ලොව යන අත

හයිටි දිළින්දන්ගේ කුසගිනි නිවන ”මැටි කේක්”

කැරීබියන් ඉර හයිටියටHaiti උඩින් දැඩි උණුසුමක් හයිටි පොළොව මත පතිත කරන්නේ අන්ත අසරණ කුස ගින්නේ වියපත් වූ සිරුරු වලට තවත් වේදනාව එක් කරමිනි.

ඒ හිරු රශ්මියෙන් විශාල ප්‍රදේශයක් පුරා වියළෙමින් තිබෙන Mud cakes මැටි රොටී ය . ඒවා සැබවින්ම අපි ආහාර පිසින්නට ගන්නා හෝ ගෘහ අලංකරණයට ගන්නා මැටි බඳුන් හැඩයක් ගත්තද ඒවා සැබවින්ම ඒ සඳහා නම් නොව . ලොව අන්ත දිළිඳු බවින් පෙලෙන රටක දුප්පත් මිනිසුන්ගේ කුස ගිනි නිවනා පොදු මෙන්ම ජනප්‍රිය ආහාරයයි…

මැටි රොටී මැටි කේක් ලෙස හඳුවන හයිටි ජනයාගේ මෙම ආහාරයේ සම්පූර්ණයෙන්ම සමන්විත වී ඇත්තේ මැටිය.. කණ්ඩායම් වශයෙන් එක්වුණ කාන්තවන් සැතපුම් ගණන් කඳු තරණය කර එක්රැස් කරගෙන එන මැටි වලට ලුණු හා ජලය එක්කරයි.. ඉන්පසු රොටී මෙන් ඒවා වඩා ඉර අවුවේ වියළයි… හයිටායේ බෙහෝමයක් දෙනාගේ උදේ ආහාරයද දහවල් මෙන්ම රාත්‍රී ආහාරයද මේ මැටි රොටී නැත්නම් මැටි කේක්ය…

ගොරෝසු මෙන්ම ඉක්මනින් බිඳෙන සුළු මෙම මැටි රොටී බැලූ බැල්මට කිසිවකුගේ ආහාර රුචිය වඩවන්නේ නම් නැත. මින් පෙර මේ මැටි කේක් පරිභොජනයට ගත්තේ ගර්භනී කාන්තාවන් විසින් සිය ගර්භණී අවධියේදී ඖෂධයක් ලෙසයි… නමුත් මීට වසර ගණනාවක් තිස්සේ ගර්භණී කාන්තාවන් පමණක් නොව බොහෝ හයිටි පවුල්ලවල සාමාජිකයින් මැටි කේක් පරිභෝජනය කරමින් සිටී. එය දැන් හයිටි ජනයාගේ ප්‍රධාන ආහාරයකි.

හයිටියේ ආහාර සහ ඉන්ධන අර්බුධය ලෝකයේ අන් සියළු රටවල් අබීබවමින් සිටී. වැඩිවන ජනගහණය මෙන්ම වැඩිවන දුප්පත්කම මේ ආහාර හිඟයට මූලිකම හේතුවයි. ඔවුන් කුස ගින්න හඳුන්වන්නේ ක්ලොරෙක්ස් ගිලදැමීම “swallowing Clorox” ලෙසයි..Clorox යනු ඉතා සැර bleach වර්ගයකි… එතරම් සැර Clorox ගිල දැමීමේදී ඇතිවන වේදනාවෙහිද කුස ගින්න නිසා ඔවුන්ට දැනෙන වේදනාවේද වැඩි වෙනසක් නැත.

ඒ වේදනාවෙන් ඔවුන් මුදවාලන්නේ මේ මැටි කේක්ය.. ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතේ කවදාවත්ම ඇත්තටම කේක් යනු මොනවාදැයි දැක නැති බව අනිවාර්යයකි.

වයසට වඩා උසින් අඩු කුඩා දරුවන්ගේ කුස පමණට අඩා ඉදිමී ඔවුන් විකෘති සරුර හිමිකර දී ඇත්තේ මේ දරා ගත නෙහෙැකි කුසගින්න හා මැටි කේක වැනි සෞඛය සම්පන්න නොවන ආහාරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි සංවිධානයට අනුව හයිටිය විසින් සිය පරිභොජන ආහර අපනයන වියදම 80% කින්වැඩි වී ඇත. ආහාර නිසා ඇතිවූණ අරගල හේතුවෙන් එරට අගමැති වරයා මෙන්ම තවත් බලධාරීන්ගේ ජීවිත පවා 2008 වසරේදී නැති විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ හියිටියේ තුනෙන් දෙකක එනම් මිලියන දෙක හමාරක ජනතාව මෙම ආහාර අර්බුධය හේතුවෙන් පීඩා විඳින බවයි.

මේ මෙහොත වන විටද හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ථනය වෙමින් පවතී.. හයිටිය වෙත සියළු ගුවන් ගමන් පවා මේ වන විට ජාත්‍යන්තර ගුවන් සේවා විසින් තාවකාලිකව නවතා ඇත. ආහාර සහ ඉන්ධන හිඟකම ඊට හේතු වී ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසන පරිදි
    • හයිටි ජනතාවගෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් දෙකකි .
    • එපමණක් ද නොව හයිටියේ ආදායමෙන් 70%ක් බෙදී යන්නේ එරට පෝසතුන් 10%ක් අතර පමණී.
    • හයිටියේ රැකියා වියුක්තිය 50%ක් වේ.
    • දේශගුණික විපර්යාසයන්ගේ අනිටු ප්‍රථිපල වාර්ශිකව 50000 හයිටි ජනයාගේ ජීවිත වලට තර්ජනය කරයි.
    • හයිටි වයස අවුරුදු 5ට අඩු දරුවන් 100000 මන්දපෝෂණයෙන් පීඩා විඳින අතර ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් කුරු දරුවන්ය.
    • සියයට 50කට පමණක් ජලපහසුකම පවතින අතර සනීපාරක්ෂව සඳහා ජලය ඇත්තේ 25% ප්‍රමාණයකට පමණි.
  • කාන්තාවන් සහ ළමුන් තුනෙන් එක් අයෙක් ඇනීමියා තත්ත්වයෙන් පෙළේ

[embedyt] https://www.youtube.com/watch?v=LXp8kL88ZRk[/embedyt]

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

6 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

10 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

18 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

19 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago