ටයිටැනික් නෞකාව ගවේෂණය කරමින් සිටි OceanGate Expeditions මව් සමාගමට අයත් සබ්මැරීනය පසුගිය ඉරිදා(18)දින අතුරුදන් වීමත් සමඟ මේ වන විටත් එය සොයා සෝදිසි මෙහයෙුම් ක්‍රියාත්මක විය.
එක්සත් ජනපද වෙරළාරක්ෂක කපිතාන් ජේමි ෆෙඩ්රික් ඊයේ(20)දිනය වන විට මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව, කැනේඩියානු හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය සහ යාත්‍රාවේ මව් සමාගම වන OceanGate Expeditions විසින් ඒකාබද්ධ සොදිසි මෙහෙයුමක් හරහා සබ්මැරීනය සොයන බවයි.
සබ්මැරීනය පසුගිය ඉරිදා(18) පැය 96ක පමණ ඔක්සිජන් ඉතිරිව තිබියදී මව් සමාගම සමඟ සන්නිවේදනය බිඳ වැටුණ අතර එතැන් සිට විශේෂඥ දැනුම සහ විශේෂිත උපකරණ සහිත බහුවිධ නියෝජිතායතන විසින් සබ්මැරීනය සොයා මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.
අතුරුදහන් වූ යාත්‍රාවේ සිටි මගීන් මඟීන් අතර පකිස්ථාන-බ්‍රිතාන්‍ය ෂහසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන්, බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති හමිෂ් හාඩින්, Paul-Henri Gargeolet, 77 හැවිරිදි ප්‍රංශ ගවේෂකයෙකු සහ එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush සිට ඇති බව වාර්තා වේ.
සමාගමේ වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි OceanGate ගවේෂණය සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 250,000 ක් වැය වන අතර එය කැනේඩියානු නිව්ෆවුන්ඩ්ලන්ඩ් පළාතේ ශාන්ත ජෝන්ස් හි ආරම්භ වී නැගෙනහිරට කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි ටයිටැනික් සුන්බුන් වෙත යනු ඇත.
ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ජනාධිපති බයිඩන් මෙම සෝදිසි මෙහෙයුම සමීපව නීරීක්ෂණය කරනු ලබන බවයි.
සශිකලා මධුෂාණී_
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.