සෞඛ්‍ය

මැරෙන දවස කියන්න රුධිර පරීක්ෂාවකින් පුළුවන්!

රුධිරයේ තිබෙන biomarkers 9 ක් මේ සඳහා යොදා ගැනේ. ඒවා අතර ජාන, රුධිර සාම්පලයෙන් ප්‍රකට වන රෝග ලක්ෂණ ද ඇත. ඒ අනුව ඕනෑම අයෙකුගේ ශරීරයේ ‘ජීව විද්‍යාත්මක වයස‘ ගණනය කරයි. මෙම ජීව විද්‍යාත්මක වයස යනු අපේ උප්පැන්න සහතිකයේ සඳහන් වන වයස නොවේ. එයින් අදහස් කෙරෙන්නේ අපේ ශරීරයේ අවයව සහ පද්ධති, ජීවත් වීම නමැති ක්‍රියාවලියේදී කොතරම් ක්ෂය වී ඇත්ද යන්න සහ, කොතරම් ආයු කාලයක් ඒවාට තව වැඩ කළ හැකිද යන්නයි.

පර්යේෂකයන් සොයාගත්තේ, සාමාන්‍ය කාලානුක්‍රමික වයස්ගතවීමට වඩා මෙම ක්‍රමය මගින් ජෛව විද්‍යාත්මක ව වඩාත් නිවැරදි හඳුනාගැනීමක් සිදුකළ හැකි බවයි. මේ අතර යේල් සරසවියේ පර්යේෂිකාවක් වන Morgan Levine පවසන අන්දමට, සාමාන්‍ය වේගයට වඩා ඉක්මනින් වියපත් වන පුද්ගලයන් හඳුනාගැනීමට මෙමගින් හැකියාව ලැබේ. එයින් අදහස් වන්නේ ඔවුන්ට ඉක්මනින් රෝගාබාධ වැළඳීමට ඉඩකඩ ඇති බව සහ, එනයින් ඔවුන්ගේ ආයු කාලය සෙසු අයට වඩා අඩු බව ය.

‘‘ඒ වගේම, බාහිරින් බලන විට සෞඛ්‍ය සම්පන්න සේ පෙනෙන අයගේ පවා ජෛව විද්‍යාත්මක වයස ඊට වඩා වැඩි බව අපට දක්නට ලැබුණා. ඒ අනුව ආයු අපේක්ෂාවේ විවිධ වෙනස්කම් ග්‍රහණය කරගන්නට අපට හැකියාව ලැබෙනවා. මෙය පූර්ව සායනික චිකිත්සාවක් වශයෙන් ඉතාම වැදගත්. එනම්, යම්කිසි රෝගාබාධයක් මතුවී එයට ප්‍රතිකාර ගැනීමට පෙර එම රෝගාබාධය ඇතිවීමේ අවදානම අපට හඳුනාගන්නට පුළුවන්.“ යැයි ඇය පවසන්නීය.

රුධිර පීඩනය වැනි සාමාන්‍ය GP පරීක්ෂා අනුගමනය කිරීම වෙනුවට වෛද්‍යවරුන්ට මෙමගින් රෝගීන් පිළිබඳ වඩා නිවැරදි තක්සේරුවක් ඉක්මනින් ලබාගත හැකි බව ද පර්යේෂකයෝ පවසති.

කෙසේ නමුත් මෙම පර්යේෂණය මගින් පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ ආයු අපේක්ෂාව, එසේත් නැතිනම් මිය යන දිනය සොයාගැනීම නොවේ. දැනට පවතින තත්වය යටතේ ඔබ මිය යාමට නියමිත වයස හඳුනාගෙන, එම ආයු අපේක්ෂාව වැඩි කරගැනීම සඳහා එම තොරතුර භාවිතා කිරීමයි.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

5 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

9 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

12 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

14 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

15 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago