චීනයේ මානව හිමිකම් පිළිබඳව අති දක්ෂ ක්‍රියා කාරිකයෙක් මෙන්ම නීතිඥවරයෙක් වූ වංග් ක්වාන්සන්ග් ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා චීන රජය විසින් පියවර ගෙන තිබේ. ඒ ඔහු රට තුළ දේශ පාලන විප්ලවයක් කිරීම සඳහා සූදානම් වූවා යන චෝදනාව මත 2015 වසරේදී සිට රඳවා ගැනීමෙන් අනතුරුවය.
එරට තහනමට ලක් කර ඇති ආධ්‍යාත්මික ව්‍යාපාරයක් වන ෆැලන්ග් ගොන්ග් ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරීන් සහ අනුගාමිකයන් වෙත ආරක්ෂාව සැළසීම සහ ස්වීඩන් ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සමග කටයුතු කිරීම යන චෝදනා ද ඔහුට එරෙහිව එල්ල වී ඇත.
2015 වසරේ අගෝස්තුවේ සිට ඔහුද ඇතුළු තවත් චීන ජාතික නීතිඥයන් 200 දෙනෙක් හිටි හැටියේ අතුරු දහන් වූ අතර ඔවුන්ගෙන් බෙහෝමයක් දෙනා රජයේ ආරක්ෂක බලධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන ඇති බවට තොරතුරු අනාවරණය විය. ජනපති ක්ෂී ජින්ග් පින්ග් ගේ විධානයක් අනුව මෙසේ නීතිඥ වරුන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනුන අතර එය “709 crackdown” ලෙස හඳුන්වයි.
නමුත් ඊයේ දිනය වන තුරුත් වංග් ක්වාන්සන්ග් පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය නොවූවද පොලීසිය මේ වන විට ඔහුව නීතිය ඉදිරියට රැගෙන විත් තිබීම පිළබඳව මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු චීන ජාතිකයන් රැසක් චීන රජයට සිය විරෝධතාව පල කරමින් සිටී.
ඔහුව ඉදිරිපත් කළ අධිකරණය වටා රැස්වෙමින් බහුතරයක් දෙනා සිය විරෝධතාව ප්‍රකාශ කළ අතර විදෙස් නියෝජිතයන්ට මෙන්ම ක්‍රියාකාරීන්ටද, මාධ්‍යවේදීන්ට ද ධිකරණය අවට කලාපය තහනම් කර තිබූ බවක් දැකිය හැකි විය.
ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානයක් වන අම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හී පර්යේෂක ඩොරෝන් ලෝ පැවසුවේ චීනය විසින් ක්වාන්සන්ග් ගේ නඩු දිනය දෙසැම්බර් 26 වනදාට නියම කරන ලද්දේ හිතා මතාම බවත් ඒ ජාත්‍යාන්තර ආයතන රැසක නිවාඩු දිනයක් වන බැවින් බවත්ය.
මින් පෙර රඳවාගෙන සියි නීතිඥවරුන් 200 දෙනා අතරින් වැඩි පිරිසකට මේ වන විට සිර ගත කර ඇත.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…