මේ අතර පාකිස්තානයේ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ. ඊයේ (12) දිනය තුළ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 516 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඒ අනුව එරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 300,371 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පාකිස්තානයේ කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් පුද්ගලයින් 6,370 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. එරට සමස්ථ ආසාදිතයින්ගෙන් 288,206 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.