ලොව යන අත

ඩොනල්ඩ් ට්‍රම්ප් – ‘සුදු ගෙදරින්‘ සිර ගෙදරට?!

ට්‍රම්ප් නීතීඥයා පාවා දෙයි – ට්‍රම්ප්ගේ පව්වලට නීතීඥයා සිපිරි ගෙයට!

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනපති පදවියට පත්වීමට පෙර ලිංගික සේවා ලබාගත් කාන්තාවකට අයථා ලෙස මුදල් ගෙවීමේ සිද්ධිය ඇතුළු තවත් චෝදනා ගණනාවකට එවකට ඔහුගේ නීතීඥයා වන මයිකල් කොහෙන් හට වසර 3 ක සිර දඬුවමක් නියම වී තිබේ.

මෙම සිර දඬුවම 2019 මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත ය.

රහසක් රැක ගැනීම වෙනුවෙන් ගෙවන මුදල්වලට කියන්නේ ‘හෂ් මනි‘ (hush money) කියා ය. ස්ටෝමි ඩැනියෙල්ස් නමැති ට්‍රම්ප් සමග ලිංගික කටයුතුවල යෙදුණු කාන්තාව එම රහස රැක ගැනීම සඳහා ඇය ව නිහඬ කරවීමට ට්‍රම්ප් විසින් මයිකල් කොහෙන් හරහා මුදල් ලබාදී තිබෙන්නේ 2016 ජනාධිපතිවරණ සමයේදී ය. එම මුදල්, ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ අරමුදල්වලින් ලබාගත් මහජන මුදල් ය.

මේ වන විට ට්‍රම්ප් ගේ හිටපු නීතීඥ මයිකල් කොහෙන්, දිගින් දිගටම කියා සිටින්නේ තමන් විසින් එම මුදල් ගෙවූයේ ට්‍රම්ප්ගේ උපදෙස් අනුව බව ය. ට්‍රම්ප් ඒ ගැන සම්පූර්ණයෙන්ම දැන සිටි බව ය. ‘‘ඔබේ කැත වැඩ (ඩර්ටි ඩීඩ්ස්) වසා ගන්නට ඔබේ නීතීඥයා හරහා මුදල් ගෙවූ බව ඇත්තක්ද?“ යැයි මාධ්‍ය විසින් ඇසූ විට ට්‍රම්ප් එයට ලබාදී තිබුණු පිළිතුර වූයේ ‘‘ඒවා වසා ගැනීම ඔහුගේ රාජකාරියක්‘ කියා ය!

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සුපුරුදු පරිදි එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් පවසයි. රූපවාහිනී වැඩසටහනකදී මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන ට්‍රම්ප්, එයට මද වේලාවකට පසු ට්වීට් කර තිබුණේ මෙසේ ය.

‘‘මා කිසිම විටෙක මයිකල් කොහෙන්ට නීතිය කඩන ලෙස උපදෙස් දුන්නේ නැහැ… ඔහු නීතීඥයෙක්. ඒ නිසා ඔහු නීතිය දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම වැරදීමක් සිදුවුණොත් නීතීඥයාට එහි විශාල වගකීමක් තිබෙනවා. අන්න ඒ නිසයි, ඔවුන්ට සල්ලි දුන්නෙ.. “

මේ වන විට නීතිය ඉදිරියේ බරපතළ අපරාධකාරයෙකු බවට පත්ව සිටින ට්‍රම්ප්ගේ හිටපු නීතීඥයා ට්‍රම්ප් නිසා විශාල වළක වැටී සිටියි. 52 හැවිරිදි මයිකල් කොහෙන්, ට්‍රම්ප් සමග දීර්ඝ කාලයක් තිස්සේ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගත්තෙකි. 2006 වසරේ සිට 2018 මැයි මාසය දක්වාම ඔහු ට්‍රම්ප්ගේ නීතීඥයා ලෙස කටයුතු කළේය. ඒ අතරම ට්‍රම්ප්ගේ ආයතන ගණනාවක විවිධ නිලතල ද දැරුවේය.

ඒ අනුව මයිකල් කොහෙන්, ට්‍රම්ප් සංවිධානයේ (The Trump Organization) හිටපු උප සභාපතිවරයා ය. එසේම ට්‍රම්ප් එන්ටටේන්මන්ට් (Trump Entertainment) හි සම සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය. ළමා සෞඛ්‍යය පිළිබඳ එරික් ට්‍රම්ප් පදනමේ (Eric Trump Foundation) අධ්‍යක්ෂවරයෙක් ද විය. 2017-2018 සමයේ ඔහු රිපබ්ලිකන් ජාතික කමිටුවේ (Republican National Committee) නියෝජ්‍ය මූල්‍ය සභාපතිවරයා ද විය.

කොහෙන්ට විරුද්ධව ෆෙඩරල් විමර්ශනයක් ආරම්භ වී මාස ගණනක් යන තෙක් ද ඔහු ට්‍රම්ප්ගේ සමීපතමයෙකු සේ කටයුතු කළේය. එම ෆෙඩරල් විමර්ශනය ආරම්භ වූයේ කුණාටු සමයක ය. ස්ටෝමි ඩැනියෙල්සේගේ ප්‍රකාශ, රිපබ්ලිකන් පක්ෂයේ මහජන අරමුදල් පිළිබඳ නැගුණු චෝදනා, ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට රුසියාව විසින් මුදල් යෙදවූ බවට සාක්ෂි යනාදී සාධක රැසක් මේ වන විට ෆෙඩරල් විමර්ශකයන් ඉදිරියේ තිබිණි. ඒ අනුව, 2018 අගෝස්තු 21 වැනිදා ප්‍රචාරණ මුදල් අයථා ලෙස යොදාගැනීම, බදු වංචාව සහ බැංකු වංචාව සම්බන්ධ චෝදනා 8කට ඔහු වරදකරු කෙරිණි. අධිකරණය ඉදිරියේ කොහෙන් කළ ප්‍රකාශයෙන් කියැවුණේ තමන් එසේ කළේ, ‘‘ෆෙඩරල් කාර්යාලයේ අපේක්ෂකයාගේ උපදෙස් අනුව ඔහු සමග එක්ව‘‘ බව ය. එම අපේක්ෂකයා අන් කිසිවෙක් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් ය. 2016 වසරේදී ‘මැතිවරණයට බලපෑම් කිරීම‘ සඳහා එම මුදල් යෙදවූ බව ඔහු අධිකරණය ඉදිරියේ පිළිගත්තේය.

ස්ටෝමි ඩැනියෙල්ස් නමැති ලිංගික සේවා සපයන්නියට ඒ රහස රැක ගැනීම සඳහා ඩොලර් 130,000 ක මුදලක් ද, මැක්ඩෝගල් නමැති තවත් කාන්තාවකට ඩොලර් 150,000 ක මුදලක් ද තමන් ගෙවූ බවට ඔහු පාපොච්ඡාරණය කළේය.

ස්ටෝමි ඩැනියෙල්ස්

මේ අතර මොස්කව් හි ට්‍රම්ප් කුලුනක් ඉදිකිරීමට ගත් උත්සාහයන් සම්බන්ධයෙන් සෙනෙට් කමිටුවට බොරු කීමේ තවත් චෝදනාවකට ද කොහෙන් 2018 නොවැම්බර් 29 වැනිදා වරදකරු විය. මෙහිදී සනාථ වූයේ ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර පටන්ම රුසියාවේ මොස්කව් නගරයෙන් ඉඩමක් මිලදී ගැනීමට සැරසී සිටි බවයි. මේ සියල්ල අවසානයේ 3 අවුරුදු සිර දඬුවකට අමතරව ඩොලර් 50,000 ක දඩ මුදලක් ද ගෙවීමට ඔහුට නියම වේ.

මාර්තු මාසයේ සිර දඬුවම ආරම්භ වන තෙක් කොහෙන් නිදහස් මිනිසෙකි. ඔහු දිගින් දිගටම තමන්ව පාවාදුන් ට්‍රම්ප් ගැන පාපොච්ඡාරණය කරමින් සිටියි. ‘‘ඇමරිකාවේ මිනිසුන්, ලෝකයේ මිනිසුන්, මේ හැම කෙනෙක්ම ට්‍රම්ප් බොරු කියන බව දන්නවා. ඔහු කියන දේවල් විශ්වාස කළ නොහැකි බව දන්නවා..“ යැයි කොහෙන් ABC පුවත්සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී කීවේය.

රජුන්ට සේවය කිරීම සහ හැපින්නකගේ මුව සිඹීම අතර වැඩි වෙනසක් නැතැයි බෞද්ධ සාහිත්‍යයේ කතාවක් තිබේ.

දැන්, මයිකල් කොහෙන් බේරෙන්නේ කොහෙන්ද…?

ට්‍රම්ප්ට කුමක් සිදුවනු ඇතිද?

ධවල මන්දිරය ‘සුදු ගෙදර‘ වූ හැටි

කළු ජාතික වහලුන් විසින් ඉදි කළ ද ධවල මන්දිරයට ඒ ප්‍රතාපවත් නම යෙදෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ නායක කාරකාදීන්ගේ නිල නිවස එය වන නිසා ය. ධවල මන්දිරයේ සිට රට කරවූ ඒ ලැයිස්තුවට ජෝර්ජ් වොෂින්ටන්ගේ පටන් තෝමස් ජෙෆර්සන්, ඒබ්‍රහම් ලින්කන්, බරාක් ඔබාමා වැනි ප්‍රතාපවත් නායකයන් රැසක් අයත් ය. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත්වූ දා පටන්, ඒ ප්‍රතාපවත් ධවල මන්දිරය, ජාතිවාදයේ සහ අන්තවාදයේ බලකොටුවක් බවට පත්විය. සුදු ජාතික අන්තවාදය උත්කර්ෂයට නංවමින්, ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන් හේතුවෙන්ම අද වන විට ධවල මන්දිරය ‘සුදු ගෙදර‘ ක්ම බවට පත්ව තිබේ. 

විධායකයේ බල මහිමය

විධායකයේ බල මහිමයෙන් හිර ගෙදරින් බේරෙන පාලකයන් මේ ලෝකයේ බොහෝ ය. විධායකයේ තිබෙන තුච්ඡ බව වන්නේ, ඔවුන් කුමන වරදක් කළත් ඔවුන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි වීමයි. නමුත් ඒ විනිර්මුක්තිය අදාළ වන්නේ ධුරය දරන කාලයේදී කළ වැරදි සම්බන්ධයෙන් පමණි. අධිකරණය ඉදිරියේ ඔප්පු වී තිබෙන්නේ සහ ඔප්පු වෙමින් තිබෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා කළ ‘පෙර වැරදි‘ ය. පෙර වැරදිවලට ලෝකයේ කුමන නීතියකවත් විනිර්මුක්තියක් හෙවත් ‘විපාක නොලබා සිටීමක්‘ හිමි නොවේ. ධුරය දරන තාක් කල් පමණක් දණ්ඩන විනිර්මුක්තිය හිමි ය. නමුත්, ඇමරිකාව වැනි නීතියේ ආධිපත්‍යය හොඳින් ක්‍රියාත්මක වන රටක, ධුරය දරන කාලයේදී පවා චෝදනා පත්‍ර සූදානම් කර ගැනීමට බාධාවක් නැත. එනිසා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ධුර කාලය අවසන් වීමෙන් පසුව ධවල මන්දිරයෙන් කෙළින්ම යන්නේ සිපිරි ගෙයට වීමට ද ඉඩ තිබේ.

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

26 mins ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

9 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago