චීන මහජන විමුක්ති හමුදාව විසින් හමුදා කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අල්ලාගෙන ඇති බවටත්, ජනාධිපති ෂී ජින්-පින් නිවාස අඩස්සියට පත්කර ඇති බවටත් පුවත් පළ වේ.
තවත් පුවතකින් කියන්නේ හුනාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ හමුදා රථ පෙළක් හුබෙයි ප්‍රාන්තය වෙත පැමිණෙන විට එය කිලෝමීටර් 80 ක් පමණ දිගු වූ බවයි.
හමුදා ප්‍රධානී ලී කියෝමිං චීනයේ මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බවද වාර්තා වෙනවා.
කිසිදු හේතුවක් නොදන්වා චීනයේ අභ්‍යන්තර ගුවන් ගමන් 9000 කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇති බව තවත් පුවතකි.
චීනයේ සැබෑ තත්වය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා ගැනීම තරමක් අපහසුය. ඒ, එරට ජනමාධ්‍ය දැඩිලෙස පාලනය කර ඇති බැවිනි. මෙම තත්වය මත චීනය සම්බන්ධයෙන් බොහෝ අසත්‍ය පුවත් නිර්මාණය වන බැවින් වාර්තා වන පුවත් එකවරම විස්වාස කළ නොහැකිය.
චීනය තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බවටද පුවත් පළ වේ. ෆැක්ට්-චෙකර්ස්ලා පවසන්නේ මහජන විමුක්ති හමුදාව යනු චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්ෂයේම කොටසක් බවයි.
හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් විස්වාස කළහැකි කිසිදු පුවතක් මේ දක්වා වාර්තා වී නොමැති බවද ෆැක්ට්-චෙකර්ස්ලා පවසනවා.
චීන ජනාධිපති ෂී ජින්-පින් පසුගිය දින කිහිපය පුරා ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ නිරෝධායනය වෙමින් සිටින නිසා වියහැකි බවත්, ඔහු ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ සමුළුවට සහභාගිවී සියරට පැමිණ තවමත් ගතවී ඇත්තේ දින කිහිපයක් පමණක් බවත් ෆැක්ට්-චෙකර්ස්ලා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…