ප්‍රේක්ෂකයන් නොසතුට, දුක, කඳුළු [ඇතැම් විට කෝපය] මැද තනි කරමින් ලෝක ප්‍රකට ‘ගේම් ඔෆ් ත්‍රොන්ස්’ කතාමාලාව අවසාන වූයේ මීට තෙවසරකට ඉහත දී ය. නම වසරක් පුරා (2011 – 2019) ලොවක් බලා සිටි ‘මකර මාතාව’ ඩැනේරියස් ටාගේරියන් කිරුළු හටන ජය ගත්තේ නැත. ඈ පොරොන්දු වූ විමුක්තිය ලොවට උදාවූයේ ද නැත. ඇගේ පියා වූ ‘උමතු රජු’ හෙවත් දෙවන ඒරීස් මෙන්ම වියරු වැටෙමින් ‘රජවරුන්ගේ දේශය’ මකර ගිනි ජාලාවලින් ගිනිබත් කරමින් අහසින් පැමිණි ඩැනේරියස්ට අවසානයේ උදාවූයේ ඈ ප්‍රිය කළ ඇගේම ඥාති පුත්‍රයකු වන ජොන් ස්නෝ නිසා අවසන් ගමන් යෑමට ය. කිරුළ හිමි වූයේ වෘක දේශයේ බාල පුත් පසුව ‘තෙවැනි ඇස හිමි කපුටා’ යන විරුදාවලිය හිමිවූ බ්‍රැන් ස්ටාර්ක් නම් අබ්බගාත කොලුවාට ය.
නූතන ලොවට පවා මනාව ගැලපෙන දුෂ්ට දේශපාලන ක්‍රීඩා, සමාජ පිරිහීම්, මානව විරෝධී ක්‍රියා, ලිංගිකත්වවාදය සහ ස්ත්‍රී විරෝධය, මායාව, ෆැන්ටසිකරණය, ගිනිකෙළි, කඩු හරඹ, විශ්මකර්ම, සහ රාජාණ්ඩු තේමාවට සුසර කරමින් අනඟි ප්‍රේක්ෂක රසාස්වාදයක් ගෙන ආ ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාමාලාව එසේ අවසාන වෙද්දී, එහි පූර්වගාමී කතාමාලාවක් ලෙස ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ කතාමාලාව දිගහැරෙයි.
ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාමාලාවට පාදක වන ප්රබන්ධමය කාල පරිච්ඡේදයට වසර 200 කට පමණ ඉහත දී හටගත් සිදුවීම් මාලාවක් හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කාතාමාලාවෙන් දිග හැරෙන අතර, මෙම කතාවෙන් කියවෙන්නේ, කිරුළු හටනේ මකර මාතාව වූ ඩැනේරියස් ස්ටෝම්බෝර්න් හෙවත් ඩැනේරියස් ටාගේරියන් නියෝජනය කළ මකර ආනුභාවය හිමි ‘ටාගේරියන්’ රජ පෙළපතේ කඩා වැටීම සිදුවූ ‘මකරුන්ගේ රංගනය’ යන අන්වර්ථ නාමය හිමි කාලසීමාව පිළිබඳවයි. කිරුළු හටනේ නිර්මාතෘ ජෝර්ජ් ආර්.ආර්. මාටින් ගේ කෘතීන්ට අනුව සප්ත මහා රාජධානියේ පස්වන රජු බවට පත්වූ පළමු විසේරීස් ටාගේරියන් රජුගේ කාලසීමාව මෙම ටෙලි නාට්‍ය මාලාවට පාදක වී තිබේ.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පාදක වූයේ ජෝර්ජ් ආර්.ආර්. මාටින් විසින් රචිත ‘අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර්’ නම් කෘති මාලාවයි. ද හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතාමාලාවට පාදක වන්නේ මාටින් විසින් ටාගේරියන් පෙළපතේ ඉතිහාසය පිළිබඳව ලියූ ‘ෆයර් ඇන්ඩ් බ්ලඩ්’ නම් කෘති මාලාවයි.
හවුස් ඔෆ් ද ඩ්‍රැගන් ටෙලිනාට්‍ය මාලාව ගේම් ඔෆ් ත්‍රොන්ස් පරිදි ම ‘එච්බීඕ’ නාලිකාවේ තිරගත කිරීමට මාටින් සහ රයන් කොන්ඩල් විසින් නිර්මාණය කර ඇත.
මෙම කතාමාලාව දැනට පරිච්ඡේද දෙකක් ලෙස විකාශය කිරීමට සැලසුම් යොදා ඇති අතර, පළමු පරිච්ඡේදයේ මංගල එපිසෝඩය විකාශය වූයේ ඉකුත් අගෝස්තු 21 වන දින ය. පළමු පරිච්ඡේදය එපිසෝඩ දහයකින් සමන්විත වන අතර, පැඩී කොන්සිඩින්, මැට් ස්මිත්, එමා ඩ’ආර්සි, මිලී අල්කොක්, රිස් ඉෆාන්ස්, ස්ටීව් ටවුසෙයින්ට්, ඊව් බෙස්ට්, සෝනොයා මිසුනෝ, ෆේබියන් ෆ්‍රැන්කෙල්, ඔලිවියා කුක්, එමිලි කේරි, ග්රැහැම් මැක්ටැවිෂ් ඇතුළු රංගධරයන් රැසකගේ රංගනයෙන් මෙම කතාමාලාව සමන්විත වේ.
සුපුරුදු පරිදිම හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතාමාලාව ද ගේම් ඔෆ් ත්‍රොන්ස් මෙන්ම සංගීතයෙන් රසවත් කරන්නේ රමින් ජවාදි ය.
සබැඳි ලිපි:
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…