සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ ශුද්ධ වූ රාමසාන් මාසය තුළ යාඥා කරමින් සිටි විදෙස් සිසුන් පිරිසකට හින්දු අන්ත දක්ෂිණාංශික කල්ලියක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ප්‍රහාරය හේතුවෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතරදෙනෙනෙකුගේ තත්වය බරපතල බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වීඩියෝ පට රැසක් සංසරණය වන අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
අහමදාබාද්හි පිහිටි විශ්ව විද්‍යාලය මණ්ඩපයේ මුස්ලිම් පල්ලියක් නොමැති බැවින් ඇෆ්ගනිස්ථානය, උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අප්‍රිකානු රටවල් කිහිපයක පැමිණි මුස්ලින් සිසුන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ යාඥා කරමින් සිටියදී පොලු සහ පිහිවලින් සන්නද්ධ 250ක පමණ පිරිසක් නේවාසිකාගාරයට කඩා වැදී ‘ජයි ශ්‍රී රාම්’ යැයි ප්‍රකාශ කරමින් මුස්ලිම් සිසුන්ට පහර දී ඔවුන්ගේ කාමරවලට හානි කර ලැප්ටොප් යන්ත්‍ර, දුරකථන ආදියට හානි කර තිබේ.
දකුණු හයිද්‍රාබාද් නගරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අසාදුදීන් ඔවයිසි, අගමැති නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගෙන් ඉල්ලීමක් කරමින් Xසමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ඔබේ භක්තිය සහ ආගමික සටන් පාඨ එළියට එන්නේ මුස්ලිම්වරුන් සාමකාමීව ඔවුන්ගේ ආගම අදහන විට පමණක් වන බවත්, මෙය මොන නින්දවක්ද යනුවෙනි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.