කාලීන

ඇමසන් ගින්න නිවීමට G7 සමුළුවෙන් වෙන් කළ ඩොලර් මිලියන 22ක ආධාර බ්‍රසීලය එපා කියයි

ඇමසන් වැසි වනාන්තරයේ මේ වනවිටත් පැතිරෙමින් පවතින ගින්න නිවා දැමීම සදහා G7 කණ්ඩායමේ රටවල් විසින් ලබා දීමට නියමිත ආධාර ලබා නොගැනීමට තමන් තීරණය කළ බව බ්‍රසීල රජය පවසයි.

ප්‍රංශ  ජනපති එම්මෑනුවෙල් මැක්‍රෝන්ගේ මූලිකත්වයෙන් මෙවර G7 සමුළුව ප්‍රංශයේදී පැවැත්විණ. පසුගිය සදුදා අවසන් වූ සමුළූවේදී ඇමසන් අර්බුදය සහ දේශ ගුණික විපර්යාස පිළිබදව මූලිකත්වයක් දී තිබූ අතර එහිදී ඩොලර් මිලියන 22ක ආධාර බ්‍රසීලයට ලබා දීමට තීරණය කර තිබිණි.

මෙසේ මුදල් ප්‍රතික්ෂේප කිරීමට බ්‍රසීල රජය නිශ්චිත හේතවක් දක්වා නොතිබුණ නමුත් පසුගියදා ප්‍රංශයට එරෙහිව බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසා සිටියේ ප්‍රංශය තමන්ට සිය යටත් විජිතයක් ලෙස සළකන බවයි. ඔහු එසේ ප්‍රකාශ කලේ පසුගියදා ප්‍රංශ ජජනපතිවරයා විසින් ඇමසන් විනාශයට බොල්සොනාරෝ ගේ රජය වග කිව යුතු බව ප්‍රකාශ කිරීමත් සමගිනි.

බොල්සොනාරෝ රජයේ ආරක්ෂක ඇමතිවරයා වන අසවේදුද සිල්වා පවසන්නේ ඇමසන් ගින්න පාලනයෙන් තොර වන්නක් නොවන බවත් සෙබළුන් 44000ක් ඒ සදහා යොදවා ඇති බවත්ය.

මෙම ආධාර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ජනපති බොල්සොනාරෝ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඔනික්ස් ලොරෙන්සෝනි පවසන්නේ ” ස්තූතියි නමුත් එම මුදල් වඩාත් ගැලපෙන්නේ යුරෝපයේ යළි වනාන්තර බිහිකිරීම සදහා යනුවෙනි.
මක්‍රොන්ට අඩුම තරමේ ලෝක උරුමයක් වන ඔහුගේ රටේ කතෝලික දේවස්ථානය ගිනි ගන්නා විට නවත්වන්න බැරි වුණා ඔහු දැං අපට පාඩම් උගන්වන්න සූදානම්” ඔහු එසේද පවසා සිටියේය.

G7 රටවල් කියා සිටියේ තමන් ලබා දෙන ආධාර ගිනි නිවීම සදහා ගුවන් යානා වෙනුවෙන් වියදම් කිරීමට මූලිකවම යොදා ගන්නා ලෙසයි. එමෙන්ම ඒ සදහා ප්‍රංශ ජනපති වරයා හමුදා සේනාංකයන් යැවිය හැකි බවද දන්වා සිටියේය.
නමුත් බොල්සොනාරෝගේ රජය මේ වන විට එම ආධාර ප්‍රතික්ෂේප කරන බව දන්වා ඇත. මේ අතර බ්‍රසීල ජනපතිවරයා පවසා සිට්න්නේ තමන් ඊශ්‍රායල් ජනපති බෙන්ජමින් නෙතනයාහු ගේ සහය අනුමත කරන බවයි.

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

27 mins ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

9 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

10 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

24 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago