එසැණ පුවත්

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය ඇවිලෙයි: ඉතිං මට ගානක් වත් නෑ නෙ.. බොරිස් ජොන්සන් කියයි!

ඉකුත් සිකුරාදා (24) එක්සත් රාජධානියේ පැවැත්වූ අතුරු මැතිවරණයෙන් පාලක පක්ෂය වන බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයට අන්ත පරාජයක් අයත් විය. මෙසේ කන්සර්වේටිව් පක්ෂයට අහිමි වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායික දක්ෂිණාංශික කුළුණක් වන දකුණු කලාපයේ පිහිටා ඇති ටිවර්ටන් සහ හොනිටොන් ය.  ඡන්ද 24,000 කින් පාලක පක්ෂයට එම ආසන අහිමි වී ඇත. එමෙන්ම උතුරු කලාපයේ පිහිටා ඇති කලක කාර්මික විප්ලවය ජයගත්, එහෙත් කම්කරු පක්ෂ පාලනයෙන් 2019 වර්ෂයේදී ගිලිහී ගිය වේක්ෆීල්ඩ් ද මෙවර කන්සර්වේටිව් පක්ෂයට අහිමි වී තිබේ. Luxury Designer Replica Handbags, available at https://1to1purse.com, with worldwide delivery and quality checks before shipping.

අතුරු මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දෙකක් අහිමි වූ අතර, මෙමඟින් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ ඇතිවූ කැළඹීම හමුවේ එම පක්ෂයේ සභාපති ඔලිවර් ඩෝව්ටන් ද එදිනම ඉල්ලා අස්වීම සිදුවිය.

මේ අතර, කන්සර්වේටිව් පක්ෂ නායක වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එරට විපක්ෂයෙන් පමණක් නොව පාලක පක්ෂයෙන් ද බලපෑම් එල්ල වීමට පටන් ගෙන තිබේ. කුප්‍රකට පාර්ටිගේට් සිදුවීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කෙරේ එල්ල වූ අප්‍රසාදය බොම්බයක් පුපුරා යන්නාක් මෙන් උඩුදිව ගිය අතර, එරට යම් දේශපාලන අස්ථාවරභාවයක් ඇති කිරීමට ද සමත් විය.

මේ දැවැන්ත අතුරු මැතිවරණ පරාජයත් සමඟ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වන බලපෑම එන්න එන්නම වැඩිවන අතර බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය තුළ ද විශාල අර්බුදයක් නිර්මාණය වී තිබේ. කෙසේවෙතත්, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තමා ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිඳු හේතුවක් නොමැති බවත්, ඉල්ලා අස්වූ තම පක්ෂ සභාපති ඔලිවර් ඩෝව්ඩන් ගේ කළකිරීම තමාට වැටහෙන මුත් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය යනු ‘මීට වසර දෙකකට’ පෙර අති බහුතර ජනවරමකින් බලයට පත්වුනු පක්ෂයක් බැවින් ඉදිරියටත් එම ජයග්‍රහණය ගත හැකි බවත් ය.

එය රටම ගිනිගෙන පුපුරා යාමට ඔන්න මෙන්න තිබිය දී, ‘අපේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දේ දීලා තිබෙනවා නේ. ඒ ජනවරමට කිසිවක් වන්නේ නැහැ,‘ යැයි වරක ශ්‍රී ලංකාවේ දේශපාලඥයකු කළ ප්‍රකාශය හා බොහෝ සෙයින් සමානය.

බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ මතුව ඇත්තේ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයට ඉතාම අවාසිදායක කාලපරිච්ඡේදයක් බවය. බ්‍රිතාන්‍යයේ ජීවන වියදම අහස උසට නැඟ ඇති අවස්ථාවක, උද්ධමනය පාලනය කර ගැනීමට රජය අපොහොසත් වී ඇති අතර, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ප්‍රමුඛ එරට විපක්ෂය පාර්ශවයෙන් දිගින් දිගටම එල්ල වන චෝදනාව වන්නේ රජයේ අක්‍රමිකතා රැසක් තිබෙන බවයි.

දැනට වාර්තා වන අන්දමට බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයන් ගෙන් සියයට 41 පමණ පක්ෂ නායක අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට විරෝධය පළ කරන අතර, ද ගාඩියන් පුවත්පත වාර්තා කරන අන්දමට අද (27) දින කළ විමසීමක දී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් තමාට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව තමා කණස්සල්ලට පත් නොවන බවයි. පක්ෂයේ නායකත්වය පිළිබඳව මතුව ඇති අර්බුදය මීට සති කිහිපයකට ඉහත විසඳුනු බවත්, තමා තවමත් එම පක්ෂයේ නායකයා බවත් ඔහු මාධ්‍යයට පවසා ඇත.

දිනෙන් දින දේශපාලන පිටිය තුළ සහ ජන පිටිය තුළ ගොඩනැඟෙන විරෝධය හමුවේ මහත්මා ලෙස පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වූ ඔලිවර් ඩෝව්ටන් සහ තක්කඩිකම ඉවවහා යමින් පුටුව රැකගැනීමට නන් දොඩන බොරිස් ජොන්සන් තුළින් බ්‍රිතාන්‍ය දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මනා තක්සේරුවක් ගොඩනඟා ගැනීමට හැකිය.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

4 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

19 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago