එසැණ පුවත්

හොලිවුඩ් තරු ද ඇතුළුව 250,000 කගේ නිවෙස් ලැව්ගින්නට බිලි!

උතුරු හා දකුණු කැලිෆෝනියා ජනපද සිසරා පැතිර යන මෙම විශාල ලැව් ගින්නෙන් මේ දක්වා අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

කැලිෆෝනියාවේ පැරඩයිස් ප්‍රදේශයේ පමණක් 35 දෙනෙක් ආගිය අතක් නැත.

දකුණුදිග වෙරළ පාරාදීසයක් වන මාලිබු යනු, බොහෝ හොලිවුඩ් තාරුකාවන්ගේ මන්දිර පිහිටා තිබෙන පෙදෙසයි. මේ වන විට මාලිබු හි වැඩි කොටසක් ගිනිබත් වී තිබේ.

BBC

පසුගියදා පුද්ගලයන් 12 දෙනෙකුට මරු කැඳවමින් උන්මත්තක සුදු ජාතික තරුණයෙකු විසින් වෙඩි තැබීම සිදුකළ තවුසන්ඩ් ඕක්ස් ප්‍රදේශය ද අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කැලිෆෝනියා ආණ්ඩුකාර කාර්යාලය මෙසේ පවසයි. ‘‘සිදුවී තිබෙන මහා විනාශයේ තරම, සිතාගත නොහැකි තරම්.‘‘

USA Today

මේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැළෑ කළමනාකාරණය නිසි පරිදි කර නැති වීම මේ ලැව්ගිනිවලට හේතුව යැයි බලධාරීන්ට දොස් කියා තිබේ. වනාන්තර කළමනාකරණය සඳහා වෙන් කර ඇති අරමුදල් කපා හරින බව ද ඔහු කියා ඇත.

කාලගුණ විශේෂඥයන් පවසන්නේ ලබන සතිය පුරාවට ද මෙම අවදානම් සහගත ලැව්ගිනි තත්වය පැවතිය හැකි බවයි.

REUTERS

මේ වන විට මාලිබු හි ජනාකීර්ණ ප්‍රදේශ දක්වා ලැව් ගින්න ඇදී යමින් තිබෙන අතර, සියලුම ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ.

එකවර ලැව් ගිනි සමූහයක්!

පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම ලොස් ඇන්ජලීස් නගරයට සැතපුම් 40 ක් පමණ දුරින් පිහිටි තවුසන්ඩ් ඕක්ස් අසල ලැව් ගිනි හටගත්තේය. ඒ සමගම ඒ අසල පිහිටා තිබෙන හිල් ෆයර් ප්‍රදේශය ද ගිනි ගන්නට පටන් ගත්තේය. සිකුරාදා වන විට Highway 101 ප්‍රදේශයට ලැව්ගිනි පැතිරුණේය. ඉන්පසු ඒවා වෙරළබඩ දක්වා පැතිරී ගියේය. මේ වන විට මෙම ලැව්ගිනි කලාපය හෙක්ටයාර 14,150 ක් හෙවත් අක්කර 35,000 ක් දක්වා පැතිරී තිබේ.

ට්විටර් හරහා කිම් කර්ඩෂියන් පවසා තිබෙන්නේ රැප් ගායක කන්යේ වෙස්ට් සමග තමන් ජීවත් වූ නිවස ගින්නට හසු වී දැවී ගිය බවයි.

ලස් වේගස් හි ප්‍රසංගයකට සහභාගි වෙමින් සිටි සුපිරි ගායක ෂර්, මාලිබු හි පිහිටා තිබෙන සිය නිවස ගැන දුක්වන බව ද ට්විටර් හරහා පෙනී ගියේය.

ගායිකා ලේඩි ගාගා, තමන් මාලිබු හි නිවෙස අතහැර ගිය බව ඉන්ස්ටර්ග්‍රෑම් හරහා කියා සිටි අතර, ඇය විසින් පෝස්ට් කළ වීඩියෝවේ කළු පාට දුමාරය පසුබිමින් දැක්වේ.

ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂ ගුලියාමෝ ඩෙල් තෝරෝ ට්වීට් කර තිබෙන්නේ තමන්ගේ අගනා කෞතුක වස්තු සහ ෆැන්ටසි/හොරර් භාණ්ඩ එකතුවක් අත හැර දමා තමන් නිවසින් පළා ආ බවයි.

මෙම ගින්න හේතුවෙන් Westworld රූපවාහිනී මාලා නාටකය සඳහා යොදාගත් පසුතලයක් ද සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති බව පැවසේ.

අක්කර 20,000 ක භූමි භාගයක් ගිල ගනිමින් බ්‍රහස්පතින්දා දිනයේම ප්ලූමස් ජාතික වනෝද්‍යානයෙන් ගින්නක් හටගත් අතර, එය මද වේලාවකින් අසල පිහිටා තිබෙන පැරඩයිස් නරගය වෙත ද පැතිරුණේය.

‘‘කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ“ යැයි ගිනි නිවන භටයෙක් පැවසුවේය.

මේ අතර බීබීසී පුවත්සේවයේ ජේම්ස් කුක්, කැලිෆෝනියාවේ පැරඩයිස් නුවර සිට මෙසේ ලියයි.

‘‘පාරාදීසය (පැරඩයිස්) දැන් අපායක් වී තිබේ.!“

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

4 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

5 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

6 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

6 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

20 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

23 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

23 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago