පුවත්

තම රටේ මිනිසුන් කුසගින්නෙන් මිය යන බවට වන චෝදනා ඉතියෝපියානු අගමැති ප්‍රතික්ෂේප කරයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආහාර අර්බුදයක් සමග පොරබදමින් සිටින ගැටුම්වලින් පීඩාවට පත් Tigray සහ Amhara ප්‍රදේශවල මිනිසුන් කුසගින්නෙන් මිය යන බවට වන චෝදනා ඉතියෝපියානු අගමැති Abiy Ahmed ප්‍රතික්ෂේප කරයි.

ඉතියෝපියාවේ කුසගින්න නිසා මිය යන මිනිසුන් නැති බව, ඉතියෝපියානු අගමැති Abiy Ahmed නීති සම්පාදකයින්ට පවසා ඇත.

මන්දපෝෂණය හා සම්බන්ධ රෝග හේතුවෙන් මිනිසුන් මිය යන්නට ඇති බව ඔහු පවසයි.

Tigray, Amhara සහ Oromia ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක ජනතාවට නියඟය බලපාන බව පිළිගත් අගමැතිවරයා අපි මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමෙන් වැළකිය යුතු බවට අනතුරු අඟවයි.

පසුගිය මාසයේ, රජය විසින් පත් කරන ලද ෆෙඩරල් ඔම්බුඩ්ස්මන් ආයතනය පැවසුවේ, Tigray සහ Amhara හි උතුරු ප්‍රදේශවල 400 කට ආසන්න පිරිසක් සාගින්නෙන් මිය ගොස් ඇති බවයි.

මේ අතර වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට ප්‍රමාණවත් තරම් මානුෂීය ආධාර ලබා නොදීම ගැන ඉතියෝපියානු මානව හිමිකම් කවුන්සිලය (EHRC) ෆෙඩරල් සහ ප්‍රාදේශීය ආණ්ඩුවලට දොස් පවරා ඇති බව සඅහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගැටුම්, නියඟය සහ ගංවතුර හේතුවෙන් ඉතියෝපියාවේ මිලියන 20ක පමණ ජනතාවකට ආහාර ආධාර අවශ්‍යවන බවයි.

Share

Recent Posts

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

4 hours ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

6 hours ago

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.

1 day ago

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…

1 day ago

මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…

1 day ago

ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…

2 days ago

පියාඹන ටැක්සි!

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…

2 days ago

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…

2 days ago

පුටින්ගේ තවත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…

2 days ago

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

3 days ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

3 days ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

4 days ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

4 days ago