කාලීන

”අපට පහර නොදෙන්න අපව මරා දමන්න” කාශ්මීර වැසියන් ඉන්දීය හමුදාවට කියයි

කාශ්මීරය සතුව තිබූ ස්වයංපාලන අයිතිය අහෝසි කරමින් මධ්‍යම ආණ්ඩුවේ පාලනයට ගැනීඹත් සමග කාශ්මීර වැසියන්ට අත්ව ඇත්තේ අවාසනාවන්ත ඉරණමකි.

බී බීසී පුවත් සේවය අනාවරණය කරන පරිදි කාශ්මීර වැසියන් බොහෝ දෙනෙකු හට ඉන්දීය හමුදාවේ පහරදීම් සහ පීඩන වලට මුහුණ දීමට සිදුව ඇත. ඒ අනුව කාශ්මීරයේ පිහිටි ගම්මා රැසක පිරිස් මේ වන විට සිටින්නේ පහර කෑම් නිසා ඇති වූ තුවාලද සමගිනි.

මෙම චෝදනාව ඉන්දීය හමුදාව විසින් ප්‍රතික්ෂේප කර සිටී ඔවුන් පවසන්නේ කාශ්මීර වැසියන් තමන්ට එරෙහිව නගන මෙම චෝදනාව අමූලික බොරුවක් බවයි.

පසුගිය අගෝස්තු 05 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය බල රහිත කරමින් ඉන්දීය රජය කාශ්මීරයේ බලය සිය අතට ගන්නා ලදී. ඒත් සමග ඉන්දීය හමුදා සෙබළු දහස් ගණනක් කාශ්මීරය වෙත යවන ලද්දේ කාශ්මීර වැසියන් 3000කට එරෙහිවය.

කාශ්මීරයේ වෛද්‍යවරුන් මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ හමුදා සෙබළුන්ගෙ පහරදීම් නිසා තුවාල ලැබූ රෝගීන් බොහෝ දෙනෙක් තමන්ගෙන් ප්‍රතිකාර ලබා ඇති බවයි.

ඔවුන් අපිට පහර දුන්නා. අපි ඔවුන්ගෙන් අහුවා අපි කරපු වරද මොකක්ද කියලා… නමුත් ඔවුන් අපිට ඇහුම් කන් දුන්නේ නැහැ. කිසිවක් නොකියා දිගින් දිගටම පහර දුන්නා..
කාශ්මීර වැසියන් සිය අත්දැකීම් එසේ විස්තර කරයි.

මේ සම්බන්ධව පාකිස්ථානය සිය විරෝධය පළ කරමින් සිටින අතර කාෂ්මීර කලාපය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීරණයට එරෙහිව දීපව්‍යාප්ත උද්ඝෝෂණයකට එක්වන්නැයි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ කාෂ්මීර ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියලු පකිස්ථාන වැසියන් හෙට දහවල් 12 සිට 12.30 දක්වා විරෝධතාවට එක්විය යුතු බවයි.

Share

Recent Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

3 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

5 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

6 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

22 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

22 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

1 day ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

1 day ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

1 day ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

1 day ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago