ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට තරඟ වදින පළමු සංක්‍රාන්ති සමාජභාවී කත ඩැනියෙල් මැගාහේ

සටහන – ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 කාන්තා ටී 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තරඟ වදින පළමු සංක්‍රාන්ති සමාජභාවී කාන්තාව ලෙස කැනඩාවේ ඩැනියල් මැගාහේ තේරී පත්ව තිබේ.

29 හැවිරිදි ඩැනියෙල් 2024 කාන්තා ටී 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තරඟ වැදීමට තේරී පත්වන්නේ, බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත අවසාන තරඟයට උණුසුම් පිතිහරඹයක් ලබා දීමේ අදිටනින් යුතුව ය.

ඩැනියෙල් එළඹෙන සතියේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ICC ඇමරිකා සුදුසුකම් ලැබීමේ තරඟයේදී ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ එක්සත් ජනපදය සමඟ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට නියමිත ය.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සංක්‍රාන්තියේ වෛද්‍ය විද්‍යාත්මක (medical transitioning), නෛතික (legal transitioning) හා සමාජීය (socially transitioning) වශයෙන් අවධීන් කිහිපියක් පවතින අතර, ඕස්ට්‍රේලියානු ජාතික ඩැනියෙල් තම සමාජීය සංක්‍රාන්තිය ආරම්භ කර තිබෙන්නේ ඉකුත් 2020 වර්ෂයේ නොවැම්බර් මස ය. ඒ ඈ කැනඩාවට සංක්‍රමණය වී මාස කිහිපයකට පසුව ය.

ඈ සිය වෛද්‍ය විද්‍යාත්මක සංක්‍රාන්තිය ආරම්භ කර තිබෙන්නේ 2021 වර්ෂයේ මැයි මාසයේ වන අතර, ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියට පුහුණුවීම් සිදුකරන අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සංක්‍රාන්ති සමාජභාවී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළව සම්පූර්ණකළ යුතු නිර්ණායක යටතේ තම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම නිරතුරුව අධීක්ෂණය කරමින් පාලනය කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම, මාසිකව රුධිර පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් ඩැනියෙල් විසින් සැපයිය යුතු අතර, ICC නිර්ණායක අනුව තම සමාජභාවී අනන්‍යතාවය (gender identity) “කාන්තා” බවට තහවුරු කර අත්සන් යොදන ලද ලිපියක් ක්‍රිකට් කවුන්සිලය වෙත භාරදීමට ද ඈ විසින් කටයුතු කර ඇත.

තම ක්‍රීඩා දිවිය තුළ වඩාත්ම අභියෝගකාරී කටයුත්ත බවට පත්ව තිබෙන්නේ මෙසේ මාසිකව රුධිර පරීක්ෂණ වාර්තා ලබාදීම බවත්, ඊට හේතුව නම් ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස නිරතුරුව සංචාරය කිරීමට සිදුවීම බවත් ඩැනියෙල් බීබීසී පුවත් සේවය වෙත පැවසුවාය.

සංක්‍රාන්ති සමාජභාවී (Transgender) ප්‍රජාවට සිස්-සමාජභාවී (Cisgender) පුද්ගලයන් මෙන් තමා කැමති ක්‍රීඩාවක නිරත වීමට ඇති අයිතිය සම්බන්ධයෙන් බරපතල මතභේදාත්මක තත්ත්වයක් ක්‍රීඩා ලොව තුළ හටගෙන තිබේ. වඩාත් ගතානුගතික හා සාම්ප්‍රදායික මතධාරීන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ක්‍රීඩාවල නිරතවීම සිස්-සමාජභාවී කාන්තාවන් හා පුරුෂයින් හට සිදුකරන අසාධාරණයක් බව පවසද්දී, මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක සහ මානුෂීය ඇසින් නිරීක්ෂණය කරනවුන් පවසන්නේ, පුද්ගලයකු යම් ක්‍රීඩාවක නිරත වීමට අවශ්‍ය හෝමෝනමය නිර්ණායකයන් නිසිපරිදි සම්පූර්ණ කරන තුරාවට ඔවුන්ගේ සමාජභාවී අනන්‍යතාවය ක්‍රීඩාවට හෝ එම ක්‍රීඩාවේ නියැලෙන අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලපෑමක් එල්ල නොකරන බවයි.

එමෙන්ම, සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක හෝ පුරුෂයකු ක්‍රීඩාවක නියැලීම මඟින් එම ක්‍රීඩාවේම නියැලෙන සිස්-සමාජභාවී කාන්තාවක හෝ පුරුෂයකුට අවාසිදායක තත්ත්වයක් උදා කරන්නේ යැයි කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් තහවුරු කර නොමැති පසුබිමක මෙම සංවාදය දිගටම පැවතීම ද කණගාටුවට කරුණකි.

Share

Recent Posts

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

11 hours ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

14 hours ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

1 day ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

1 day ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

4 days ago