හේතු වී ඇත.

ඇගේ ආරක්ෂාව සම්බන්ධව අදහස් දක්වමින් ජනපති මැක්‍රෝන් පවසන්නේ පාසැලේදී, ඇගේ එදිනෙදා ජීවිතයේදී, ඇගේ ආරක්ෂාව සහතික කිරීම අපගේ වගකීමක්” යනුවෙනි

එමෙන්ම හිටපු සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සෙගොලීන් රෝයල් කියා සිටියේ ආගම විවේචනය කිරීමේ මිලාගේ “පූර්ණ” නිදහස තමන් ආරක්ෂා කරන බවයි.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

6 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

9 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

18 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

18 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago