ලොව යන අත

බෘෘනායි රාජ්‍යය සමරිසි ආදරයට ගල් ගසා මැරීමේ අයිතිය වෙනුවෙන් දිගටම!

සොරකම සඳහා අත් පා කපා දැමීම ඇතුළු මෙම ගල් ගසා මැරීමේ නීතිය ක්‍රියාවට නැංවෙන්නට නියමිත ව තිබෙන්නේ තව දින 3 කිනි. එනම් අප්‍රේල් 3 වැනිදා පටන් ය.

2014 වසරේ මුල් වරට මෙම නීති පනවා තිබුණත් මෙතෙක් කල් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

මේ වන විට බෘෘනායි හි මෙම තීරණයට එරෙහිව මුළු ලෝකයම විරෝධය පළ කරන අතර, සුපිරි නළු ජෝර්ජ් ක්ලූනි පවසා තිබුණේ ලොව පුරා බෘෘනායි ධන කුවේරයන් විසින් පවත්වාගෙන යනු ලබන හෝටල් දාමයක් වර්ජනය කරමින් මෙයට තවදුරටත් විරෝධය පළ කළ යුතු බවයි.

ලක්ෂ 4 ක කුඩා ජනගහනයක් ජීවත් වන, එනමුත් තෙල් සම්පතෙන් ආඩ්‍ය බෘෘනායි හි පාලකයා වශයෙන් කටයුතු කරන්නේ අවුරුදු 72 ක් වයසැති, කලෙක ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ද සැලකුණු බෘෘනායි හි සුල්තාන්වරයා වන හසනාල් බෝල්කියා ය. ඔහු ලෝකයේ දෙවැනියට වැඩිම කාලයක් රජකම් කරන ඒකාධිපති පාලකයා ද වේ. නව ෂරියා නීතිය අප්‍රේල් 3 වැනිදා පටන් බලාත්මක වන්නේ ඔහුගේ සෘජු නියෝගයකට අනුව ය.

දැන්, බෘෘනායි රාජ්‍යය මෙම දැඩි ඉස්ලාම් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ගේ අයිතියක් ලෙස සලකන්නේ ඇයි? ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්ක මොනවාද?

බෘෘනායි රාජ්‍යයේ වෙසෙන්නේ ඉස්ලාම් බහුතරයකි. බෘෘනායි රාජ්‍යයට යාබදව පිහිටා තිබෙන්නේ ද මැලේසියානු ප්‍රාන්තයන් වන බෝර්නියෝ දූපත් ය. බෝනියෝ දූපත්වල, මැලේසියාවට සහ ඉන්දුනීසියාවටත් වඩා දැඩි ලෙස ඉස්ලාම් ෂරියා නීතිය දැනටමත් බලපවත්වයි. ගිනිකොණ දිග ආසියාවේ සියලුම මුස්ලිම් රටවලට වඩා බෝර්නියෝ දූපත්වල දැඩි ෂරියා නීතියක් ක්‍රියාත්මක ය. එකී ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව මධ්‍යසාර විකිණීම සහ අන්‍යාගම්කරණය ද සපුරා තහනම් ය.

බෘෘනායි රටේ මැතිවරණ පැවැත්වෙන්නේ නැත. නමුත් එහි ජනතාවගේ බදු බර 0%කි. බදු අය කරන්නේම නැත. නිවාස සහනාධාර, නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය එහි පුරවැසියන්ට ලැබේ.

ඉතින් ඔවුන්ගේ ජීවිත සුවපහසු යැයි කෙනෙකුට කියන්නට පුළුවන. සුබ සාධන කටයුතු සියල්ල රජයෙන් කරනවා නම් රජය කියන නීතියකින් පාලනය වුණාට කමක් නැතැයි ඔවුන් සිතනවා විය හැකිය. වැදගත්ම දෙය, ඔවුන් එසේ නොසිතුවද, එයට විරෝධය පළකළ හැකි ප්‍රජාතන්ත්‍රීය අවකාශයන් ද එරට තුළ නැත.

හිටපු ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් ට්විටර් පණිවුඩයක් හරහා මෙසේ කියයි. ‘‘සමරිසි සේවනය හෝ අනාචාරය සඳහා මිනිසුන් ගල් ගසා මැරීම කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. එයට නිදහසට කාරණා දෙන්නට බැහැ. සංස්කෘතිය හෝ සම්ප්‍රදාය යැයි කියමින් මෙයාකාරයේ වෛරයකට සහ අමානුෂිකත්වයකට ඉඩ දෙන්නට බැහැ..“

මේ අතර,  තවත් පුවතකින් වාර්තා වන්නේ බෘෘනායි රාජ්‍යයට අයත් රෝයල් බෘෘනායි ගුවන් සේවයෙන් අප්‍රේල් මාසයේ මැද හරියේ ලන්ඩන් නුවර බලා යාමට ගුවන් ටිකට්පත් ඇණවුම් කළ  අවුරුදු 27 ක සහ 29 ක සමරිසි තරුණයන් දෙදෙනකුට එම ගුවන් ටිකට්පත් අවලංගු කර ගන්නැයි ගුවන් සේවයේ නියෝජිතයෙකු විසින් කියා තිබේ. ඉන්පසු දෙවැනි නියෝජිතයෙකුට ශවුන් කතා කළ විට ඔහු කියා තිබෙන්නේ ‘If you act heterosexual you should be fine.’ – ‘‘ඔබලා විෂමලිංගිකයන් විදිහට හැසිරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ!‘ යනුවෙනි.

එනම්, ඔවුන්ගේ ගුවන් ගමන සිදුවන්නේ අප්‍රේල් 3 වැනිදායින් පසුව නිසා, එනම් නව ෂරියා නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව නිසා, බෘෘනායි ගුවන් සේවයේ ගමන් කරන්නට නම් සමරිසියන් නොව විෂමරිසියන් බවට ඔවුන් පත් විය යුතුය කියා ය.

කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවය හෝ ලිංගික දිශානතිය පරම මානව හිමිකමක් ලෙස සලකන දියුණු ලෝකය තුළ බෘෘනායි රාජ්‍යය පැහැදිලිවම මේ ‘ගල් ගසා මැරීමේ නීතිය‘ හරහා නැවත වරක් ගල් යුගය දක්වා ගමන් ගනිමින් සිටියි.

අවසානයේ, අප්‍රේල් 3 වැනිදා පටන් බෘෘනායි රාජ්‍යය සමරිසියන්ට ගල් ගසා මරණ හැටි බලා සිටින්නට ලෝකයට සිදු වී තිබේ.

බෘෘනායි රාජ්‍යය නැමති පුංචි රට අපට කියා දෙන ලොකු පාඩම වන්නේ ආගම සහ රාජ්‍යය එකිනෙකින් වෙන් කර තැබීම මනුෂ්‍යත්වයට කොතරම් නම් සුවදායක වන්නේද යන්න මිස අන් කිසිවක් නොවේ.

පෙර ලිපි-

සමරිසියන්ට ගල් ගසා මරන්නට නියම කර බෘෘනායි රාජ්‍යය නැවත ගල් යුගයට යයි!

බෘෘනායි හි සමරිසි වරදට එරෙහිව සුපිරි නළු ජෝර්ජ් ක්ලූනිගෙන් කනේ පහරක්

Share

Recent Posts

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

11 hours ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

12 hours ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

13 hours ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

15 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

23 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

1 day ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

2 days ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

2 days ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

2 days ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

2 days ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

2 days ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

3 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

3 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

3 days ago