2024 වර්ෂආරම්භක දිනයේ මධ්‍යම ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන වජිමා නගරයට බලපෑ රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහල ගොස් ඇති අතර තුවාල ලැබුවන් 300 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර ඉන් 20 දෙනෙකුගේ තත්වය බරපතල වන බවයි ජපන් රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබුණේ,
අද(03) දිනයේදී නිකුත් කරන ලද චන්ද්‍රිකා ජයාරූප වලට අනුව භූමිකම්පාවකින් පසු ඇති වූ පසු කම්පනයන් හා නායයෑම්, අධික වර්ෂාපතනය හේතුවෙන් නොටෝ අර්ධද්වීපයට වඩාත් දරුණු ලෙස පහර වැදී ඇති අතර, ගොඩනැගිලි සිය ගණනක් ගින්නෙන් විනාශ වූ අතර වජිමා සහ සුසු ඇතුළු නගර කිහිපයක නිවාස විශාල ප්‍රමණයක් මුළුමනින්ම විනාශ වී ඇත.
57,360 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඇති අතර ඉෂිකාවා ප්‍රාන්තයේ නිවාස 34,000 කට මේ වන විටත් විදුලිය විසන්ධි වී තිබේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) එම ප්‍රදේශයට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර ජපානය සෑම වසරකම භූමිකම්පා සිය ගණනක් අත්විඳින අතර අතිමහත් බහුතරයක් කිසිදු හානියක් සිදු නොකරයි. කෙසේ නමුත් නිරන්තර භූමිකම්පා තර්ජනය නිසා ජපානය ලෝකයේ අති නවීන සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට සමත් වී තිබේ.
සශිකලා මධුෂාණි
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.