කාලීන

Exclusive: ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වෙත ලෝකය අසාමාන්‍ය ලෙස නතු වෙමින් තිබියදී, දැනට භාවිතයේ ඇති කෝවිඩ්-19 එන්නත් මෙයට විසඳුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු ව ඇත.

B.1.617.2 යනුවෙන් විද්‍යා ලෝකය හඳුනාගන්නා ඩෙල්ටා වේරියන්ට්, මාදිලි 3 ක එකතුවකි. එය සෙසු වෛරස් මාදිලි අබිබවා යාමත්, අනෙක්වාට වඩා වේගයෙන් ව්‍යාප්ත වීමටත් සමත් නිසා එය මේ වන විටත් ලෝකය බිය වද්දා ඇති බව කිව හැක.

2020 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හමුවුණු මෙම වෛරස් මාදිලිය මේ වන විට යුරෝපය සහ ඇමරිකාව දක්වා ද පැතිර ඇත. එයට ‘ඩෙල්ටා වේරියන්ට්‘ යන නම ලබාදුන්නේ ජූනි මස මුල ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනි. එය එවකට පැවති ඇල්ෆා වේරියන්ට් සහ දකුණු අප්‍රිකානු ප්‍ර භේදය වන බීටා වේරියන්ට් මාදිලිවලට වඩා සීඝ්‍ර යෙන් පැතිරෙන බවත්, අවදානමෙන් අධික බවත් වැඩි කල් නොගොස්ම අවබෝධ විය.

කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ මහාපරිමාණ එන්නත්කරණය වේගවත් කිරීම මගින් මෙම මාදිලියේ ව්‍යාප්තිය මැඩ පවත්වාගත හැකි බවයි.

ඒ අනුව දැනට ලෝකයේ භාවිතා වන එන්නත් අතරින් Johnson & Johnson වැක්සිනයේ එක් මාත්‍රාවක් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදයට 60%ක් සාර්ථක ලෙස පිළිතුරු දෙයි. ඇස්ට්‍රා සෙනිකා (AstraZeneca) එන්නත ද මාත්‍රා දෙකම ගත් විට 60%ක ආරක්ෂාවක් ලබාදෙයි.

mRNA වැක්සින් ඩෙල්ටා වේරියන්ට් සඳහා හොඳ ප්‍රතිඵල ලබාදෙන බව සොයාගෙන ඇත. ඒ අනුව  Moderna සහ Pfizer/BioNTech එන්නත් ඉන්දියානු මාදිලිය ද සාර්ථක ලෙස මැඩ පවත්වනු ඇත. නමුත් ඒ සඳහා එන්නත්වල මාත්‍රා 2 ම ලබාගත යුතු අතර, එවිට, 88%ක් ප්‍රතිශතයකින් ප්‍රතිශක්තිය ඇති කරයි. මේ අතර ලැන්සැට් ජර්නලය පවසන්නේ මෙම ආරක්ෂාව 79%ක් ද විය හැකි බවයි.

නමුත් Moderna, AstraZeneca, සහ Pfizer එන්නත්වලින් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් විට අපේක්ෂා කළ හැක්කේ 33%ක ආරක්ෂාවක් පමණි.

මෙහිදී මතක තබාගත යුතු කාරණයක් වන්නේ මෙම වැක්සින් නිෂ්පාදනය කළේ මූලික වශයෙන්, කලින් පැවති ඇල්ෆා මාදිලියට පිළිතුරක් ලෙස බවයි. ඩෙල්ටා මාදිලියේ බැරෑරුම් බව පෙන්වා දෙමින්, ඇල්ෆා මාදිලිය සඳහා 92%ක ආරක්ෂාවක් ලබාදෙන ෆයිසර්/බයොන්ටෙක් වැක්සින, ඩෙල්ටා මාදිලියට ලබාදෙන්නේ 79%ක ආරක්ෂාවකි. මේ අන්දමින්ම ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ඩෙල්ටා මාදිලිය සම්බන්ධයෙන් 73%සිට 60% දක්වා අඩු වී තිබේ.

සාමාන්‍යයෙන් ඕනෑම කෝවිඩ් එන්නතකින් අපේක්ෂිත ආරක්ෂාව ලැබෙන්නේ දෙවැනි මාත්‍රාවද ගෙන සති 2 කට පසුව ය.

මේ අතර රුසියාවේ Sputnik V වැක්සින් කණ්ඩායම (Gamaleya Center) ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙන්නේ අන් සියලු වැක්සිනවලට වඩා තමන්ගේ ස්පුට්නික් වැක්සිනය ඩෙල්ටා වේරියන්ට් සඳහා ආරක්ෂාව සලසන බවයි. කෙසේ නමුත් එය වෙනත් රටවල සායනික පරීක්ෂාවලින් තවම තහවුරු වී නැත.

චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

ලංකාව ද ඇතුළ බොහෝ අඩු ආදායම් රටවල් මේ වන විට කෝවිඩ්-19 වසංගතයට පිළිතුරක් ලෙස ලබාගන්නේ චීනයේ නිෂ්පාදිත Sinovac හෝ සිනොෆාම් එන්නතයි. වාර්තාවලට අනුව දකුණු දිග චීනයේ ද මේ වන විට ඩෙල්ටා වේරියන්ට් ඉන්දියානු මාදිලිය වේගයෙන් පැතිර යමින් තිබේ.

ඉන්දුනීසියාවේ වෛද්‍ය වෘත්තිකයන් 350 ක් පමණ දෙනා ලබාගත්තේ චීන Sinovac එන්නත වන අතර, මේ වන විට ඔවුන් දැඩි සේ ඉන්දියානු මාදිලියට ගොදුරු වෙමින් තිබේ. චීන වැක්සින් ලබාගෙන තිබුණත් මේ වන විට ඉන්දුනීසියාව පුරා කෝවිඩ් රැල්ල පැතිරෙමින් තිබේ.

චීන වැක්සින් ලබාගත් ඉන්දුනීසියාව වේගයෙන් වසංගතයට ගොදුරු වෙමින් තිබේ. (Photo by Timur Matahari / AFP)

මේ අතර, ඉන්දියානු මාදිලියට පිළිතුරු ලබාදෙන්නේ නැතිනම්, තමන් එන්නත්කරණ වැඩපිළිවෙළ අත්හිටුවන බවක් කියා තිබෙන්නේ කොස්ටාරිකා රාජ්‍යයයි. ඒ අනුව සායනික දත්ත පරීක්ෂාවෙන් පසුව කොස්ටා රිකා හි සෞඛ්‍ය බලධාරීන් Sinovac වැක්සිනය බෙදාහැරීම ප්‍රතික්ෂේප කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් සහ සිනොෆාම් එන්නත් දෙකම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාඇති බව සත්‍යයකි. නමුත් 50% අවම ඵලදායීතා සීමාව සලකන විට Sinovac එන්නත වාර්තා කර තිබුණේ 51% ක් බව ද අප අමතක නොකළ යුතුය.

මේ අතර, චීන වැක්සින ලබාගත් සීෂෙල්ස් රාජ්‍යය අතිශය වේගයෙන් කෝවිඩ් වසංගතයට ගොදුරු වෙමින් තිබියදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු වන හුවා චුන්යින්ග් වෝල් ස්ට්‍රීට් ජර්නලය සමග සීෂෙල්ස් වසංගත රැල්ල ගැන පවසා තිබුණේ ‘‘හැම අවස්ථාවදීම චීනය අවමානයට ලක් කරන මානසික සැකසුම නිසා මෙසේ සිදුවන බවයි! (“exposes their unhealthy mind-set of denigrating China at every turn.” )

ජනගහනය ලක්ෂයක් පමණක් වන නිසා, ජනගහනයෙන් වැක්සින් ලබාගත් ප්‍රතිශතය අනුව සීෂෙල්ස් අයත් වන්නේ ‘ලෝකයේ වැඩිපුරම එන්නත්කරණය කළ රට‘ (‘most vaccinated country’) ලෙස ය. ඒ අනුව ලෝකයේ වැඩිපුරම එන්නත් විදගත් රටටත් වැඩ වැරදුණේ චීන එන්නත විදගත් නිසාද..?

චීනය වැක්සින් හැදූ හැටි සහ බෙදූ හැටි

කෝවිඩ් ගෝලීය වසංගත සමයේදී චීන විදේශ ප්‍රතිපත්තියේ එක් වැදගත් සාධකයක් වූයේ එන්නත් බෙදා හැරීමයි. විශේෂයෙන්ම දුප්පත්ම රටවලටත්, වෙනත් වැක්සින් ලබාගැනීමට වත්කමක් හෝ හැකියාවක් නැති රටවලටත් චීන වැක්සින් බෙදා හැරීම සිදුවිය. වැක්සින් මිලට ගත හැකි රටවලද චීනය වැක්සින් විකිණීම ද සිදුකළේය. හංගේරියාව එයට උදාහරණයකි. හංගේරියාව චීනයෙන් වැක්සින් මිලට ගත්තේ, ලෝකයේ මිල අධිකම වැක්සිනයක් බවට චීන වැක්සිනය පත් කරමිනි.

චීනය,  සිය වැක්සින ගුණාත්මක බවින් ඉහළ බව හැම විටම පවසන්නේය. සායනික පරීක්ෂාවල අවසන් අදියරට පෙර පවා ඔවුන් ඒ බව නැවත නැවතත් කියා සිටියේය. චීනය, ‘පියර් රිවීව්ස්‘ ජර්නලවල සිය සායනික දත්ත ප්‍රකාශනය කිරීමට ද ඉක්මන් වූයේ නැත. අවසානයේ එසේ කළ විට ද හෙළි වූයේ ‘සිනොෆාම් එන්නත නිදන්ගත රෝග පවතින අය, කාන්තාවන් සහ වියපත් වැඩිහිටියන් සම්බන්ධයෙන් සායනික පරීක්ෂාවන්ට ලක් කර නැති බව‘‘ ය.

චීන වැක්සින් ගැන අප තවමත් හරිහැටි දන්නේ නැත

සිනොවැක් සහ සිනොෆාම් එන්නත් ඩෙල්ටා වේරියන්ට් සමග ප්‍රතික්‍රියා කරන ආකාරය පිළිබඳ දත්ත නොමැති අතර, චීනය සායනික දත්ත සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් අතීතයේ සිටම දක්වා නැති බව ද සිතට ගත යුතුය.

අප්‍රේල් මාසයේ පැවති සම්මන්ත්‍රණයකදී චීනයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාඕ, චීන වැක්සින්වල ගුණාත්මකභාවයේ ගැටළුව පිළිගත්තේය. ‘දැනට තිබෙන වැක්සින්වල ගුණාත්මක බව පිළිබඳ ගැටළුව විසඳීමට‘ තමන් කටයුතු කරමින් සිටින බව ඔහු කීවේය. චීන බලධාරීන් ගාඕගේ අදහස් දැක්වීම විගස ප්‍රතික්ෂේප කරමින් විශාල කැම්පේන් එකක් ගෙන ගියහ. පසුව චීනයේ රාජ්‍ය මාධ්‍ය හරහා පෙනී සිටිමින් ගාඕ පැවසුවේ, මෙම සිද්ධිය ‘වැරදි වැටහීමක්‘ බවයි.

ඉතින් චීන වැක්සින් ගැන අප පවා චීනයවත් හරිහැටි නොදන්නවා වීමට ඉඩ තිබේ.

මූලාශ්‍ර –

China’s Sinovac Vaccine Under Scrutiny As Covid Soars In Highly Vaccinated Countries

Delta COVID variant: Does Johnson & Johnson vaccine work against the new coronavirus strain?Seychelles COVID-19 Surge: Are Vaccines Not Working In World’s Most Vaccinated Country?

Covid-19: How vaccines work against the Delta variant

The Covid Delta variant: how effective are the vaccines?

Gottlieb says Delta virus variant likely to become dominant U.S. strain

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

7 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

8 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

22 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago