පැරිසියේ දහස් ගණන් ජනයා වීදි බැස ඉස්ලාම් භීතිකාව පිටුදැකීම සඳහා විරෝධතාවයේ නිරත වීමට පටන් ගෙන තිබේ.
දක්ෂිණාංශික මතධාරියකු විසින් දැනට සති දෙකකට පමණ පෙර ප්‍රංශයේ නිරිතදිග බෙයොන් නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියකට සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමට විරෝධය පාමින් හා ප්‍රංශය පුරා පැතිර යන ඉස්ලාම්භීතික ක්‍රියාවන් පිටු දැකීමේ අරමුණින් මෙම විරොධතා ව්‍යාපාරය දියත් කළ බව සංවිධායකයින් පැවසීය.
ප්‍රංශය තුළ දක්ෂිණාංශික වාමාංශික මත ගැටුම හමුවේ ඉස්ලාම්-විරෝධය දඩමීමා වීම කණගාටුවට කරුණක් බවට පත්ව තිබේ. ඒ අනුව උග්‍ර දක්ෂිණාංශික මතධාරීන් විසින් ප්‍රංශයේ ලෞකික සම්ප්‍රදායට තර්ජනයක් යැයි කියමින් මෙකී මුස්ලිම් විරෝධය ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් පවතී. ඉස්ලාම් භීතිකාව පිටුදකිමින් දැනට දියත් වී පවතින විරෝධතා පා ගමනට වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.
මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් දක්ෂිණාංශික දේශපාලන ක්‍රියාකාරී නායකයකු වන මැරින් ලෙ පෙන් පවසා සිටියේ මෙම විරෝධතාවය ඉස්ලාම්වාදීන් විසින් සංවිධානය කර ඇති බවයි.
එහෙත්, විරෝධතා පාගමන්කරුවන්ගේ සටන්පාඨ පුවරු වල සඳහන් ව තිබුණේ සියළු අන්දමේ ජාතිවාදය නවතා දමන ලෙසත් ඉස්ලාම් භීතිකාව විකල්පයක් නොව අපරාධයක් බවත් ය.
කෙසේවෙතත් වෙනස්කොට සැලකීම් වලට එරෙහි කටයුතු භාර රාජ්‍ය ලේකම් මර්ලින් ෂියප්පා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වෙනස්ම ආකාරයේ මතයකි. ඔහුට අනුව මෙකී උද්ඝෝෂණය වෙනස්කොට සැලකීම් වලට එරෙහිව දියත් කරන විරෝධතාවයක වෙසින් පැමිණි ලෞකිකත්වයට එරෙහි ව්‍යාපාරයකි.
ප්‍රංශයේ ජීවත් වන මුස්ලිම් ජාතික පුරවැසියන් ගෙන් 40% කට අධික සංඛ්‍යාවක්ම පවසන්නේ සිය ආගම මත වෙනස්කොට සැලකීම් වලට තමා බඳුන්වන බවට හැඟී යන බවයි. බටහිර යුරෝපයේ විශාලතම මුස්ලිම් සුලුතරය ජීවත් වන්නේ ප්‍රංශයේ වන අතර, එරට දෙවන විශාලතම ආගම වන්නේ ද ඉස්ලාම් දහමයි.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…