කාලීන

‘ඩීල් නැතිව එන්න!“ යැයි ජෙරමි කෝබින් තෙරේසාට කීවාද? අද බ්‍රිතාන්‍ය පුවත්පත් මුල්පිටු

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් පෙරේදා ගෙන ආ බ්‍රෙක්සිට් යෝජනාව ඓතිහාසික පරාජයක් ලැබීමෙන් අනතුරුව,  කම්කරු පක්ෂයේ ජෙරමි කෝබින් විසින් ඇයට එරෙහි විශ්වාස භංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. කිසිවෙකුත් බලාපරෛාත්තු නොවූ ලෙස එය 325-306 ක් ලෙස ජයගැනීමට ඇයට හැකි විය.

බ්‍රිතාන්‍ය දේශපාලනයේ අතිශය තීරණාත්මක පැය 24 ක් තුළ සිදුවූ මේ පරස්පර සිදුවීම් දෙක සමග, මේ වන විට ජෙරමි කෝබින් විපක්ෂ නායකයා වෙත ජනතා අප්‍රසාදයක් ගොඩ නැගෙමින් තිබෙන්නේ ඔහු රජය කඩාකප්පල් කරන්නට සැරසෙන්නේද යන චෝදනාව ද සමගිනි. මතභේදාත්මක බ්‍රෙක්සිට් ප්‍රශ්නය දඩමීමා කරගෙන ඔහු විසින් තෙරේසා මේ ගේ ආණ්ඩුව ගෙදර යවමින් බ්‍රිතාන්‍යය දේශපාලනික වශයෙන් අස්ථාවර කරන්නට උත්සාහ ගන්නේද?

අද දිනයේ එංගලන්තයේ පළවන සියලුම පුවත්පත්වල මුල් පිටුව වෙන් වී තිබෙන්නේ මේ මාතෘකාව සාකච්ඡා කිරීම සඳහා ය. උද්ගත වූ අර්බුදයට වගකිව යුත්තේ තෙරේසා මේ ද? ජෙරමි කෝබින්ද? නැතිනම් අගමැති තනතුරද?

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත පවසන්නේ පිරිසක් බේරුණු අතර, බේරුණු පිරිස බ්‍රෙක්සිට් යෝජනාවට ඡන්දය ලබාදෙද්දී, බ්‍රිතාන්‍යය තවමත් බ්‍රෙක්සිට් අවහිරය තුළ සිරවී සිටින බවයි.

ද ගාඩියන් පුවත්පත

Financial Times පුවත්පත මේ අතර පැවසුවේ තෙරේසා මේ කුඩා සීමාවකින් විශ්වාසය දිනාගැනීමෙන් අනතුරුව නැවතත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් කටයුතු කිරීම පටන් ගනු ඇති බවයි.

Financial Times

මේ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම දෝෂාභියෝගය පරාජය කරන බව ව්‍යාපාරික ප්‍රජාව කලින්ම දැන සිටි බව ‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත විසින් මෙසේ හෙළි කර තිබිණි. “Hammond tells business chiefs MPs will stop no-deal Brexit”.

The Daily Telegraph

වෘත්තීය මාධ්‍යකරණය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් ඇති බ්‍රිතාන්‍යයේ ‘ද සන්‘ පුවත්පත සිය ප්‍රධාන ශීර්ෂපාඨය වශයෙන් තේරාගන්නේ තෙරේසා මේ විසින්, විශ්වාසභංගය ගෙන ඒමට මුල් වු ජෙරමි කෝබින් හට ඉදිරි සාකච්ඡා සඳහා ඇරයුම් කිරීමයි. “Theresa May dramatically invited Jeremy Corbyn to Downing Street last night for emergency Brexit talks” මේ අතර වත්මන් අර්බුදය වෙනුවෙන් ද සන් පුවත්පත කෝබින් හට දෝෂාරෝපණය ද කරයි. hard left Labour boss – උග්‍ර වාමාංශික කම්කරු බොස්‘ යනුවෙන් මෙහිදී ජෙරමි කෝබින් ව හඳුන්වා දී තිබේ.

The Sun

මේ අතර Mirror පුවත්පත මුල් තැන දෙන්නේ තෙරේසා මේ විසින් එසේ කළ ඇරයුමට ජෙරමි කෝබින් විපක්ෂ නායකයා විසින් ලබාදුන් පිළිතුර වෙත ය. ‘‘ඩීල් නැතුව එන්න. අපි ඉන් පස්සේ බ්‍රෙක්සිට් ගැන කතා කරමු..““Ditch No Deal .. and then we’ll talk Brexit”. එයින් මිරර් පුවත්පත ලබාදෙන චිත්‍රය වන්නේ, තෙරේසා මේ විශ්වාස භංගය ජය ගත්තත්, එසේ වූයේ අවසන් මොහොතේ ජෙරමි කෝබින් විසින් තෙරේසා මේ විසින් කළ ආයාචනයට කන් දීම නිසා බවත්, දැන් සියල්ල පාලනය කරන්නේ ජෙරමි කෝබින් විසින් බවත් ය.

Mirror

මේ අතර එක්සත් රාජධානියේ 3 වැනියට වැඩිම අලෙවියක් සහිත පුවත්පත වන The Daily Mail ශීර්ෂ පාඨයේ ලොකු අකුරින් දක්වන්නේ, තෙරේසා මේගේ ඇරයුමෙන් පසු ජෙරමි කෝබින් ඒ ගැන කතා කිරීමට අගමැති කාර්යාලයට ගිය බවත් ය. ‘‘කඩාකප්පල්කාරී කෝබින්, තෙරේසාගේ දොරට තඩි බායි!“, wrecker Corbyn slams door on Theresa” යනුවෙන් දැක්වේ. ජෙරමි කෝබින් පක්ෂ දේශපාලන ගුණ්ඩු භාවිතා කරමින් සිටින බවට ද එය චෝදනා කරයි.


The Daily Mail

මේ අතර, The Times පුවත්පත, තෙරේසා මේ විසින් කෝබින්ගෙන් ‘අයැද සිටි‘ බව මිරර් පුවත්පත මෙන් නොකියා, ‘‘කෝබින් බ්‍රෙක්සිට් කතාවලට ඇනුම් පද කියයි“ “Corbyn snubs Brexit talks”යනුවෙන් සිය ශීර්ෂපාඨය යොදා ඇත.

The Times

මේ අතර,  Daily Express පුවත්පත දෙපාර්ශවයේම දේශපාලනඥයන් කෙරෙහි සිය කෝපය විදහා දක්වයි. ‘‘ජාතියේ ගෞරවය ඔබට නැති වුණා.“ යැයි ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍යයේ ජනතාවගෙන් 72% ක් විසින් මේ හා සමාන්තරව බ්‍රිතාන්‍ය දේශපාලනයේ සම්පූර්ණ වෙනසක් ඉල්ලා සිටි බව සඳහන් කරමිනි. බ්‍රිතාන්‍ය ජනතාව මෙම බ්‍රෙක්සිට් ගැටළුව දේශාපාලන පද්ධතියේ වෙනසක් ඇතිකිරීම සඳහා ද යොදාගැනීමට නියමිතව සිටි බවත් එම ජනතා අභිලාෂය දෙපාර්ශවයේම දේශපාලකයන් විසින් පාවා දුන් බවත් එයින් අදහස් කරයි.


Daily Express

මේ අතර ස්කොට්ලන්ත පුවත්පත්, තෙරේසා මේ විසින් සිය බලය රැක ගැනීම සදහා සිය සම්පූර්ණ අප්‍රසාදය පළ කර සිටින්නේ කම්කරු නායක ජෙරමි කෝබින්ව ද විවේචනය කරමිනි. ‘‘වැඩකට නැති ආණ්ඩුවක් ඓතිහාසික පරාජයකින් බැට කෑ දිනයට පසු දා තෙරේසා මේ හට කිසිම බලපෑමක් කර ගන්නට කෝබින්ට නොහැකි වූ බව ද නැෂනල් පුවත්පත සඳහන් කරයි. “the day after this useless government suffers a historic defeat, Corbyn can’t even lay a glove on a prime minister with no Brexit plan.”

එම පුවත්පත පවසන්නේ මේ තත්වයට පිලිතුර තවත් ජනමත විචාරණයක් විය හැකි බවයි. ‘‘මේ අවුලෙන් ගොඩ ආ හැකි එකම මාර්ගය ස්වාධීනත්වයයි‘ යනුවෙන් එහි සඳහන් වේ. ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස සලකන බවත්, ස්වාධීන රජයක් බවට පත්වීමේ ඓතිහාසික උවමනාවක් ඔවුන්ට තිබෙන බවත් මෙහිදී අප අමතක නොකළ යුතුය.

The National
Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

9 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

13 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

21 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

22 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago