කාලීන

මුහුදු මට්ටම මීටර 19 කින් ඉහළට!

‘මේ පායන කාලෙත් ඇයි වහින්නෙ? වහින කාලෙට ඇයි පායන්නේ? හැම දේම දැන් රුයිතෙටනෙ වෙන්නේ..“ යැයි වැඩිහිටියෝ අහස දෙස බලා මුමුණති.

මේ අතර, පෘථිවිය උණුසුම් වීම මේ මොහොතේදී නතර වුවද, සාගර ජල මට්ටම මීටර 19 කින් ඉහළ යාම වළක්වාගත නොහැකි බව විද්‍යාඥයෝ පවසති.

ඒ, ඓතිහාසික දත්ත සමුදායක් ද මේ ප්‍රකාශය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරමිනි.

මෙයට වසර මිලියන 3 ත්, 3.2 ත් අතර කාලයකට පෙර මිහිතලයේ උණුසුම කාර්මික විප්ලවය සිදුවීමට පෙර යුගයේ පැවති උණුසුමට වඩා සෙල්සියස් අංශක 2 සිට 3 දක්වා අගයකින් ඉහළ ගොස් තිබිණි.

මෙම යුගය සහ කාර්මික විප්ලවය අතර යුගය පරිසර විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන්නේ ‘විරාම කාලයක්‘ ලෙස ය.

එම විරාම කාලය තුළ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව, අද මෙන්ම ඉහළම අගයක පැවතිණි. කාබන්ඩයොක්සයිඩ් වායුව මිහිතලය උණුසුම් කරන ප්‍රධානතම කාරකයකි.

ඉන්පසුව එළඹුණේ කාර්මික විප්ලව සමයයි. එම යුගය 1760 සිට 1840 දක්වා විහිදිණි.

අනතුරුව සිදුවූ දේ, අනාගතයේදී සිදුවීමට යන දෙයට සමාන ය.

එසේ පවසන්නේ දකුණු ෆ්ලොරිඩා සරසවියේ පර්යේෂකයන් ය.

කාර්මික විප්ලවයේ පටන් මේ දක්වා පෘථිවිියේ වායුගෝල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් ඉහළ ගොස් තිබේ. මේ එක් අංශකය ගණන් ගත යුතු දෙයක් නොවේ යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් සත්‍යය එය නොවේ. එමගින් පෘථිවි ගෝලයට සහ පෘථිවි වාසීන්ට ඔබ අප සිතනවාට වඩා අති විශාල, භයානක සහ දරුණු බලපෑමක් ඇති කළ හැකිය.

ඉදිරියේදී මේ බලපෑම දිගින් දිගටම පවතින්නේ නම් දරුණු සුළි කුණාටු, අයහපත් කාලගුණික තත්වයන් සහ වැඩි වැඩියෙන් නියඟ ඇතිවීම වළක්වාගත නොහැකි වනු ඇත.

මොනවා වේවිද?

  • සාගර ජල මට්ටම ඉහළ යනු ඇත.
  • අයිස් පදාස තවදුරටත් දියවනු ඇත.
  • පෘථිවි ගෝලය මත ශීතල ජල තලය වෙනුවට උණුසුම් ජල තලයක් නිර්මාණය වනු ඇත.

මානවයා පරිසර හිතකාමී දැවැන්ත මැදිහත් වීමක් සිදුකර මේ මොහොතේ පටන් වායුගෝලය රත් වීම නතර කර ගත්තත්, දැනටමත් සිදුකරගෙන තිබෙන විනාශය අනුව ඉදිරියේදී සාගර ජල මට්ටම් මීටර 5.6 ත් 19.2ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාම වළක්වාගත නොහැකි වනු ඇත.

එය සිදුවනු ඇත්තේ ක්‍රම ක්‍රමයෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිගමනය කරන ආකාරයට මේ සියවස අවසානයේදී එනම් වසර 2100 වන විට සාගර ජල මට්ටම සෙන්ටිමීටර 65 කින් ඉහළ නැගීමට නියමිත ය.

මෙයට අදාළ සම්පූර්ණ පර්යේෂණ වාර්තාව ‘ Nature ‘ ජර්නලය මගින් ප්‍රකාශයට පත් කර තිබිණි.

පහත දැක්වෙන්නේ අපට ඉතාම හුරුපුරුදු භූමි භාගයන් සහ ජීවීන් කිහිප දෙනෙකුට මේ විපර්යාසය කෙසේ බලපානු ඇත්ද යන්න විමසා බැලීමකි.

ඇන්ටාක්ටිකාව

© Mario Tama -Getty Images

මේ හිම මිදුණු මහාද්වීපය 1992 වසරේ පටන් අයිස් ටොන් ට්‍රිලියන 3.3කට වඩා දියවී යාමට ලක්ව තිබේ. එහි ප්‍රතිඵලය ලෙස සාගර ජල මට්ටම අඟල් 1/4 කින් ඉහළ ගොස් ඇත. ඒ බව පවසන්නේ Nature ජර්නලයයි. මෙය මේ අන්දමින් දිගටම දිය වන්නේ නම් වසර 2100 වන විට සාගරයේ ජල මට්ටම අඟල් 6 කින් ඉහළ යාමට වග කියනු ඇත්තේ ඇන්ටාක්ටිකාවයි.

ඇන්ටාක්ටිකාව මිනිස් වාසයෙන් කොතරම් දුර වුවද, කිසියම් අවාසනාවකට මිහිතලය උණුසුම් වීම නිසා වැඩිවශයෙන්ම බැට කන භූමි භාගය බවට එය පත්වී තිබේ. එහි වසන පෙන්ග්වින් කොලනි මේ නිසා වඳ වි යාමේ තර්ජනයට ලක් වෙයි. මේ වන විටත් අයිස් කඳු තැනූ බොහෝ ග්ලැසියර දිය වී ගොස් ඇති අතර, මිදෙන හිම විසින් තෘණ පිටි වවා තිබේ.

මළ මුහුද

© Oded Balilty/AP Photo

 ඊශ්‍රාලය, බටහිර ඉවුර සහ ජෝර්දානය අතර මායිම තනන්නේ මළ මුහුද විසිනි. මේ අති දැවැන්ත ලවණ විල ගතවූ වසර 40 තුළ 1/3 කින් හැකිළී ගොස් තිබේ. ජලය සිඳී ගිය තැන්වල
Sinkholes ද මේ වන විට දැකගත හැකිය. මළමුහුදේ ලවණවලින්සු වඳ විලවුන් ඇතුළු රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම්වලට මෙය ලොතරැයියකි. ඔවුන් යුහුසුළුව මෙවැනි ස්ථාන හාරා තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ මළ මුහුදේ ඉවුරු තවදුරටත් ඛාදනයට ලක් කරමිනි.

මේ අතර, කොලොම්බියා සරසවියේ Lamont-Doherty Earth Observatory පර්යේෂකයන් පවසන්නේ මෙයට වසර දහස් ගණනකට පෙර වෙන යම් හේතුවක් නිසා මළ මුහුද මේ ආකාරයෙන් සිඳී ගිය විට එම ප්‍රදේශය අති දරුණු නියං සායකට ගොදුරු වූ බවයි. මේ වන විටත් මළ මුහුද ආශ්‍රිත කලාපයට වර්ෂාපතනය අඩු වී ඇති බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

දකුණු අප්‍රිකාවේ බයොබාබ් තුරු

© Tsvangirayi Mukwazhi-AP Photo

බයොබාබ් යනු මේ ලෝකයේ දැකගත හැකි අසිරිමත්ම සහ පැරණිතම යෝධයෙකි. දකුණු අප්‍රිකාවේදී මේ මහා වනස්පතියකට වසර 3000 ක් තරම් ජීවත් විය හැකිය. ‘ජීවයේ ගස‘ “the tree of life” කියා ද එයට කියනු ලැබේ. කෙසේ වෙතත් ගතවූ වසර 12 ක කාලය තුළ මිහිමත ඇති විශාලතම බයොබාබ් ගස් 6 න් 5 ක් මිය ගොස් තිබේ. තවද මිහිමත සිටි පැරණිතම බයොබාබ් ගස් 13 න් 9 ක් ද මිය ගොස් තිබේ. Nature Plants ජර්නලයේ පළ වන වාර්තාවකට අනුව මෙසේ වී තිබෙන්නේ දේශගුණික විපර්යාසයන් නිසා බවට සැක පළ කෙරේ.


Share

Recent Posts

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

14 mins ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

36 mins ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

5 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

17 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

21 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

23 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

23 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

23 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago