ලොව යන අත

තෘෂ්ණා රසයේ තල්මස් ලේ විල – ෆාරෝ දූපත්

ඩෙන්මාර්කයට අයත් ෆාරෝ දූපත් කොදෙව්වේ තොර්ෂ්වාන් මුහුදු බොක්ක බලා සිටියදී ලේ කඳක් බවට පත්විය.

ෆාරෝ කොදෙව්වාසීන් මේ ගැන කීවේ කුමක්ද? එය ’natural part of life’ ජීවිතයේ ස්වභාවික කොටසක් කියා ය! තල්මස් මාළු සහ තල්මසුන්ගේ තෙල් මන්ද (blubber) එකී දූපත් වාසීන්ගේ ආහාර වේලේ අත්‍යාවශ්‍ය අංගයක් බව ද ෆාරෝ දූපත් කියා තිබේ.

ෆාරෝ දූපත්වලට උදා වී තිබෙන්නේ ගිම්හානයයි. එළඹෙන ශීත සෘතුවට තමන්ට තල්මස් හා ඩොල්ෆින් මස් උවමනාව බව ඔවුහු කියති. සෑම ගිම්හානයකදීම මේ වෙරළ කරා ඇදී එන පයිලට් වර්ගයේ තල්මසුන් 800 දෙනෙක් පමණ මේ අන්දමින් සිත් පිත් නැති ලෙස මරා දැමෙන්නේ දිගු කලෙක පටන් ය. මුළු ලෝකයම ගල් ගැසී බලා සිටියත්, මුළු ලෝකයම ඔවුන්ට එරෙහිව අවි අමෝරා ගත්තත් මේ භීෂණය අවසන් වන පාටක් නැත.

Scribble

ඊයේ දිනය වන විට පයිලට් වර්ගයේ තල්මසුන් 145 දෙනෙක් සහ සුදු පාට ළපැත්තක් සහිත ඩොල්ෆින් මසුන් සත් දෙනෙක් ෆාරෝ දූපත්වලදී මරා දමා තිබේ. ජපානයේ තල්මස් දඩයම්කරුවන් සිය දඩයම සාධාරණීකරණය කරන්නේ ‘විද්‍යාත්මක පර්යේෂණ‘ සඳහා තල්මසුන් මරා දැමිය යුතු බව‘ කියමිනි. ඒ අනුව ෆාරෝ දූපත්වාසීන්ගේ විත්තිවාචකය වන්නේ දූපත්වාසීන්ගේ ආහාර වේලට තල්මසුන් නැතිවම බැරි බවයි. ඒ අනුව තල්මසුන් පමණක් නොව දූපතේ තණබිම්වල උළා කන බැටළුවන්, වෙරළාසන්නයේ ජීවත් වන මත්ස්‍යයන් මෙන්ම තල්මසුන් ද ඔවුන්ට දඩයම් කිරීමටම සිදුවන බව කියති. මේ අතරම ඔවුහු තවත් බොරුවක් කියති. ඒ නම්, තමන් විසින් දඩයම් කරන්නේ (තියුණු ආයුධවලින් ඇණ මරා දමන්නේ) ගැඹුරු දියඹේ සිට වෙරළ වෙත ඇදී එන තල්මසුන් පමණක් බවයි. නමුත් මෙම ඡායාරූපවලින් පැහැදිලිවම පෙනී යන පරිදි, තල්මසුන් ස්වභාවිකව වෙරළට ඇදී එනවා නොවේ. උන්ව බෝට්ටු යොදාගෙන වෙරළ කරා පැන්නීම සිදු කරයි.

බෝට්ටුවලින් තල්මසුන් වෙරළට කොටු කරන අන්දම | Andrija ILIC-AFP-Getty
Andrija ILIC – AFP-Getty

‘‘එක තල්මසෙකුගෙන් මේ ප්‍රජාවට තල්මස් මාළු කිලෝ සිය ගණනක් සහ තෙල් මන්දක් බැගින් ලැබෙනවා. එහෙම නොකළොත් අපිට සිද්ධ වෙන්නේ ඒවා පිටරටින් ආනයනය කරන්නටයි.“ යැයි ඔවුහු කියති.

Andrija ILIC – AFP-Getty
Andrija ILIC -AFP-Getty
Andrija ILIC -AFP-Getty

උතුරු අත්ලාන්තික් සාගරයේ තල්මසුන් 700,000 කට වඩා ජීවත් වන බවත්, ෆාරෝ දූපත අවට සැරිසරන්නේ තල්මසුන් 100,000 ක් පමණක් බවත් ඔවුහු තවදුරටත් කියති.

Ceta Journal – Dolphins & Whales
තල්මසුන් මරා දැමීමට යොදාගන්නා ආයුධ කට්ටලය

‘ස්පයිනල් ලාන්ස්‘ නමැති ආයුධයක් ඔවුහු මේ දඩයම සඳහා යොදා ගනිති. එය සෑම තල්මස් දඩයක්කාරයෙකු අතම අනිවාර්යයෙන් දැකගත හැකිය. එහිදී සිදුකරන්නේ තල්මසාගේ සුෂුම්නාවට එයින් ඇන, මොළයට ලැබෙන ලේ සැපයුම නතර කිරීමයි. එමගින් තත්පර කිහිපයක් ඇතුළත අවම වේදනාවකින් තල්මසා මියයන බව ධීවරයන්ගේ මතයයි.

‘‘අපිට සාමාන්‍යෙයන් මේ වගේ ලේ පොකුණක් හදාගන්න යන්නෙ විනාඩි 15 යි!“ යනුවෙන් ද ඔවුහු පාරම් බාති. ‘‘මේක හොඳින් සැලසුම් කරලා, නීති රීති අනුව කරන දෙයක්..‘‘ යැයි ද ඔවුහු තවදුරටත් කියති. ෆාරෝ දූපතේ තල්මස් දඩයම් කරුවන් ඒ සඳහා අවසර ලබාගත යුත්තේ ‘ෆාරෝ දූපත් සත්ව සුබ සාධන සංගමය‘ හරහා ය.

මේ අතර මේ වසරේ Blue Planet Society නමැති සත්ව අයිතිවාසිකම් සංවිධානය විසින් දියත් කළ අන්තර්ජාල පෙත්සමක් හරහා ලොව පුරා 250,000කට අධික පිරිසක් මේ තල්මස් දඩයම නතර කර දමන ලෙසට ෆාරෝ දූපත් වාසීන්ට අභියාචනය කර සිටියහ. කොතරම් නීත්‍යානුකූල සහ සතුන්ට අවම විඳවීමක් සහිතව මෙහි යෙදෙන්නේ යැයි කීවද, ඒ කිසිවක් සත්‍ය නොවන බව ඔවුහු කියා සිටියහ. සෑම වසරකම නීති විරෝධී අන්දමින් සහ අති අමානුෂික අන්දමින් 100,000 කට අධික ඩොල්ෆින් මසුන් සහ කුඩා තල්මසුන් ප්‍රමාණයක් මේ අන්දමින් මරා දමන බව ද ඔවුහු පෙන්වාදුන්හ.

මේ අතර, දූපත් වාසීන්ගේ ආහාර වේල පිළිබඳ වසර ගණනාවක පටන් පර්යේෂණවල නිරත වී සිටින ආචාර්ය ෆාල් වෙයිහේ අසාමාන්‍ය සොයාගැනීමක් ද කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ අධික ලෙස තල්මස් මාළු ආහාරයට ගැනීම නිසා කොදෙව්වේ අලුත ඉපදෙන බිළිඳන්ගේ ශරීරවල රසදිය මට්ටම ඉහළ ගොස් ඇතිබවයි. තල්මස් මාළු විෂවීමේ අවදානමක් ද පවතින බව ඔහු පෙන්වා දෙයි. රුධිරගත රසදිය මට්ටම ඉහළ යාම සහ, ගර්භනී සමයේ දූපත් මව්වරුන් විසින් ආහාරයට ගන්නා තල්මස් මාළු ප්‍රමාණය අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව ද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

නමුත් තෘෂ්ණා රසය මේ හැම කතාවකටම වඩා ප්‍රබල ය. ඉදිරි දින වලදී ෆාරෝ දූපත්වාසීන් තවත් තල්මසුන් සිය ගණනක් මරා ආහාරයට ගන්නවා ඇත.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

5 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

8 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

17 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

17 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago