ඒ අනුව, චීන විදේශ අමාත්‍යංශය අද (18) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චීනය සිය භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨානශීලී පියවර ගන්නා බවත්, ඇමරිකාව තායිවානය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වීම හරහා චීනය ගත් ක්‍රියාමාර්ගලය පිළිබඳ වැරදි විනිශ්චයක් සිදු නොකරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.
ඊයේ (17) දින එක්සත් ජනපදය සහ තායිවානය අතර, අර්ථවත් ආර්ථික ප්‍රතිඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ප්‍රකාශයට පත් කෙරුණු අතර, එක්සත් ජනපදය තායිවානය සමඟ පවත්වා ගන්නා මෙම මිත්‍රත්තවය තායිවානය යනු තවමත් චීනයේ කොටසක් බවට විශ්වාස කෙරෙන පාර්ශවයන්ගේ දැඩි නොසතුටට හේතු වී තිබේ.
තායිවානය චීනයෙන් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් පාලනයක් පවත්වා ගන්න අතර, චීනය ස්වෛරීභාවය නිර්වචනය කරන අන්දමට අනුව කටයුතු නොකරන රාජ්‍යයකි.
මෙහිදී චීනයේ ස්ථාවරයට පක්ෂපාතී අන්දමින් රුසියාව ද ප්‍රතිචාර දක්වා ඇති අතර, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පවසන්නේ, තායිවානයේ ස්වාධීනත්වයට එක්සත් ජනපදය සහාය ලබා දීම හරහා ආසියානු පැසිෆික් කලාපයේ ද නේටෝ සංවිධානය වන් යුධ එකමුතුවක් බිහි කිරීම එක්සත් ජනපදයේ අරමුණ වී ඇති බවයි.
චීනයේ සෙවණැල්ලටම මුවා වී ගොස් ගොස් චීනයට යාබද රාජ්‍යයකට සහාය පළ කිරීම හරහා චීනය ලොව පුරා ආර්ථික වශයෙන් ඇතිකර තබෙන බලපෑම දියාරු කිරීම ඇමරිකාවේ ප්‍රයද්නය වී තිබේ.
ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ආසියානු පැසිෆික් කලාපයේ විවිධ පාර්ශවයන් කුපිත කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බවත්, ඉකුත් දින ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි සිදුකළ ප්‍රකාශය සහ ඇගේ තායිවාන සංචාරය මීට කදිම නිදසුනක් බවත් ය.
මෙහි දී තායිවානය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් කටයුතු කිරීම වරදක් නොවන අතර, ලෝක බලවතකු ඊට සහයෝගය ලබා දීමද වරදක් නොවේ. එහෙත්, දේශපාලනික වශයෙන් ගෝලීය ආර්ථික මාවත සිය ග්‍රහණයට නතුකර ගැනීමේ අභිලාෂය මත චීනයට එළිපිට යුධ ප්‍රකාශ කරන්නක් මෙන් එක්සත් ජනපදය කටයුතු කිරීම සහ චීනය මීට ප්‍රතිචාර දක්වන අන්දම දැන දැනම චීනයේ ගතානුගතික දේශපාලන මතධාරීන් කුපිත කරවීම අනුමත කළ හැක්කක් නොවේ.
මීට චීනය ප්‍රතිචාර ලබා දී ඇති අන්දම අනුව, සිය ඊනියා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට යම් යුධ ක්‍රියාන්විතයක් දියත් කිරීමට ඔවුන් කටයුතු කළහොත්, දැනටමත් ගෝලීය වශයෙන් ඉන්ධන, බලශක්ති, ආහාර ඇතුළු විවිධ අර්බුද රැසකට මුල පිරීමට හේතු වී ඇති රුසියානු – යුක්රේන යුද්ධයට අමතරව දරුපරපුරු වල අනාගතය විනාශ කරන තවත් සන්නද්ධ අරගලයකට මුල පිරීම වැළැක්විය නොහැකි වනු ඇත.
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…