එඩ්ගා රයිස්බරෝස් (Edgar Rice Burroughs) ලෝ ප්‍රකට වුණේ ‘ටාසන්‘ කතා මාලාව නිසයි. පොත් 24 කින් සමන්විත ටාසන් කතා පොත් පෙළ ලොව පුරා ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම චිත්‍රපට රාශියකට ද ටාසන් කතා පෙළ මුල් වුණා. ටාසන් කතාන්දර මාලාවට වස්තුබීජ වුණේ අප්‍රිකානු වැසි වනාන්තරයක ජීවත් වන සුදු හම ඇත්තා වන ටාසන් සහ ඔහුගේ මිතුරන්ගේ වනගත වික්‍රමයන් පෙළයි.
නමුත් පුදුමය කියන්නේ, ටාසන් ජීවත් වුණු අප්‍රිකානු වැසි වනාන්තරය, රයිස්බරෝස් ලේඛකයා සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ මනසින්. ඔහු පොත් පත්, සඟරාවලට ලිපි ලියන්නට පටන් ගත්තේ අමතර ආදායමක් උපයා ගන්නටයි. ඔහු දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළුණු කෙනෙක්. ඔහු පුවත්පත්, සඟරාවලට ලියන බවක් මුලින්ම ඔහුගේ බිරිඳවත් දැනගෙන සිටියේ නැහැ.
සඟරාවලට කතාන්දර ලියා අමතර ආදායමක් උපයා ගැනීමට කල්පනා කළේ ඔහු මුහුණ දී සිටි දැඩි ආර්ථික දුෂ්කරතා නිසාම ය. ඔහු කතා ලියන බව මුලින් බිරිය හෝ දැන සිටියේ නැත.
රයිස්බරෝස් ටාසන් කතා පොත් පෙළ ලියන්නට පටන් ගත්තේ මිතුරෙක් කළ අභියෝගයක් නිසයි. ඔහු ලියූ ‘අන්ඩර් ද මූන් ඔෆ් මාර්ස්’ පොත කියවූ මිතුරෙක්, ‘‘පුළුවන් නම් කැලෑ කතාවක් ලියල පෙන්වන්න‘ කියා ඔහුට අභියෝග කර තිබෙනවා.
අභියෝගය භාරගත්තත් ටාසන්ට කොහෙන් පටන් ගන්නද කියා නිච්චියක් තිබුණේ නැහැ. ඔහු ඇමරිකාවේ චිකාගෝ පුස්තකාලයට ගියා. රඩ්යාඩ් කිප්ලිං ගේ ‘ද ජංගල් බුක්’ සහ ‘ද ඩාකස්ට් ඇෆ‍්‍රිකා’වගේ පොත් කියවන්නත්, ඒවා දැඩි විදිහට හදාරන්නත් පටන් ගත්තා. ක්‍රමයෙන් ඔහුගේ මනසේ අප්‍රිකානු වැසි වනාන්තරක චිත්‍රයක් මැවෙන්නට පටන් ගත්තා.
ඒ හැම දෙයක්ම එකතු කරගත් ඔහු ‘‘ වානරයන් අතර ටාසන්‘‘ කියන සංකල්පය බිහි කර ගත්තා. එඩ්ගා රයිස්බරෝස් කතා ගෙතීමේ උපන් හපනෙක්. ඔහුට ඕනෑම දෙයක් චිත්ත රූප මැවෙන ආකාරයට කොළයක් මත ලියන්නට හැකියාව තිබුණා. ඕනෑම නවකතාවක් සති හයක් ඒ කියන්නෙ මාස එකහමාරක් ඇතුළත ලියල අවසන් කරන්නත් ඔහුට පුළුවන් කම තිබුණා.
නමුත් එඩ්ගා රයිස්බරෝස් කිසිම දවසක අප්‍රිකාවට, එහෙම නැතිනම් අඳුරු මහද්වීපය සියැසින් දැක්කේ නැහැ. වරක් මිතුරෙක් එයට හේතුව මොකක්ද කියා ඔහුගෙන් ඇසුවා. ඒකට එඩ්ගා රයිස්බරෝස් දුන්නේ අපූරු උත්තරයක්. ‘‘මම අප්‍රිකාව දැක්කෙ පුහුණු නිරීක්ෂකයන් ලියූ සටහන්වලින්. ඉතින් අප්‍රිකාවට ගියත් මට ඒ දේවල් අඳුනගන්න පුළුවන් වෙන එකක් නෑ.. මොකද මම පුහුණු නිරීක්ෂකයෙක් නෙවෙයි..“
නමුත් ඔහුගේ ‘සිතින් මවාගත් අප්‍රිකානු වැසි වනාන්තරය‘ සෑම අතින්ම නිවැරදි බව ඔහුගේ සමකාලීනයන් සහ අප්‍රිකාවට හැබැහින් ගිය අය නොයෙක් වර පවසා තිබුණා.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…