ක්‍රීඩා

දකුණු අප්‍රිකාවෙන් එංගලන්තයට පරාජයන් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ද,දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායම ප්‍රංශයේ පැවත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද එංගලන්තය අභිබවා යන්නට සමත් විය.මෙහිදී ස්ප්‍රින්ග්බෝක්ස් නම් අප්‍රිකානු ගැසල් නම් සත්වයාගේ හැසිරීමට සමාන කර හඳුන්වන දකුණු අප්‍රිකානුවන් එංගලන්තය අභිබවා යාම අතිශයින් වැදගත් වන්නේ එම ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකාවට මුහුණ දෙන්නට වන්නේ ලෝක කුසලානය අත්පත් කර ගැනීමේ අවසන් තරගයට බැවින්ය.

වත්මන් රගර් ලෝක කුසලානයේ හිමිකාරීත්වය දරණ දකුණු අප්‍රිකාව මේ වසරේ ලෝක කුසලාන අවසන් තරගයට පිවිසෙන්නේ අපරාජිත කණ්ඩායමක් හැටියට නොවේය.ලෝක හ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණ සිටි අයර්ලන්තය වෙතින් 13 – 8 ක් ලෙස පරාජයට පරාජයක අමිහිරි වේදනාවත් සමඟය.එහෙත් තරගාවලිය නිමාවන්නටත් ප්‍රථම ඔක්තෝම්බර් 16 වන දින නවතම ශ්‍රේණිගත කිරිම් හී අංක එක දරන්නට දකුණු අප්‍රිකාවට හැකි වී ඇති අතර අවසාන තරගයේදී ලොව අංක එකේ කණ්ඩායම හැටියට ලොව අංක දෙකට සිටින නවසීලන්තය හෙවත් ඕල්ඩ් බ්ලැක්ස් කණ්ඩායම හමුවන්නට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 29 දා ය.නවසීලන්ත කණ්ඩායම ද තරගාවලිය සත්කාරක ප්‍රංශය වෙතින් 27 – 13 ක පරාජයක් ලබමින් අරඹපු කණ්ඩායමකි.

මේ මොහොත වන විට ආර්ථික වශයෙන් යම් බිඳ වැටීමක සිටින දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රංශයට පැමිණ ලෝක කුසලානය නරඹන්නට එරට ජනතාවට නොහැකි බව නායක සියා කොලිිසි පවසන්නේය.නමුත් රටම ඔවුන් සමඟ වන බව ඔහු විශ්වාස කරයි.ඒ බව තහවුරු කරන්නට දකුණු අප්‍රිකාව තුළ මිනිසුන් සුබ පතන්නට රෙඳ බදින ආකාරයත්,කුඩා දරුවන් ලිපි ලියමින,චිත්‍ර අදිමින් සහ කවි ලියමින් ඔවුන්ට සුබ පැතුම් එක් කරන ආකාරයත් කොලිසි උදාහරණ ලෙස දක්වන්නේය.

දකුණු අප්‍රිකාව අවසාන තරගයේදී හමුවන නවසීලන්තය ද සමඟ මේ මොහොතේ සිටින්නේ ලෝක කුසලාන තුනක හිමිකරුවන් ලෙස සම තැනය.ඒ නිසා ඔක්තෝම්බර් 29 වන දා ජයග්‍රහණය ලබන කණ්ඩායමට වැඩිම අවස්ථා ගණනකදී ලෝක කුසලානය දිනු කණ්ඩායම හැටියට ඉතිහාසයට තනිව එක්වන්නට අවස්ථාව හිමි වන්නේය.දකුණු අප්‍රිකාව අවසන තරගයට ඒම වැළක්වීම සඳහා තියුණු තරගයකට මුහුණ දුන්නේය.එංගලන්තය ඉදිරියේ දැඩි අභියෝගයකට මුහුණ දී අවසාන තරගයට පිවිසීම සඳහා දකුණු අප්‍රිකාව ලැබූ ජය සටහන් වූයේ 16 – 15 ක් ලෙසය.

එංගලන්තය අතර තරගයේ මුල් අර්ධය නිමවන විටත් දකුණු අප්‍රිකාව සිටියේ පසුපසින්ය.ලකුණු සටහන දැක් වූණේ එංගලන්තයට වාසිදායක ලෙස 12 – 6 ක් ලෙසය.එහෙත් දෙවන අර්ධයේදී එංගලන්තය වෙනුවෙන් මුල් අර්ධයේදී නිදහස් පහර හතරකින් ලකුණු ලැබූ ඕවන් ෆැරල් ම දෙවන අර්ධයේදී ද තවත් නිදහස් පහරකින් ලකණු පූවරුව ලකුණු 15 – 6 ක් බවට පත් කරන්නට සමත් විය.ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකාවේ ස්නයිමන් තරගයේ වාර්තා වූ එකම උත්සාහක දිණුම දකුණු අප්‍රිකාව වෙත ලබා දුන්නේය.එහි ප්‍රවර්ථනය මෙන්ම තරගයේ 78 වන විනාඩියේදී ලැබු නිදහස් පහරෙන්ද කණ්ඩායමට ජයග්‍රහණය කරා යන්නට අවශ්‍යය මාවත සකස් කරේ හැන්ඩ්රේ පොලාර්ඩ් ය.ඒ මොහොත තීරණාත්මකව ජයග්‍රහණය වෙනුවෙන් භාවිතා කිරීම නිසා පොලාර්ඩ්ම තරගයේ වීරයා ලෙස ද නම් විය.

ඔවුන්ට අවසන් තරගයේදි හමුවන නවසීලන්තය අවසාන තරගයට පිවිසෙන්නේ ඉතා පහසුවෙන් ආර්ජෙන්ටිනාව පරාජය කරමින්ය.ඒ ලකුණු 44 – 6 ක් ලෙසය.එහෙත් අසීරුවෙන් අවසාන මහා තරයට පිවිසි දකුණු අප්‍රිකාව පහසුවෙන් පැමිණි නවසීලන්තය අතර හමුව ගැන තරගකාරීත්වය සම්බන්ධයෙන් අනාවැකි කීමේදී නවසීලන්තයේ ප්‍රබලත්වය ගැන පමණක් කතා කරන්නට නොහැකිය.මන්ද මේ වසරේ අගෝස්තුවේදි නවසීලන්තය සිය ඉතිහාසයේ ජාත්‍යන්තර පිටියේ අත් කරගත් දරුණුම පරාජයට මුහුණ දෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවය.එහි ලකුණු තත්ත්වය වූයේ 35 – 7 කි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයෙ රගර් කණ්ඩායම මෙන් දැඩි තරගයක් දීම වෙනුවට තෝරා ගත්තේ දැවන්ත පරාජයක්ය.විශේෂයෙන් දකුණු අප්‍රිකාවට අභියෝග කිරීම පිණිස යෝකර් පන්දු යොමු කිරිමට ගත් අසාර්ථක උත්සාහයන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් ඉදිරියේ නැවතුණේ පුල්ටොස් පන්දු හැටියටය.අන්තිමට ඒවා නැවතුණේ හයේ පහරවල් හැටියටය.එංගලන්ත පන්දු යවන්නන්ට හොඳටම බැට දුන් පිතිකරුවන් බවට පත් වූයේ හේන්රිච් ක්ලාසන් (109) සහ මාර්කෝ ජෙන්සන් (නොදැවී 75) දෙදෙනාය.ක්ලාසන් සිය ලකුණු ප්‍රමාණයට පිවිසියේ පන්දු 67 ක් තුළය.ජෙනස්න වැය කළේ පන්දු 42 ක් ය.

ඊට අමතරව රීසා හෙන්රික්ස් පන්දු 75 දී ලකුණු 85 ක් සහ වැන්ඩර් ඩුසේන් පන්දු 61 දී ලකුණු 60 ක් ලබා ගන්නට සමත් වූහ.ලකුණු 399 ක දැවන්ත ලකුණු පූවරුවක් එංගලන්තය ඉදිරියේ නිර්මාණය කරන්නට දකුණු අප්‍රිකාවට හැකි වූ අතර ඉලක්කගත ලකුණු 400 හඹා ගිය එංගලන්තය පන්දු ඕවර් 22 ක් තුළ ලකුණු 170 ට නවත්වන්නට දකුනු අප්‍රිකාවට හැකි විය.ඕවරයකට ලකුණු 8 ක වේගයකින් ජයග්‍රහණයට යා යුතුව තිබූ එංගලන්තය ලකුණු වේගය ගැන පමණක් සිතමින් පහර දෙන්නට උත්සාහ කළ අතර තරගය ඒ නිසා පන්දු ඕවර් 22 න් නිමා කර දකුණු අප්‍රිකානු කණ්ඩායමට තමන්ගේ රගර් ජයග්‍රහණයද සතුටින් භුක්ති විඳින්නට ඉඩ ලැබිණ.

තරගයේ වීරයා ලෙස හෙන්රිච් ක්ලාසන් ඇගයීමට පාත්‍ර විය.ක්‍රිකට් තරගයේ ලකුනු සටහනට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/england-vs-south-africa-20th-match-1384411/full-scorecard

රග්බි තරගයේ ලකුණු සටහනට පිවිසීමට පහත සබඳතාවයෙන් හැකියාව ඇත.
https://www.rugbyworldcup.com/2023/match/semi-final-2-winner-quarter-final-3-winner-quarter-final-4

මේ සමඟ පළවන ක්‍රිකට් සහ රග්බි ඡායාරූප අතර ප්‍රධාන ඡායාරූපය ලෙස දැක්වෙන්නේ දකුණු අප්‍රිකාව රග්බ් ලෝක කුසලාන අවසාන තරගයට කැඳවාගෙන ආ තරගයේ වීරයා වූ හැන්ඩ්‍රේ පොලාර්ඩ්ස් තීරණාත්මක නිදහස් පහරට පිවිසි අවස්ථාවය.

සටහන – නිශ්මං රණසිංහ

Share

Recent Posts

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

5 hours ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

9 hours ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

22 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

1 day ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago