ලෝකයේ දිගම නිය සහිත මිනිසා වශයෙන් ගිනස් ඇතුළු වාර්තා පොත්වලට එක්ව සිටියේ ඉන්දියාවේ පූනේ හි ජීවත් වන ශ්‍රීධර් චිලාල් ය. (Shridhar Chillal)ය. ඔහු අවුරුදු 66 කින් නියපොතු කපා තිබුණේ නැත. නමුත් ඊයේ දිනයේ පෙර තත්වය වෙනස් විය.
මේ වන විට 82 හැවිරිදි ශ්‍රීධර්, මීටර 9 කට වඩා දිගට වැවුණු නිය සහිතව සිටියේය. හරියටම කියනවා නම් ඒ නියපොතුවල දිග සෙන්ටිමීටර 909.6 කි. ඔහු නියපොතු වවා තිබුණේ වම් අතේ ය. වම් අතේ නියපොතු අතරින් දිගම නිය වූ, වම් මහපටැඟිල්ලේ නිය පමණක්, සෙන්ටිමීටර 197.8 ක් දිගට වැවී තිබිණි. ඊයේ ඔහු නියපොතු කැපීම සඳහා ම විශේෂ උත්සවයක් ද ගත්තේය. ඒ සඳහා පූනේ නගරයේ සිට නිව්යෝක් බලා ඔහු පියාසර කළේ රිප්ලීස් බිලීව් ඉට් ඕ නොට් (Ripley’s Believe It or Not museum) කෞතුකාගාරයට ඇරයුම් පිට ය.
එහිදී කපන ලද නියපොතු එම කෞතුකාගාරය විසින් සංරක්ෂණය කර තැන්පත් කර තබනු ඇත.
දකින අයට අපුලක් ඇති වුවද, ශ්‍රීධර් නම් ඔහුගේ වකගැසුණු, රවුම් වුණු, රෝල් වුණු ‘නිය දඟර‘ නඩත්තු කළේ පුදුමාකාර කැපවීමකිනි. එහි පුදුමයක් ද නැත්තේ, නියපොතු සාමාන්‍ය අන්දමින් කපමින් ජීවත් වුණා නම් කිසිදා නොලැබෙන ආකාරයේ ප්‍රසිද්ධියක් ඔහුට මේ නියපොතු ජාලය නිසා ලැබුණු හෙයිනි. 2016 වසරේ ඔහු ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ ‘Longest Fingernails on a Single Hand Ever’ හෙවත්, අතක දිගම නියපොතු ඇති මිනිසා ලෙස ය.
Main Photo: මහා නිදහසක් ලැබුවා සේ කපා හෙළූ නියපොතු ජාලය දෙස බලා සිටින ශ්‍රීධර් Photo Credit: Ripley’s Believe It or Not
ලෝකයේ දිගම නිය ඇති මිනිසා වශයෙන් ඔහුට ගිනස් වාර්තා පොතේ ඉඩ වෙන් කළ ගිනස් ආයතනය, ඔහු අවුරුදු 66කට පසුව රිප්ලීස් කෞතුකාගාරයේ සිට නියපොතු කපන අවස්ථාව ද සිය යූ ටියුබ් චැනලයට එක් කිරීමට අමතක කර තිබුණේ නැත. ඒ සඳහා යොදාගෙන තිබුණේ විදුලි බලයෙන් ක්‍රියා කරන කැපුම් යන්ත්‍රයකි.
එම වීඩියෝව පහතින් නරඹන්න…
[embedyt] https://www.youtube.com/watch?v=gwoYzpesr4c[/embedyt]
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…