ප්‍රමාණවත් දත්ත ආරක්ෂණ ක්‍රමවේදයක් හා සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රංශය රජයේ සේවකයින්ගේ දුරකථනවල TikTok, Twitter, Instagram තහනම් කර ඇති බව වාර්තා වේ.
තහනම වහාම ක්‍රියාත්මක වන බව සිවිල් සේවා අමාත්‍යාංශය ඊයේ(24)දිනයේදී ටුවිටර් හි සඳහන් කර තිබිණ.
පසුගිය සති කිහිපය පුරා ධවල මන්දිරය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව, ලන්දේසි සහ බෙල්ජියම් පරිපාලනය, නවසීලන්ත පාර්ලිමේන්තුව සහ කැනඩාව, ඉන්දියාව, පකිස්ථානය, තායිවානය සහ ජෝර්දානය යන රජයන් ඇතුළුව රජයන් සහ ආයතන මාලාවක් මෑත සතිවල TikTok තහනම් කර ඇත. එයට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජනපද නීති සම්පාදකයින් සහ ජාතික ආරක්ෂක නිලධාරීන් විසින් TikTok මගින් රැස් කරන ලද පරිශීලක දත්ත වෙත චීන රජයට ප්‍රවේශ විය හැකි බවට පැවසීමත් සමඟය.
මීට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී FBI හි අධ්‍යක්ෂ Christopher Wray ප්‍රකාශ කර තිබුණේ TikTok සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂක අවදානම් මතු කරන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් කියා සිටියේ, ටික්ටොක් තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට එක්සත් ජනපදය තවමත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවයි.
TikTok යෙදවුම චීන මවු සමාගමක් වන ByteDanceට අයත්වන අතර 2017 දී චීනය විසින් ක්‍රියාත්මක කරන ලද නීතියක් මගින් රටේ ජාතික ආරක්ෂාවට අදාළ ඕනෑම පුද්ගලික දත්තයක් රජයට ලබා ගත හැකිය. TikTok එවැනි දත්ත පෙරළා ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති මුත් එය එකතු කර ඇති පරිශීලක දත්ත ප්‍රමාණය විශාලවන බැවින් බිය සැක ඇතිවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් චීනය ප්‍රකාශ කර තිබුණේ වොෂින්ටනය වැරදි තොරතුරු පතුරුවා හරිමින් TikTok මර්දනය කරන බවයි.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.