කාලීන

වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් මට්ටම වසර මිලියන 3කට පසු දරුණුම අගයේ!

මෙයට පෙර, එනම් වසර මිලියන 3කට පෙර එය මේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයට ළඟා වූ අවස්ථාවේදී මිහිතලයේ සමස්ත රත්වීම සෙල්සියස් අංශක 2-3 අගයකට විචලනය විය.

අංශක දෙක තුනක් යනු ගණන් ගත යුතු දෙයක් නොව් යැයි ඔබට සිතෙන්නට පුළුවන.

නමුත් එහි ප්‍රතිඵලයක් ලෙසට සාගර ජල මට්ටම මීටර 10-20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගියේය.

මෙවරත් එය එසේ සිදුවුවහොත් මුලින්ම ගිලී යන දූපත් රාජ්‍යයන් අතරට මාලදිවයින පමණක් නොව ලංකාව ද එක්වීමට ඉඩ තිබේ.

දේශගුණික විපර්යාස යනු ලෝකය වඩාත්ම නොසලකා සිටින, නමුත් ලෝකයේ අවධානයට වඩාත්ම ලක්විය යුතු පාරිසරික ගැටළුවයි. එයින් ඔබ අවදිවීමට ගංවතුරක් ඔබේ ජනේලයේ මට්ටමට පැමිණෙන තෙක් හෝ සුළිකුණාටුවකින් ඔබේ නිවසේ වහලය ගසාගෙන යන තෙක් සිටිය යුතු නොවේ.

එසේ බලා සිටිනවා නම් ඔබ ප්‍රමාද ය. එයට හේතුව දැනටමත් මිනිස් වර්ගයා, මේ ගැටළුවේදී ප්‍රමාද වැඩි වී සිටීමයි.

හරිතාගාර වායු මාරයා

මේ වන විට පෘථිවි වායුගෝලය මුහුණ පා සිටින අභියෝගාත්මකම ඛේදවාචකය වන්නේ, පාරිසරික ඉලක්ක සහ යථාර්ථය අතර ඇති පරස්පරයයි.

එය දිග කතාවකි. හරිතාගාර වායු විමෝචනය මිහිතලය උණුසුම් වීමේ ප්‍රධානතම කාරකය බවට හඳුනාගෙන දශක ගණනාවක් ගත වී ඇතත් මේ දක්වා ද හරිතාගාර වායු විමෝචනය අවශ්‍ය මට්ටමට අඩු කර ගැනීමට මිනිසා සමත් වී නැත.

ලෝකයේ සෑම රටක්ම පාහේ එය කරන බව කියා තිබුණත්, මේ වන විට ලෝකය ගිල ගනිමින් සිටින හරිතාගාර වායු විමෝචනයේ ඉහළ යාම මෙසේ ය.

මීතේන් වායුව – 259%
නයිට්‍රස් ඔක්සයිඩ් – 123%
කාබන්ඩයොක්සයිඩ් – 149%

(Source: WMO)

ගවයන්ගේ ප්‍රශ්වාස වාතයෙන් 95%ක්ම අඩංගු වන්නේ මීතේන් ය. දිනකට මීතේන් ලීටර 500 ක් බැගින් උන් විසින් පරිසරයට මුදා හැරීම සිදු කෙරේ. මීතේන් වායුව ලෝකයේ දරුණුතම හරිතාගාර වායුවකි.

Cattlefeeders.ca

මෙය වසර 30කට පෙර පෘථිවි වායුගෝලයේ පැවති කාබන්ඩයොක්සයිඩ් මට්ටමට වඩා 43%ක සමස්ත ඉහළ යාමකි.

මේ නව සංඛ්‍යාලේඛන එළිදුටුවේ හුදෙක් වායු විමෝචන (emissions) පමණක් නොව සම්පූර්ණ වායු සංඝනීකරණයන් (gas concentrations) පිළිබඳ සිදුකළ The State and the Variation og Greenhouse Gases in the Stmosphere නමැති අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස ය.

වායු විමෝචන හා සංඝනීකාරක අතර ඇති වෙනස

පෘථිවියේ ක්‍රියාකාරකම්වලින් හරිතාගාර වායු විමෝචනය වීමෙන් අනතුරුව ඒවා අපේ ගොඩබිම, මුහුද සහ වායුගෝලය සමග ප්‍රතික්‍රියා කරන්නට පටන් ගනියි.

හරිතාගාර වායු අතරින් කාබන්ඩයොක්සයිඩ් මේ අතරින් සුවිශේෂ ය. වායුගෝලයට විමෝචනය වන සියලු කාබන්ඩයොක්සයිඩ්වලින් 1/4 ක් පමණ උරා ගන්නේ (අවශෝෂණය කරන්නේ) සාගරය විසිනි. මේ කාරණය, සාගරයට අප කොතරම් කෘතඥ විය යුතුද යන්න නැවත වරක් පසක් කර දෙයි.

එසේ සාගරය විසින් අවශෝෂණය කර නොගෙන ඉතිරි වන කාබන්ඩයොක්සයිඩ් අංශු ඉහළ වායුගෝලයේ ‘ග්‍රීන් හවුස් ගෑස් කන්සන්ට්‍රේෂන්ස්‘ හෙවත් ‘හරිතාගාර වායු සංඝනීකාරක‘ වශයෙන් ඉතිරි වේ.

එහි බලපෑම ඔබ – අප සිතනවාට වඩා බරපතළ ය.

ඒවා වායුගෝලයේ ස්ථර වශයෙන් රැඳී තාප විකිරණය හෙවත් අධෝරක්ත කිරණ උරා ගනිමින් පෘථිවියේ උෂ්ණත්වය තව තවත් ඉහළ දමයි. එනම් මිහි මඬල තව තවත් රත් කරයි.

අනාගත පරම්පරාවලට දඬුවම්

එහි ප්‍රතිඵලය ලෙස දඬුවම් විඳිනු ඇත්තේ අනාගත පරපුර ය. ඉහළ යන සාගර ජල මට්ටම් සහ දරුණු කාලගුණික තත්වයන් (extreme weather)වලින් ඔවුන් පීඩාවට පත් වනු ඇත.

අප ජීවත් වන රටවල් හරිතාගාර වායු විමෝචනය අවම කර ගැනීම සඳහා කර ඇත්තේ මොනවාද?

2019 වසරේ වචනය ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විසින් හඳුන්වා දුන් ‘ක්ලයිමේට් ඉමර්ජන්සි‘ (Climate Emergency) පිළිබඳ ඔබ දන්නවාද? මේ පිළිබඳ අප විසින් මීට පෙර ලිපියක් පළ කර ඇත. (කියවන්න – ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2019 වසරේ වචනය Climate Emergency)
‘දේශගුණික හදිසි තත්වය‘ ලෙස සිංහලයට පරිවර්තනය කළ හැකි මෙම වචනයෙහි අර්ථය වන්නේ ‘‘දේශගුණික විපර්යාස අවම කිරීම හෝ නැවැත්වීම සහ එයින් ඇතිවිය හැකි ආපසු හැරවිය නොහැකි පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගත යුතු තත්වයක්‘ යනුවෙනි. මෙම වචනයේ භාවිතය 2019 වසර තුළ 10796%කින් ඉහළ ගොස් තිබේ.

එය අපට නැවත වරක් ඉඟි කරන්නේ කුමක්ද?

හරිතාගාර වායු විමෝචන අවම කර ගන්නා ඉලක්කය අප විසින් සපුරා නොගතහොත් පෘථිවියේ ඉදිරි අනාගතයම ‘දේශගුණික හදිසි තත්වයක්‘ බවට පත් විය හැකි බවයි.

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

4 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

5 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

6 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

7 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

7 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

21 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago