ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය යන විරුදාවලිය ලත් ෆින්ලන්ත අගමැතිනි සනා මැරින් ට එරෙහිව ඉකුත් දිනක මත්ද්‍රව්‍ය චෝදනා එල්ල විය. ඒ ඈ එක්තරා උත්සව අවස්ථාවක විනෝද වන දසුන් ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තීබීම නිසායි.
ඈ සිටින බවට පැවසෙන වීඩියෝ පටය ඈට දේශපාලනික වශයෙන් පහර දීමට ප්‍රතිවාදීන් යොදාගත් අතර, ඇගේ ප්‍රතිපාක්ෂික දේශපාලන නියෝජිතයන් පවසා සිටියේ සනා මැරින් වහා මත්ද්‍රව්‍ය සඳහා වූ වෛද්‍ය පරීක්ෂාවකට යොමුකළ යුතු බවයි.
මීට අදාළව ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සිදුකළ අතර, එහි ප්‍රතිඵල දැන් ලැබී තිබේ. ඒ අනුව ඇගේ ප්‍රතිඵල සෘණ ලෙස පැමිණ තිබේ.
36 හැවිරිදි ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ තමා මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාව සිදුකරනු ලැබුවේ ඇගේ නීතිමය ආරක්ෂාව සඳහා බවයි.
එමෙන්ම, තමා කිසිදිනක නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර නැති බව ඈ අවධාරණය කළාය.
ෆින්ලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක තිබෙන්නේ ඇගේ වෛද්‍ය වාර්තාව හරහා ඈ මත්ද්‍රව්‍යයක් ලබා ගෙන ඇති බවට කිසිඳු සාක්ෂියක් හමු නොවී ඇති බවයි.
මේ අතර, සනා මැරින් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය, ඉකුත් අගෝස්තු 18 වන දින සමාජ මාධ්‍යයට මුදා හැරි ඈ සිටින්නේ යැයි පැවසෙන වීඩියෝ පටය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, එම වීඩියෝ පටය පටිගත කිරීම පිළිබඳව ඇගේ විරෝධයක් නොමැති වූ මුත් එය මහජන ප්‍රදර්ශනය සඳහා අවසරයකින් තොරව සමාජ මාධ්‍යයට මුදා හැරීම පිළිබඳව ඈ කළකිරීමට පත්වන බවයි.
ඡායාරූප: ගෙටී ඉමේජස්
සබැඳි පුවත්:
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…