සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කීර්තිමත් දේශපාලන රාජවංශයක ප්‍රධානියකු සහ මැන්චෙස්ටර් ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජයේ හිටපු හිමිකරු වන තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා මෙම මසදී නිදහස් කරනු ඇති බව තායිලන්තයේ අධිකරණ අමාත්‍ය Tawee Sodsong නිවේදනය කර තිබේ.
තක්ෂින් ෂිනවත්‍රා 2001 සිට 2006 දී නිව් යෝර්ක්හි සිටියදී හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද අතර ඔහු වසර 15ක් ස්වයං පිටුවහල් කිරීමකින් අනතුරුව නැවත රටට පැමිණීමෙන් පසු බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ දූෂණය සම්බන්ධයෙන් වසර අටක සිර දඬුවමකට යටත් විය. ඔහුගේ පිටුවහල් කාලය තුළ නොපැමිණීමේ චෝදනාවලට වැරදිකරු විය.
ඉන් අනතුරුව ප්‍රකෝටිපතියා රාජකීය සමාව සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසුව තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු විසින් තක්ෂින්ගේ සිර දඬුවම වසර අටක සිට වසරක් දක්වා අඩු කරනු ලැබිය.
ඒ අනුව යමින් අද(13) දිනයේ තායිලන්තයේ අධිකරණ අමාත්‍ය Tawee Sodsong තක්ෂින් වෙත තහවුරු කළේ මේ මාසයේ නිදහස් කර ඇති රැඳවියන් 930 දෙනාගෙන් තක්ෂින් එක් අයෙකු වන බවයි.
74 හැවිරිදි තක්ෂින්, වයස අවුරුදු 70 ට වැඩි රැඳවියෙකුගේ ගණයට වැටෙන බැවින් හා නිදන්ගත රෝගාබාධයකින් පෙළෙන බැවින් ඔහු සමාව සඳහා සුදුසුකම් ලබා ඇත.
සිය දේශපාලන කාලය පුරාවටම, තක්ෂින් තායිලන්තයේ ග්‍රාමීය සහ කම්කරු පන්තිය අතර අතිශයින් ජනප්‍රිය චරිතයක් වූ අතර භෞතිකව රට තුළ නොසිටි අවස්ථාවල පවා තක්ෂින් තායි දේශපාලනය කෙරෙහි විශාල බලපෑමක් කළ අයෙකු විය. පසුගිය වසර වනතුරු 2001 සිට සෑම මැතිවරණයකදීම වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබුණේ තක්ෂින්ට හිතවත් දේශපාලන පක්ෂයි.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.