කාලීන

ගෝලීය කොරෝනා මරණ ගණන 50,000 සීමාව පසුකරයි – කොවිඩ් -19 හමුවේ අද ලෝක සිතියම

මේ වන විට ලොව පුරා කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 981,000 ක් ලෙස සටහන් වන්නේ 50,000 කට අධික මරණ සංඛ්‍යාවක ඛේදජනක ඉරණම සමග ය.

මක්කමට ඇඳිරි නීතිය

Saudi Arabia has recorded 1,885 infections and 21 deaths, the most in the six-member Gulf Cooperation Council -Ganoo Essa-Reuters

සෞදි අරාබියේ පිහිටා තිබෙන ඉස්ලාම් භක්තිකයන්ගේ වඩාත්ම පූජනීය ස්ථාන ද්විත්වය වන මක්කම සහ මදීනාවට ඇඳිරි නීතිය පැනවූ අතර, එය තවත් පැය 24 කින් දීර්ඝ කර තිබේ.

ඒ, සෞදි අරාබිය තුළ කොරෝනා ආසාදන සංඛ්‍යාව 1885 ලෙසත් මරණ ගණන 21 ක් ලෙසත් අද දිනය අවසන් වන විට සටහන් වීම හේතුවෙනි. එ් සමගම රාජ්‍යයන් 6 කින් සමන්විත ගල්ෆ් කලාපයේ වැඩිම කොරෝනා බලපෑම සහිත රට බවට සෞදි අරාබිය පත් වේ.

මේ වන විට ගමනාගමනයට දැඩි සීමා ද පනවා ඇති අතර, එම නීතිරීතිවලට අනුව, සෞදි අරාබි මහාමාර්ගවල මෝටර් රථයක් තුළ ගමන් ගත හැක්කේ එක් මගියෙකු හට පමණි.

සියලුම අන්තර්ජාතික ගුවන් සේවාවන් ද මේ වන විට සෞදිය විසින් නතර කර දමා තිබේ.

හිටපු සෝමාලි අගමැති ලන්ඩනයේදී මරුට

Nur Hassan Hussein served as Somalia’s prime minister between 2007 and 2009 Horacio Villalobos-EPA

සෝමාලියාවෙන් බිහි වූ බලපෑම් සහගත නායකයෙකු ලෙස සැලකෙන, හිටපු අගමැති නූර් හසන් හුසේන් (Nur Hassan Hussein) කොවිඩ්-19 ට ගොදුරු වීමෙන් පසු ලන්ඩනයේදී මරණයට පත් විය.

ඔහු වෙනුවෙන් සෝමාලියාව විසින් දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

2007-2009 අතර කාලයේදී සෝමාලියාවේ අගමැති ධුරය හෙබවූ නූර් හසන් හුසේන් ‘නූර් අදේ‘ ලෙස ප්‍රකට ව සිටියේය. 1937 වසරේදී සෝමාලියාව ඉතාලි පාලනය යටතේ පවතිද්දී මොගඩිෂු නුවර උපත ලැබූ නූර් හසන්, පසුව 1960 වසරේදී සෝමාලියාව ඉතාලි පාලනයෙන් නිදහස ලැබූ පසු පොලිස් භටයෙකු ලෙසද, රතු අඩසඳ ව්‍යාපාරයේ ද, පසුකාලීනව ඉතාලි තානාපතිවරයා වශයෙන් ද සේවය කරමින් දේශපාලනයට පිවිසියේය.

දෛවයේ සරදම වූයේ ඔහු විසින් ලන්ඩනය සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවා දැමීම සඳහා තෝරාගෙන තිබීමයි. ඔහුගේ මරණය ලන්ඩනයේ රෝහලකදී සිදු වන්නේ එක්සත් රාජධානියේ 2,921 දෙනෙකු මරණයට පත් වී 33,718 ක් ආසාදනයට ලක්ව සිටියදී ය. යම් හෙයකින් ඔහු කොරෝනා වසංගතය ඔඩු දුවන විට සිය මව්රටේ සිටියේ නම් ඔහු රෝගයෙන් බේරීමට ද ඉඩක් තිබිණි. මන්ද යත්, මේ වන විට සෝමාලියාවේ කිසිම අයෙකු කොරෝනා හේතුවෙන් මිය ගොස් නැත. ආසාදිතයන් වාර්තා වන්නේ ද පස් දෙනෙකු පමණි.

ලෙබනනයේ සිටි පිලිපීන තානාපතිනියත් මරුට

Bernardita Catalla

ලෙබනනයේ සිටි පිලිපීන තානාපතිනී බර්නාඩිටා කැටල්ලා (Bernardita Catalla) කොවිඩ්-19 හේතුවෙන් මරණයට පත් වූ බව අද පිලිපීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.

62 හැවිරිදි බර්නාඩිටා, ලෙබනනයේ සිටින පිලිපීන ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස වසර 27 ක අත්දැකීම් සහිත ඇයගේ අහිමිවීම විශාල පාඩුවක් සහ කණගාටුවට කාරණයක් බව පිලිපීනය ප්‍රකාශ කරයි.

ඇය රෝගයට ගොදුරු වුයේ ද ලෙබනනයේ සිටින පිලිපීන ගෘහ සේවිකාවන්ට කොරෝනාවලට එරෙහිව සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සැපයීමේ සටනක යෙදී සිටියදී ය.

ඇගේ මැදිහත් වීම මත, මෙම ගෘහ සේවිකාවන්ගේ පිලිපීන පවුල්වලට ලෙබනන් පවුම් 400,000 ක බැගින් දීමනාවක් ලබාදීමට ද තීරණය වී තිබිණි.

ඉරාන කථානායක සහ ඊශ්‍රායල් සෞඛ්‍ය ඇමති කොරෝනා ආසාදිතයන් බවට

Ali Larijani has tested positive for the new coronavirus and is in quarantine. AP Photo-Vahid Salemi, File

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලැරිජානි මේ වන විට ස්වයං නිරෝධනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ය.

ඉරානයේ මෙම රෝගයට ගොදුරු වූ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ ඔහු ය.

ඉරානය මේ වනවිට මැදපෙරදිග කොරෝනා වසංගතයේ ‘කලාපීය අපිකේන්ද්‍රය‘ (රීජනල් එපිසෙන්ටර්) බවට පත්ව තිබේ. මැදපෙරදිග ආසාදන 82,000 සහ මරණ 3,600 අතරින් වැඩිම ප්‍රමාණය ඉරානය විසින් වාර්තා කරයි. අද දිනයේ ද ඉරාන ජාතිකයන් 124 ක් මිය ගොස් ඇත්තේ,ඉරාන මරණ සංඛ්‍යාව 3160 දක්වා ඉහළ දමමිනි.

ඉරාන ජනාධිපති හසන් රුහානි ද, මෙම වසංගතයේ බරපතළකම පිළිගනිමින් ප්‍රකාශ කර තිබෙන්නේ පසුගිය වසරේ ආරම්භ වූ ඉරාන වර්ෂය පුරාවටම මෙහි බලපෑම පවතිනු ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලයේ කොරෝනා ආසාදිතයන් ගණන 6,800 ක් ලෙස වාර්තා වෙද්දී 31 දෙනෙක් මිය ගොස් තිබේ. මේ අතර අද ලැබුණු පුවතකින් සනාථ වන්නේ ඊශ්‍රායල් සෞඛ්‍ය ඇමතිවරයා ද කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව ඇති බවයි. ඔහු ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහුගේ සමීපතමයෙක් ලෙසට ද සැලකේ.

ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ ගණන 10,000 ට නගියි.

ගෙවී ගිය පැය 24 ක කාලය ඇතුළත ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදනයෙන් 950 දෙනෙකු මරණයට පත් වූයේ, සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10,003 ක් බවට පත් කරමිනි.

මේ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා ආසාදන සංඛ්‍යාව එක් දිනක් ඇතුළත 110,238 සිට 102,136 වැඩි වී ඇත.

මේ වනවිට ස්පාඤ්ඤය මරණ සංඛ්‍යාව අතින් දෙවැනි වන්නේ ඉතාලියට පමණි.

රට තුළ තත්වය හැකි තාක් පාලනය කිරීම සඳහා දැඩි ලොක්ඩවුන් ප්‍රතිපත්තියක් අප්‍රේල් 11 වැනිදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක ය.

උතුරු කොරියාවේ රෝගීන් නැහැ!

උතුරු කොරියාව තවදුරටත් කියා සිටින්නේ සිය රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් එක් අයෙකු හෝ නොමැති බව ය. අද දිනයේ ද මේ බව ප්‍රකාශ කළේ ජ්‍යේෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු විසිනි.

අසල්වැසි චීනය සමග පොදු දේශසීමාවක් බෙදා ගත්තත්, බාහිර ලෝකය සමග සබඳතා කපාහැරි රටක් වීම, මෙම රෝගයෙන් බේරී සිටීමේ රහස ලෙස ද උතුරු කොරියාව සලකයි.

නමුත් කලාපයේ දුර්වලම සෞඛ්‍ය සේවය පවතින රට වන්නේ උතුරු කොරියාව නිසා, ලෝක සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ උතුරු කොරියාව තුළ තත්වය ඔවුන් පවසන දෙයට වඩා හාත්පසින් ම වෙනස් දෙයක් වීමට ද ඉඩ ඇති බවයි.

පෙර ලිපිය –

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

5 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

10 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

13 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

15 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

15 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago