Entertainment

තමාට සිදු වූ අතවරය ලෝකයා ඉදිරියේ පැවසීමට නොපැකිළුණු Brooke Shields!

Brooke Christa Shields යනු ඇමරිකානු රංඟන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන අතර ඇය ඇයගේ දක්ශතාවයෙන් රසික හඳවත් දිනාගත් සුරූපිනියකි. 1965 වසරෙහි මැයි මස 31 වන දින උපත ලද Shields ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ළමා නිරූපිකාවක් ලෙසය. ඇය වයස අවුරුදු 12 දී Louis Malle ගේ pretty baby (1978) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට අවස්තාවක් හිමි වූ අතර ඒ සඳහා විචාරකයන්ගේ පැසසුම ඈට නොඅඩුව ලැබුණි. ඇය සියනව යොවුන් වියේ අගභාගය දක්වාම නිරූපිකාවක් ලෙස කටයුතු කළ අතර 1980 දශකයේ The Blue Lagoon (1980) සහ Franco Zeffirelli ගේ Endless Love (1981) ඇතුළු නාට්‍ය කිහිපයකම රඟපෑමෙන් තම දායකත්වය ලබා දුන්නාය.

ඡායාරූප; Vanity fair

වසර 30කට වැඩි කාලයකට පසුව ඇය තමාට සිදු වූ අතවරය පිළිබඳ විවෘත වූයේ මන්දැයි බොහෝ දෙනාගේ පැනයක් විය. ඊට පිළිතුරු ලෙස Brooke Shields පැවසූවේ ඒ සිඳුවීම ඔස්සේ ඒ පිළිබඳ කතා කිරීමට පවා ඇයට වසර ගණනාවක් ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරමින් ඊට අනුරූපව ජීවිතය පවත්වාගෙන යෑමට ඇය ඉගෙනගත් බවත් ය.

1987 ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු චිත්‍රපට භූමිකාවන් සොයා ගැනීමට වෙහෙස වූ බව ෂීල්ඩ්ස් සිහිපත් කළාය. දිනක් ඇය ඇයගේපැරණි මිතුරෙකු හමුවීමට උද්යෝගිමත් වූ අතර, ඔහු කැබ් රථයකින් ඇයට නැවත ඔහුගේ හෝටල් කාමරයට පැමිණීමට ආරාධනා කළ බවත් ඇය එහි ගිය පසු සුලු වේලාවකින් ඔහු නිරුවත්ව පැමිණ ඇයට කල තාඩණ පීඩණ සම්බන්ධයෙන් ද ඇය පවසා සිටියා ය. Sundance Film Festival හි දී ඒ පිළිබඳ මෙලෙස ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

“I didn’t fight that much. I didn’t. I just absolutely froze.”

ඇයට වූ සිඳුවීම ඉදිරියේ ඇය ගල් ගැසුනාක් මෙන් පසු වූ බවත්, ඇය ඊට මුහුණ දෙමින් ‘ජීවත්වෙලා ඉන්න, එළියට යන්න.’ වගේම තමන් ගැනම හිතලා වැඩ කටයුතු කරන්නත් තීරණය කළ බවත් පැවසීය.

ඡායාරූප; The Telegraph

“මට අවශ්‍ය වූයේ මගේ මනසින් මෙන්ම ශරීරයෙන් සිඳුවූ සියල්ල මකා දමා මා ගිය මාවතේ ගමන් කිරීමටයි. කිසිවෙක් මට උදව් කිරීමට කිසි විටෙකත්පැමිණ නැත, ඔබ දන්නවාද? ඒ නිසා මට තනියම ශක්තිමත් වෙන්න සිද්ධ වුණා.” ඇය ඇයගේ වීර්‍යයෙන් ජිවීතයට මුහුණ දුන් දිරිය කතක් ලෙස සමාජය ඉදිරියේ මෙසේ පැවසීමට කිසිඳු පැකිළීමක් දැක්වූයේ ද නැත.

ලෝකයේ මිනිසුන් විවිධාකාර බවත්, එකිනෙකාගේ මනෝභාවයක් එකිනෙකට වෙනස් බවත්, තමන් තමන් ගැන ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත්, අනෙකාව විශ්වාස කිරීම කෙරෙහි දෙවරක් සිතිය යුතු බවත් පසක් කර දෙමින් ඕනෑම දෙයකට සාර්ථකව මුහුණ දෙමින් තම පැවැත්ම සකසා යුතු බවත්, පසක් කර දෙමින් Shields අපිට පූර්වාදර්ශයක් සපයමින් මේ පිළිබඳ මෙසේ අවධාරණය කළාය.

ඡායාරූප; Geffen playhouse



නිපුනි ලියනගේ

Share

Recent Posts

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

21 mins ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

10 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

10 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

13 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

15 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

16 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

16 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

22 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

23 hours ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

1 day ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 day ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

2 days ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago