කාලීන

2020 වසරේදී කෝවිඩ් අවදානමෙන් දෙදරුම් කෑ ලෝක නැව් කර්මාන්තය : උවදුරු මැද සයුරේ පාවුණු අහස් මාළිගා

දහස් සංඛ්‍යාත මගීන් පිරිසක්, නව අවුරුදු උදාව සාගරයේ සිට දැක බලා ගැනීම සඳහා පේවී සිටියහ. ඇතැම් අය පරණ අවුරුද්ද ගෙවී යන විට ෂැම්පේන් වීදුරුවක් සමග මසවුළක රස විඳින්නට සූදානමින් සිටියහ.

වෙරළේ තවමත් සිටි සිය දහසක් දෙනා, කවදා හෝ තමන් ද යෙදෙන්නට නියමිත එබඳු නෞකා වික්‍රමයන් ගැන සිහින මැව්වෝය.

නැව් ප්‍රධානියාට තමන් ඉදිරියේ තිබෙන්නේ තවත් සාර්ථක වසරක් බව නිසැක විය. නෞකා කර්මාන්තය, වඩාත් දියුණු, පහසුකම්වලින් යුක්ත සහ මිලෙන් අධික සුඛෝපභෝගී සංචාරයන් දියත් කිරීමට සූදානමින් සිටියේය.

ඉන්පසු විනාශකාරී සති කිහිපයක් ඇතුළත සියල්ල වෙනස් විය.

සමුදුරු සංචාරයන්ගේ විනෝදය, සිතාගත නොහැකි වේගයකින් පල්ලම් බැසීමට පටන් ගත්තේය.

2020 පෙබරවාරි 4 – නැවේ වසංගතය

පෙරබරවාරි මුල සතිය වන විට කොරෝනාවෛරසය ශීර්ෂපාඨ තනා තිබූ නමුත් බොහෝ අය මෙම ආසාදනය දුටුවේ චීනයේ ප්‍රශ්නයක් සහ තවත් හුදෙකලා සිද්ධි ගණනාවක් ලෙසය.

එවැනි එක් හුදෙකලාසිද්ධියක් වූයේ අවුරුදු 16 ක් වයසැති බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කළ ඩයමන්ඩ් ප්‍රින්සස් (Diamond Princess) නෞකාවෙන් රෝගීන් වාර්තාවීමයි. රෝගියා යැයි සැකකළ නෞකා මගියා නැවෙන් ඉවත් කළ ද කෝවිඩ්-19 නැව තුළ ඉතිරි වී තිබියේය. සෞඛ්‍ය බලධාරීන් ජපන් ජල තීරයට පැමිණෙන විට 2020 පෙබරවාරි 4 වැනිදා, නෞකාවේ සිටි 10 දෙනෙකු ආසාදිතයන්ය.

එහි සිටි 2066 දෙනා අතරින් ආසාදනයන්ට ලක් වූ බහුතරය ජපන් මගීන් යැයි බියක් ඇති වී තිබුණේය. නැව යොකොහොමා වරායේදී නිරෝධානයට කෙරුණේය. කිසිවෙකුට නැවෙන් බසින්නට තහනම් විය. සිය කැබින් කාමරවලට වී කල් ගත කරන්නට යැයි ඔවුන්ට නියම කෙරුණේය.

ලෝකය භීතියෙන් බලා සිටියදී නැව තුළ රෝගය උත්සන්න විය.

Carl Court/Getty Images

ඉක්මනින්ම ඩයමන්ඩ් ප්‍රින්සස් සුඛෝපභෝගී නෞකාව, Covid-19 වසංගතයට යෙදෙන සමාන පදයක් බවට පත් විය. TV තිරයන්ගෙන් දැක්වුණු පරිදි, චීනයෙන් පිටත වැඩිම කෝවිඩ් වසංගත රෝගීන් පිරිසක් සිටියේ නැව තුළ ය.

පසුව මගීන්ගෙන් 700 කට වැඩි පිරිසක් පොසිටිව් තත්වයට පත් ව ඇති බව සොයා ගැනුණේය. එයින් 331 දෙනෙකුට රෝග ලක්ෂණ නොතිබිණ.

තමන්ගේ පාවෙන මාළිගාවලට වරායන්වල රැස්කන මිනිසුන් කෙතරම් භීතියකට පත් කළ හැකිදැයි ලොව පුරා නැව් සමාගම් ප්‍රථම වරට සිතා බලන්නට නැඹුරු වුණේය.

නමුත් පෙබරවාරි වන විට ‘දියමන්ති කුමරිය‘ ඒ ඉරණමට මුහුණ පෑ එක් අයෙක් පමණක් බව හෙළි වුණේය.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව ලොක්ඩවුන් තත්වයේ පැවතියදී ලොව පුරා මගී ප්‍රවාහන නෞකාවෝ සුපුරුදු සංචාරයන්හි නියැළුණහ. මාස ගණන් වැය වන සමුදුරු චාරිකා පෘථිවියේ සමුදුරු හරහා සිදුවෙමින් පැවතියේය.

ඇතැම් නෞකාවන් හිතාමතාව ආසියානු වරායන් වෙත පැමිණීමෙන් වැළකුණේ යම් අවදානමක් වේ නම් එය ද නැති කර ගැනීමට ය.

‘‘අපි ටිකක් මැලි වුණා..‘‘ පෙබරවාරි 28 වැනිදා අලුත විවාපත් වූ මනාලියත් සමග ‘නෝර්වීජියන් ජ්වෙල්‘ (Norwegian Jewel) නෞකාවට ගොඩවුණු ජෙයි මාර්ටිනස් පවසයි. ‘‘අපි අපේ මධු සමයට විශාල මුදලක් කලින්ම වෙන් කර ගෙන තිබුණා. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. අපි නැවට නැංගා..‘‘

2020 මාර්තු 13 : වෛරස් නෞකා ලොව පුරා

යාත්‍රා කරමින් සිටි දහස් ගණන් නෞකාවන්ගේ අභ්‍යන්තර වාතාස්‍ර පද්ධති ආසාදනයට කෙටි මාර්ග තනන බව පෙනීගියේය. ඒවා නොදැනුවත්වම ‘කෝවිඩ් උත්ප්‍රේරක‘ බවට පත් ව තිබුණේය.

ලෝකය දේශීය සහ කලාපීය වශයෙන් ලොක්ඩවුන් තත්වයන් ප්‍රකාශයට පත් කරන අතරවාරයේ, මගී ප්‍රවාහන නෞකාවන්ට ඇඟිල්ල දිගු කළේ ඒවා වෛරසයේ බීජෞෂණ භූමි බවට පත්ව තිබෙන බවට චෝදනා නගමිනි.

ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පෙබරවාරි 3 සහ මාර්තු 13 නිකුත් කළ ප්‍රකාශයකින් කියැවුණේ ඇමරිකාවේ කෝවිඩ් රෝගීන් 200 දෙනෙකු ඩයමන්ඩ් ප්‍රින්සස් සහ ග්‍රෑන්ඩ් ප්‍රින්සස් ඇතුළු මගී ප්‍රවාහන නෞකාවන්ගේ ආශ්‍රිතයන් බවයි. ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව කැලිෆෝනියාවට සැපත් වූයේ පොසිටිව් තත්වයේ සිටි 21 දෙනෙකු සමග ය. ඇමරිකාවේ කෝවිඩ් රෝගින්ගෙන් 17%ක් මගී ප්‍රවාහන නෞකාවන්ගේ ආශ්‍රිතයන් බවට ඒ සමයේ පත්ව සිටියෝය.

මාර්තු 13 වැනිදා, ගෝලීය මගී නෞකා බලඇණියෙන් 95%කට වගකියන Cruise Lines International Association තීරණයක් ගත්තේ ඇමරිකානු වරායන්ගෙන් මගී ප්‍රවාහන නෞකා දියත් කිරීම දින 30කට අත්හිටුවන්නට ය. පසුදින ඇමරිකානු රෝග පාලක සහ නිවාරණ මධ්‍යස්ථානය ද No Sail Order ප්‍රකාශයට පත් කළේය.

ඒ නිසා ආරක්ෂිත වරායන් සඳහා ගෝලීය පොරබැදීමක් ආරම්භ වූ අතර, ලෝක සාගර හරහා ගමන් කරන නැව්වලට සිය මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ගොඩබිමට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ඉක්මන් තීරණ ගත යුතුව තිබුණි.

2020 මාර්තු 27 : ආරක්ෂාව සඳහා පොර බැදීම

No Sail Order සමග ඇතැම් නෞකා මගීන්ට උවමනා වූයේ වහාම ගොඩබිම වෙත යන්නටය. ‘පැසිෆික් ප්‍රින්සස්‘ නෞකාවේ මගියෙකු වූ සී.ජේ. හෙයිඩන් මෙසේ කියයි. ‘‘නැව යන්නෙ හරිම හෙමින් කියා හිතුණා..‘‘ ඇමරිකාව සිය වරායන් වසා දැමීමත් සමග ඔවුන් සමුදුරේ අතරමං වේය යන බිය ජනනය වී තිබුණේය.

නෞකාවන් එතෙක් සාදරයෙන් පිළිගත් වරායන් ඒවා දෙස සැකසුමුව බැලීම ආරම්භ කර තිබුණේය. බොහෝ නෞකාවන් ගොඩබැසීම සඳහා උමතුවෙන් මෙන් වරායන් සොයා ගියහ.

නෝර්වීජියානු නෞකා කර්මාන්තයේ ආභරණයක් ලෙස සැලකුණු ‘නෝර්වීජියන් ජ්වෙල්‘ නමැති ටොන් 92,000 ක මහා නෞකාව මගීන් 2,300 ක ධාරිතාවයෙන් යුක්ත වූයේය. එය මුදුදේ සිරගත විය. අවසානයේ එය ආපසු හවායි බලා යන්නට පටන් ගත්තේය. ජේ මාටිනස් වැනි තාක්ෂණයත් සමග හැදී වැඩුණු තරුණයන් සියලු වැඩ පසෙක තබා මගීන්ට ස්මාට් ෆෝන්වලින් පුවත් සොයාදීමට උත්සුක වූයේය. රටවල් ගණනාවක මෙවැනිම මගීන් ගෘෘප්ස් හරහා සම්බන්ධ කරගෙන ආගිය පුවත් බෙදා ගනිමින් ධනාත්මක මනසකින් සිටින්නට ඔහු ඔවුන්ට උදව් කළේය.

මගීන් 2000 ක් ගෙන යා හැකි ‘කොරල් ප්‍රින්සස්‘ නෞකාවට 72 හැවිරිදි ක්‍රිස්ටීන් බීහ්ලර් නැංගේ ඇමරිකාවේ නිව්හැම්ප්ෂයර් ජනපදයේ සිටය. බ්‍රසීලයේ වරායක් ඔවුන්ට ගොඩබෑමට දිය නොහැකි බව දැනුම් දුන්නේය. ඒ වන විට බ්‍රසීලයේ සිට ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට්පත් ද ඇතැම් මගීන් මිලදී ගෙන තිබුණි. කරන්නට දෙයක් නැති තැන නැව මියාමි බලා ගියේය. නෞකා කාර්ය මණ්ඩලය අදහාගත නොහැකි තරම් සේවයක් කාරුණිකව ඒ අසීරු අවස්ථාවේදී ලබාදුන් බව ඇය අද සිහිපත් කරයි. කොරල් ප්‍රින්සස් නෞකාවේ ඒ වන විට පොසිටිව් රෝගීන් 12 ක් සිටි අතර, මරණ 3 ක් ද සිදුව තිබිණි.

මේ අතර සාන්දම් Zaandam නැව චිලී දේශයේ සැන් අන්තෝනියෝ වරාය වෙත පැමිණීමට නියමිතව තිබුණේ 2020 මාර්තු 21 වැනිදා ය. දින 6ක ප්‍රමාදයකින්, මළ සිරුරු 4 කින් සහ ආසාදිතයන් නම් නොකළ සංඛයාවකින් යුතු වූ එම නැවට ද ගොඩබෑමට වරායක් සොයාගත හැකි වුණේ නැත. මේ අතර හොලන්ඩ් ඇමරිකානු නැව් සමාගමට අයත් තවත් නෞකාවක් වූ ‘රොටර්ඩෑම්‘, සාන්දම් වෙත වෛද්‍ය සහාය ලබාදීමට කාරුණික විය. අවසානයේ මෙම නෞකා දෙකම අප්‍රේල් 2 වැනිදා ෆ්ලොරිඩාවට පැමිණෙන විට නෞකා දෙකේම ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ සහිත මගීහු පිරී සිටියහ.

LUIS ACOSTA/AFP via Getty Images

ඔස්ට්‍රේලියානු ජාතික නෘත්‍ය ශිල්පිනියක වූ ඈෂ්ලි පෙරී සාන්දම් නෞකාවේ වූවාය. ‘‘එය මානසික ශක්තිය ගැන පුදුමාකාර පරීක්ෂණය්‘‘ යැයි ඇය පසුව කීවාය. ඇය ඉටාගෙන සිටියේ නෞකාව ඇන්ටාක්ටිකාව පසුකර යන විට මුහුදු සිංහයන් සහ පෙන්ග්වින් නරඹන්නට ය. වසංගතය මැද ඇය නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකාවක බවට පත්වූවාය.

පෙරී අවසානයේ ඔස්ට්‍රේලියාව බලා ආවේ සති ගණනකට පසුවය. පර්ත් හි හෝටල් කාමරයක සති 2 ක් නිරෝධායනය වීමට ඇයට සිදුවිය. සේවකයෝ තුන් වේල කෑම ඇයට කඩදාසි බෑග්වල දමා ගෙනැවිත් දුන්හ. මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාම සඳහා නිර්මාණශීලී වෙමින් ඇය, එම කඩදාසි බෑග්වලින් ඇඳුම් නිර්මාණවල යෙදුණාය. එම පුවතට ද ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබුණේය. (Quarantined cruise ship employee creates incredible outfits out of paper bags)

2020 අප්‍රේල් 22 : නෞකාවල අවසන් සංචාරය

අප්‍රේල් මාසය මුල වන විට සාගරයේ අතර මං ව සිටි මගී නෞකාවන් බොහොමයක් ගොඩබිමට පැමිණීමට සමත්ව සිටියෝය. නමුත් කිහිපයක් තවමත්, වරායන් සොයමින් සාගරයේ අතරමංව සිටියෝය. ඒවාට නැංගුරම්ලෑමට හැකි වුණේ අප්‍රේල් 20 න් ආරම්භ වූ සතියේය.

ප්‍රංශයේ මාසීලේ වරාය වෙත ආ MSC Magnifica නෞකාව මගීන් 1,769 ක් ගොඩබිමට ගෙන ආවේ ජනවාරියේ ඇරඹූ බලාපොරොත්තු විරහිත චාරිකාවක් අවසන් කරමිනි. මාර්තු 10 සිට ඔවුන් මුහුදේ පාවෙමින්, ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ඉතිරි කර ගැනීමට යුද්ධයක් කර තිබුණේය.

එදිනම පැසිෆික් ප්‍රින්සස් ද ලොස්ඇන්ජලීස් බලා ආවේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් වරායෙන් ගොඩ නොබැසි මගීන් 119 ක් ද සමගය. කොස්ටා ඩෙලිසියෝසා නෞකාව ජනවාරි 5 දා ඇරඹූ චාරිකාව අප්‍රේල් 22 අවසන් කළේ චාරිකාකරුවන් 1,519 කට ගොඩබිම දකින්නට ඉඩ සලසමිනි.

මෙම නෞකාවන් තුනට ලෝකයේ වරායන් තහංචි පනවා තිබුණත්, හෙළිවුණේ ඒවායේ එකදු කෝවිඩ් රෝගියෙකු හෝ නොසිටි බව ය.

‘‘අපි ජනවාරි 5 වැනිදා වැනිසියෙන් ලෝකෙ වටේ යන්න පිටත් වුණු දා පටන් ලෝකය කොයි තරම් වෙනස් වෙලාද?“ – කොස්ටා ඩෙලිසියෝසා නෞකාවේ කපිතාන් නිකොලෝ ඇල්බා පැවසුවේය.

2020 මැයි 5 : අමතක කළ වින්දිතයෝ

මගී නෞකා අර්බුදය වැඩි දියුණු වන බව පෙනෙන්ට තිබුණේ, නෞකා කාර්යමණ්ඩලයන්ට අදහස් ප්‍රකාශ කිරීම නැව් සමාගම් විසින් තහනම් කර තිබූ හෙයිනි. වාර්තා වූ අන්දමට ඇතැම් නෞකා සේවකයන්ට දීර්ඝ කාලයක් අමතර ව සාගරයේ සිටීමට සිදුව තිබුණේ වැටුප් ගෙවීම්වලින් ද තොරව ය.

මැයි 5 වන දා වන විට ඇමරිකානු වරායන්, බහමාස් සහ කැරිබියන් මුහුද ආශ්‍රිතව මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 57,000 ක් රැගත් නෞකා 74 ක් තිබිණි යැයි ඇමරිකානු වෙරළාරක්ෂක සංගමය පවසයි. ලෝකයේ සාගරවල තවත් අය සිටින්නට ඇත.

‘‘අපිට සැලකුවෙ කාර්ගෝවලට වගේ..‘‘ යැයි මගී නෞකාවක සේවකයෙකු වූ කායියෝ සැල්ඩන්හා සීඑන්එන් පුවත් සේවය සමග පැවසුවේය.

කායියෝ සහ ඔහුගේ සහකාරිය සෙලිබ්‍රිටි ඉක්විනොක්ස් නෞකාවේදී මාස ගණනක් ලොක්ඩවුන් වී සිටියේ වාතාස්‍රය පැමිණීමට කවුළුවක්වත් නැති මෙම කැබින් කාමරයේය.

Courtesy Caio Saldanha

රීගල් ප්‍රින්සස් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මැයි 9 වැනිදා මිය ගියෙය්. නෙදර්ලන්තයේ රොටර්ඩෑම් පොලිසිය කීවේ ඔහු සියදිවි නසාගෙන ඇති බවයි.

මයාමි වරායට ගොඩ බැසි Majesty of the Seas හි සේවකයෙකු ‘‘නුඹලාට තවත් සිය දිවි නසාගැනීම් කීයක් අවශ්‍යද?“ යනුවෙන් සඳහන් පුවරුවක් අල්ලාගෙන සිටින ආකාරය සමාජ මාධ්‍යවල පළ විය.

මෙම තත්වය විධායක කණ්ඩායම සහ නෞකා කපිතාන් විසින් සිදුකළ සාකච්ඡාවකින් පසුව සමථයකට එළඹි බව රෝයල් කැරිබියන් නෞකා සමාගමේ ප්‍රකාශක ජොනතන් ෆිෂ්මන් පැවසුවේය.

2020 ජුනි 8 : අවසන් නෞකාව ගෙදර එයි

2019 දෙසැම්බර් 21 වැනිදා නිරෝගී මගින් 8 දෙනෙකු පමණක් MV Artania නෞකාව ජූනි 8 වැනිදා අවසානයේ ගොඩබිම බලා ආවේය. තිදෙනෙක් නැව තුළම මිය ගොස් සිටියහ. 36 දෙනෙකු පසුවූයේ පොසිටිව් තත්වයේය.

2020 ජූනි 23 : හොල්මන් නෞකාවල ආගමනය

Cruise ships parked off the coast of southwest England.
Finnbarr Webster/Getty Images

මේ, නිරිත දිග එංගලන්තයේ වෙරළ තීරයේ මගී ප්‍රවාහන නෞකා තැනින් තැන මතු වී තිබූ ආකාරයයි.

ජූනි 23 වන විට ලෝකය පුරාම නැව් සේවාවන් අඩපණ වී තිබුණේය. නමුත් ඒවායේ නඩත්තු කටයුතු තවදුරටත් සිදුකළ යුතු විය. අවම සේවක සංඛ්‍යාවක් යොදාගෙන නෞකාවන් නොගැඹුරු මුහුදේ රඳවාතැබීමට එංගලන්තය කටයුතු කළත් ඒවා තවදුරටත් සංචාරක ආකර්ෂණය දිනාගත්තේ නැත. නමුත් ඇතැම් අය මේ නෞකා වටා බෝට්ටු සවාරි යන්නට ප්‍රිය කළහ.

ශීත සෘතුවේදී ද මේ නෞකාවන් බොහොමයක් තවමත් ගමන් අරඹා නැත. ඒවා මිනිසුන් දහස් ගණනක් රැගෙන යා හැකි, නමුත් ලෝ වැසියන්ගේ භීතිය ජනනය කළ පාවෙන මාළිගා ලෙස ඉතිරිව පවතියි.

2020 අගෝස්තු මාසයේදී යුරෝපියානු සංචාරක සීමාවන් ලිහිල් කළ පසුව ඇතැම් යුරෝපා නැව් සමාගම් නැවත වරක් සිය සාගර මෙහෙයුම් ආරම්භ කළහ.

අගෝස්තු 16 දා MSC Grandiosa නෞකාව ඉතාලියේ ගෙනෝවා වරායෙන් මධ්‍යධරණී මුහුදට දින 7 ක චාරිකාවක් සඳහා පිවිසුණේය. එහිදී ඔවුහු නවතම පිරිසක් බවට පත් ව සිටියහ. කෝවිඩ් පරීක්ෂා, සමාජ දුරස්ථභාවය, හෑන්ඩ් සැනිටයිසිං සහ උෂ්ණත්වය මැනීම එහිදී සිදුවිය. සිය ධාරිතාවෙන් 60%කට සමාන එනම් ඉතාලි ජාතිකයන් 3000 ක් පමණ එයට ගොඩවූහ.

The MSC Grandiosa is one of the first cruise ships to return to the sea.
MIGUEL MEDINA/AFP via Getty Images

කෝවිඩ් වසංගතයේ දරුණුම අවධියෙන් පසු සයුරට ගිය ප්‍රථම යුරෝපා නෞකාව වූ එය, වෛරස්වලින් තොර දින 7 ක් සයුරේ ගත කිරීම, නෞකා කර්මාන්තයට පුර්වාදර්ශයක් ගෙන දුන්නේය.

නමුත් කැරිබියානු මුහුදට පිවිසි පළමු නෞකාව වූ SeaDream 1 ගේ කතාව වෙනස් ය. එය ගොඩබිමට ආවේ වෛරස් වසංගතයට නැවත නතුවෙමිනි. 2020 නොවැම්බර් 24 වැනිදා ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය මෙසේ නිවේදනය කළේය. ‘‘සියලු දෙනා‘‘ නෞකා ගමන්වලින් වැළකිය යුතුය.‘‘

The MV Artania was the last ship still at sea, carrying just 8 passengers.
Paul Kane/Getty Images

රෝයල් කැරිබියානු නැව් සමාගමට අයත් Quantum නෞකාව සිංගප්පූරුවේ මරීනා බේ හි 2020 දෙසැම්බර් 9 වැනිදා නැංගුරම් ලෑවේය. නෞකාවේ සිටි 83 හැවිරිදි සිංගප්පූරු ජාතිකයෙකු කොවිඩ් පොසිටිව් තත්වයේ සිටින බව හෙළි විය. පසුව ඇය නෙගටිව් තත්වයක් වාර්තා කළ ද එයින් ඇති වූ අවදානම් සහගත අවවාදයේ වලංගු බව නැති වී නොගියේය.

2021 වසරේදී ලෝකයේ මගී නෞකා කර්මාන්තය යථා තත්වයට පත් කර ගැනීමට ඇති එකම යතුර කෝවිඩ් එන්නත පමණක්ම වේ. සාගරයේ පාවෙන මාළිගාවලට නැවත වරක් සමුදුර තුළ අණසක පතුරුවාගත හැක්කේ එවිට පමණයි.

සංචාරකයන් නැව් ගමන් ප්‍රතික්ෂේප කිරීම සිදුවන ප්‍රමාණය 1%ක් වන විට, ලොව පුරා නැවියන්ගේ රැකියා 9100 ක් අහිමි වන බව අමතක නොකරන්න…!

MIGUEL MEDINA/AFP via Getty Images

 

මුල් ලිපිය

CNN : The 11 days of drama at sea that changed cruising forever

 

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

12 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

13 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

17 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

20 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

21 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

21 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago