ලොව යන අත

යුද්ධයත්, රණ විරුවනුත්, යුධ අවිත් අතර අමතකව ගිය ”මිලිටරි සුනඛයන්”.

යුද්ධය …. ඒ හා බැඳුනු සෑම අයෙක්ම පාහේ ජීවිත ගැන ඇත්තේ අවිනිෂ්චිත හැඟීමක් පමණි.

යුද්ධ ගැන, යුධ භූමි ගැන නව තාක්ෂණය හා බැඳුණ ආයුධ ගැන විතරක් නොවෙයි යුධ මෙහෙයුම් වලදී යොදා ගැනෙන රෝබෝවරුන් ගැන ඕනෑ තරම් කථන්දර අප අසා ඇත… ඒත් අතීතයේ සිට රණබිමි තුළ කිසිවතුටත් කළ නොහැකි කාර්ය භාරයක් කළ මිලිටරි සුනකයන් ගැන අප කථා කාරන්නේම නැති තරම්ය.

යුධ භූමිය තුළ මිනිසුන්ට හෝ කිසිම යන්ත්‍රයකට කළ නොහැකි කාර්ය භාරයක් මිලිටරි සුනඛයන් ට කළ හැකිය. ඔවුන් සතු ඒ සහජ දක්ෂතාව කිසිලෙසකින් අවතක්සේරු කළ නොහැකිය…

https://www.bloomberg.com

මිලිටරි සුනඛයන් හා බැඳුනු ඉතිහාසය

යුධ භූමි තුළ සුනඛයන් භාවිත කිරීම ක්‍රිස්තු පූර්ව 600 දක්වා ඈතට ගමන් කරයිත ඒ ඊජිප්තු ජාතිකයන් ග්‍රීක ජාතිකයන් හා රෝම ජාතිකයන් විසින් .. ඔවුන්ගේ යුධ බිමි තුළ මෙන්ම ආරක්ෂක මොහයුම් වලදීද සුනඛයන් යොදා ගැනීම සිදු විය.

මේ අතර රෝමය හා මිලටරි සුනඛයන් අතර ඇත්තේ ද දිගු ඉතිහාසයකි.

විශ්වාසය තැබිය හැකි වූ, මනා බුද්ධියක් හා රැකවල් කිරීමේ ඉවක් තිබූ, අනම්‍ය වූ සුනඛයන් රෝමය විසින් යුරෝපය යටත් කර ගැනීමේ කැරැල්ලේදී, රෝමානු සේනාංකය මහද්වීපය හරහා විශාල කණ්ඩායම් ලෙස ගමන් ගන්නා ලදී. ශීතකිරීමේ උපක්‍රම නොපැවතීම නිසා සොල්දාදුවන් හට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ගවයන් රංචු රැගෙන යාමට සිදුවිය. සුනඛයන් මෙම ගවයන් එකතු කර තබාගැනීමටත් රාත්‍රියේදී ආරක්ෂා කර ගැනීමටත් යොදා ගන්නා ලදී. ක්‍රි.පූ. 74 පමණ කාලයේදී රෝමානු හමුදාව ඇල්ප්ස් හරහා ගමන් කොට දකුණු ජර්මනියට ඇතුලුවිය. එතැන් පටන් රෝමානුවන් ස්වාමිවරුන් විසින් පලවා හැරීමෙන් පසුවද සියවස් දෙකක් පුරාවට මෙම රෝමානු සුනඛයන් සතුන් රැකබලාගැනීම හා වෙලඳපල කරා ගෙනයාම සඳහා යොදා ගන්නා ලදී.

Source: NY Times

රණබිමි තුළ මෙන්ම ආරක්ෂක කටයුතුසඳහාද සුනඛයන් යොදා ගැනීම පිළබඳඉතිහාසය නිළ වශයෙන් සඳහන් වන්නේ පළමු ලෝක යුධ සමයේදීය . පළමු ලෝක යුධ සමයේ පොලිස් සුනඛයන් සඳහා ඉහල ඉල්ලුමක් ඇති වූ අතර එහිදී විශේෂයෙන්ම රොට්වෙයිල(ර්) සුනඛයන් කෙරෙහි නැවත සැලකිල්ල යොමු විය. පළමු හා දෙවන ලෝක යුධ සමයන්හීදී රොට්වෙයිල(ර්) සුනඛයන් පණිවිඩකරුවන් ලෙස, හදිසි අනතුරු සේවාවන්හීදී හා රැකවලුන් ලෙස යොදා ගන්නා ලදී.

එතෙකින් පසු ලොව පැවති බොහොමයක් යුද්ධ වලදී සජීවී ආයුධයක් මෙන්ම අති දක්ස මෙහෙයුමු කරුවන් ලෙස සුනඛයන් සිදු කර ඇති කාර්යබාරය අතිමහත්ය.

ඇමරිකානු හමුදාව සහ මිලිටරි සුනඛයන්

Source: NY Times

ඇමරිකානු හමුදාව තුල මිලිටරි සුනඛයන්ට ලැබෙන විශේෂත්වය උපරිම වේ. මේ මෙහෝත වන විට ඇමරිකානු හමුදාවට අනුයුක්තව ලොව යුද්ධය පවතින ප්‍රදේහ වල මිලිටරි සුනකයන් 1600ක් දෙනා පමණ සිටී. විශේෂයෙන්ම ඇමරිකානු හමුදාව ක1ියාකාරීව සිටින ඇෆ්ගනිස්ථානය තුළ පමණක් එක් හමුදා නිළඳාරියෙක්ට සිටින සුනකයන් ගණන තිදෙනෙකි.

දිනෙන් දින ඔවුන්ගේ වටිනාකම ඉහල යත්ම ඔවුන්ගේ ප්‍රයෝජනයන්ද ඉහළය. ත්‍රස්තවාදීන් මහජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාරයන් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය අන් කවරකටත් වඩා විශ්වාස කළ හැක්කකි.

වර්තමානයේ ඇෆ්ගනිස්ථානය ඉරානය වැනි රටවල යුද්ධ සඳහා සහභාගී වී සිටින ඇමරිකානු හමුදාවන්ගේ ප්‍රදාන උපකරණයක් බවට පත්ව ඇත්තේ මිලිටරි සුනකයන්ය.

බටහිර රටවල් බෙහෝමයක් සියයට 85% ක් පමණ මිලිටරි සුනකයන් බඳවා ගනු ලබන්නේ ජර්මනිය සහ නොදර්ලන්තය වැනි රටවලිනි. ලෝකයේ දක්ෂ මිලිටරි සුනකයෙක් සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ වටිනාකමකි. මනාව පුහුණු කළ ඉතා තියුණු රදනක දත් ඇති සුනඛයෙක් සඳහා සාමාන්‍ය වටිනාකම ඩෝලර් 25000ක් පම‍ණ වේ.

source http://hardnoxandfriends.com

ඔවුන්ට මෙම වටිනාකම හිමිවන්නේ ඔවුන්ගේ සේවයටම පමණක් නොවන්නේය. මනාව පුහුණු වූ බෝම්බ සහ පුපුරණ ද්‍රවය හඳුනාගැනීමේ හැකියාව ඇති සුනඛයෙක් සඳහා ඇමරිකානු හමුදාව ඩොලර් 150000ක් ගෙවනු ලබයි.

බඳවා ගන්නා මිලිටරි සුනඛයන් අතරින් සියල්ලම පුහුණු කළ යුතුවන්නේ සුනඛයින් 50%කටය . සෙස්සන් බොහෝමයක් තුළ විදානයන්ට මනාව ක්‍රියාකිරීමේ හැකියාව මනාව පවතී. ඔවුන්ව පුහුනු කිරීමේ කාර්ය සියල්ලන්ටම කළ නොහැකි අතර ඒ සඳහා විශේෂ පුහුනු නිළධාරින් සිටී. පුහුනු වේදී ඔහුගේ භාරකාර එනම් ඔහුව මෙහෙයවන හමුදා නිලධාරියාට වැඩි වගකීමක් පැවරේ. එහිදී ඔවුන් දෙදෙනා අතර සුවිශේසි සම්බන්ධතාවක් ගොඩනගනු ලබයි. බෙහෝ විට මෙහෙයුමකදී මේ මෙහෙයවන්නා එනම් ඔහුගේ සඟයා මිය ගිය හොත් එම මිලිටරි සුනඛයාගේ සේවය නැවත ලබා ගැනීම පහසු කාර්යක් නෙවේ. බෙහෝ විට එසේ සුනඛයා අන් කිසිවකුගේ විධාන වලට අනුව ක්‍රියාත්මක වීම දුලබය. එමෙන්ම සිය සඟයා මිය ගිය විට ඔහු දරා ගත නෙහෙැකි තරම් දුකට පත් වන අතර බෙහෝ විට පාලනය කළ නොහැකි මට්ටමට පත්වේ.

අප බොහෝ විට සිතන්නේ මිලිටරි සුනකයන් සියල්ලන්ම ජර්මන් ෂේපර්ඩ් වර්ගයේ සුනඛයන් බවයි.නමුත් විවිධ සුනඛ වර්ග යුධපිටිය තුල සිය අභිමානයන් පෙන්වා ඇති අවස්තා එමටය. Labrador Retriever, Belgian Malinoisආදී වර්ගත් මිලිටරි සේවයේ අති දක්ෂයන්ය. 2013 වසරේ ඇමරිකානු සීල් හමුදාව ඔසාමා බින් ලාඩන් මෙහෙයුම සඳහා යොදා ගත්තේ මෙම කයිරෝ නැමති Belgian Malinois වර්ගයේ සුනඛයෙකි.

සාමාන්‍යයෙන් අති දක්ෂ සුනඛයෙක්ගේ ගඳ සුවඳ ආග්‍රහණය කර ගැනීමේ සංවේදී බව සාමාන්‍ය මිනිසෙක්ට වඩා 40 ගුණයකින් වැඩිය.

සාමාන්‍ය හමුදා සෙබළුන් මෙන්ම මිලිටරි සුනඛයන්ටද විශ්‍රාම ගැනීමට කාලයක් එළැඹේ. ඇමරිකානු හමුදාව සේවය තුළනම් 2000 වසර වන තුරුම බෙහෝවිට සිදු වුණේ විශ්‍රාම ගිය සුනකයන් අතහැර දැමීමයි. සේවයෙන් පසු ඔවුන්ව සාමාන්‍ය සමාජයට මුදා හැරීම කිසිසේත්ම සිදු කල නෙහැක්කකි ඒ සඳහා ඔහුව පුනරුත්තාපනය කිරීමද ලෙහෙසි කාර්යයක් නෙවේ. එමෙන්ම ඔවුන්ගේ වීරක්‍රියා ඇගයීමද බෙහෝවිට සිදු නොවන්නකි. නමුත් 2000 වසරේදී ජනපති බිල් ක්ලින්ටන් විසින් හඳුන්වා දුන් රොබීස් නීතිය “Robby’s Law” ට පසු සඟයා මිය ගිය සුනඛයන්ට මෙන්ම ව්‍රශ්‍රාම ගිය සුනඛයන්ටද සිය සඟයාගේ පවුලේ උදවිය සමග සිය ජීවිත කාලයේ ඉතිරි කොටස ගෙවා දමන්නට අවසර ලැබිණි. බෙහෝ විට ඔවුන්ව පුනරුත්තාපනයෙන් පසු නැවත එම පවුල්වලට භාර දීම සිදු කරයි.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

8 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

12 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

15 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

17 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

17 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago