එසැණ පුවත්

ඩයිනසෝර ඇටකටු සහ ලුසීයාගේ පොසිලය සමග බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගින්නෙන් විනාශ වෙයි.

එහි අභ්‍යන්තර සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව වාර්තා වේ.

රියෝද ජෙනෙයිරෝ නුවර පිහිටා තිබූ මෙම කෞතුකාගාරය, රටේ කෞතුකාගාර විද්‍යාව සම්බන්ධයෙන් පැවති පැරණිතම ආයතනය වේ.

ඇමරිකානු මහද්වීපයන්හි තිබූ පැරණිතම මානව අවශේෂ ඇතුළු අයිතම මිලියන 20 ක් පමණ එහි තිබූ බව විශ්වාස කරන අතර, එයින් වැඩි කොටස දැවී හළු වී යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ඇමරිකානු මහද්වීපයන් දෙකෙහි (උතුරු ඇමරිකාවේ සහ දකුණු ඇමරිකාවේ) ස්වභාව විද්‍යා ඉතිහාසය සහ මානව විද්‍යා ඉතිහාසය පිළිබඳ වැඩිම සාක්ෂි ප්‍රමාණයක් දරා සිටි ස්ථානයයි.

BBC

ඒ අනුව ඩයිනසෝර ඇටකටු මෙන්ම මානව ඉතිහාසයේ පැරණිතම සාමාජිකාව වශයෙන් සැලකෙන ලුසියාගේ පොසිලය ද තැන්පත් කර තිබුණේ මෙහිය. මෙය වසර 12,000 ක් පමණ පැරණි ය.

ගින්නෙන් විනාශ වූ ලුසියා – ඇය ඇමරිකානු මහද්වීපයකින් සොයාගත් පැරණිතම මානව පොසිලය වේ.| Twitter

ප්‍රාග් කොළොම්බියානු යුගයට අයත් විවිධ නෂ්ටාවශේෂ මෙන්ම රෝමානු සහ ඊජිප්තු දේශයෙන් ගෙන ආ වස්තූන් රාශියක් ද මෙහි විය.

1818 වසරේදී මෙම ගොඩනැගිල්ල බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය බවට පත් කරන ලද්දේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධන කිරීමේ මූලික අරමුණ ඇතිව ය.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත. මෙම අනතුරින් කිසිවෙකු තුවාළ ලබා නැති බව ද සඳහන් වේ.

මෙම කෞතුකාගාරය පිහිටා තිබූ ගොඩනැගිල්ල අතීතයේදී පෘතුගාල රාජකීය පවුල පදිංචි ස්ථානය වශයෙන් භාවිතයට ගත් එකකි. එය 200 වැනි සංවත්සරය සැමරුවේ ද මෙම වර්ෂයේදී ය.

ඉරිදා හවස ගිනි ගැනීම සිදු වී තිබෙන්නේ කෞතුකාගාරය වසා දැමීමෙන් පසුව ය. බ්‍රසීල රූපවාහිනිය මගින් විකාශය කළ රූපරාමු මගින් එම ගින්න ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර යන ආකාරය දැක්විණි.

රියෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත්සේවය සමග පවසා තිබෙන්නේ කෞතුකාගාරය අසල පිහිටා තිබූ ජල නළ ද ක්‍රියාවිරහිත වූ බැවින් අසල විලකින් ජලය ගෙනැවිත් ගින්න නිවීමට සිදු වූ බවයි. මුළු ගොඩනැගිල්ලම ගින්නෙන් විනාශ වන තෙක් එය නිවා දැමීමට අපොහොසත් වීමට හේතුව මෙය බවට සැලකේ.

මෙය හුදෙක් බ්‍රසීල ඉතිහාසයේ සංරක්ෂණාගාරයක් පමණක් නොව, රියෝ නගරයේ ප්‍රධානතම සලකුණක් ද විය. 2016 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අති දැවැන්ත මුදල් සම්භාරයක් පොම්ප කිරීමෙන් පසු දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීම හේතුවෙන් මෙම කෞතුකාගාරය කෙරෙහි ද නිසි පරිදි අයවැය වෙන්කිරීමක් පසුගිය වසර දෙක තුළ සිදුවී නොතිබිණි. කෞතුකාගාර සේවකයන් ද අවස්ථා කිහිපයකදීම මෙය නඩත්තුව සඳහා අරමුදල් වෙන් නොකිරීම සහ එය ජරාවාස වෙමින් යාම පිළිබඳ සිය කණගාටුව පළ කර තිබිණි.

මේ අනුව බ්‍රසීල කෞතුකාගාරය ගින්නෙන් විනාශ වීම සැලකෙන්නේ බ්‍රසීලය පමණක් නොව මුළු ලෝකයම මුහුණ දුන් සංස්කෘතික ඛේදවාචකයක් ලෙස ය.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

15 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

16 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

16 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

17 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago