ක්‍රීඩා

යුද්දෙට කික් එකක් දීලා සාමයට ගෝල් එකක් ගහන FIFA 2022

FIFA ලෝක කුසලාන කටාර් නියෝජිතයින් මැදිහත්ව ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයින් හමුවී ඊශ්‍රායල සහ පලස්තීනුවන්ට තරඟ සඳහා සහභාගී වීමට හැකි වන පරිදි සැලසුම් සකස් කර ඇත.මේ අනුව FIFA ලෝක කුසලාන කාලසීමාව සඳහා කටාර්හි පවතින ගොඩබෑමේ අයිතිය සහිත ගුවන් සමාගමක් විසින් ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන් තොටුපළ සහ දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සෘජු කුලී ගුවන් ගමන් තාවකාලිකව ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර ඇත.

එසේම ඊශ්‍රායල් පුරවැසියන් සඳහා කොන්සියුලර් සේවා ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් දෝහා පදනම් කරගත් පුද්ගලිකව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංචාරක සමාගමක් හරහා සපයනු ලබන අතර. දෝහා හි පලස්තීන තානාපති කාර්යාලයේ කොන්සියුලර් සේවාවන් සඳහා පලස්තීනුවන්ට පහසුකම් සළසා ඇත.
මේ සම්බන්ධයෙන් FIFA වෙනුවෙන් මැදිහත්ව වගකීම ගෙන කටයුතු කළ කටාරයට මෙන්ම ඊශ්‍රායලයටත් පලස්තීනයටත් සිය ස්තූතිය පුද කරන FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පෙන්වා දෙන්නේ පාපන්දුවට මිනිසුන්ව එකට එකතු කිරීමේ බලය ඇති බවය. එය සියලු සීමා මායිම් ඉක්මවා, සියලු දේශසීමා තරණය කර අන් කිසිවකට කළ නොහැකි අයුරෙන් එකමුතුකම පෝෂණය කිරීමේ හැකියාවෙන් යුක්ත බව ද පෙන්වා දෙයි.

රටවල් දෙකක යුද මානසිකත්වය පසෙකට කිරීමට තරම් පාපන්දුවට ඇති හැකියාව සාමය සඳහා වන තාවකාලික හෝ යහපත් ප්‍රවේශයකි.එහෙත් කටාරය එතරම් ඉදිරි පියවරක් තැබීමට සූදානම් වුව ද,සිය ආගමික සංස්කෘතියෙන් බැහැරට සිතන මිනිසුන්ගේ විද්‍යාත්මකව විකෘතියක් නොවන බවට තහවුරු වූ බැදීම් සඳහා පනවා ඇති වාරණයන් ඉවත් කළ බවක් පෙනෙන්නට නැත.ඒ නිසාම තවමත් වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් කටාරය වැනි ගෝත්‍රික චින්තනයන් සහිත රටකට ලෝක කුසලානය ලබා දීමට එරෙහිව අදහස් ප්‍රකාශ කරමින් ඇත.එය ලෝක කුසලානයක් සම්බන්ධයෙන් සංවිධානය කිරීමේ අවස්ථාව ලද පළමු මුස්ලිම් රට හැටියට කටාරය අනෙකුත් රටවලට එය දිනා ගැනීමට ඇති මඟ වැසීමක් ද විය හැකිය.නමුත් ඔවුන් පලසතීනය සහ ඊශ්‍රායලය සමඟ පාපන්දු ලෝක කුසලානය පදනම් කරගෙන එය නැරඹීම සඳහා එම රටවල ජනතාවට හැකිවන සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට ගත් උත්සාහය ප්‍රශස්තය.

RM

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

43 mins ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

4 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

4 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

18 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

21 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

22 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

22 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

23 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

23 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

23 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago