ඕමානයට අයත් මුහුදු කලාපය තුළ තෙල් නෞකා දෙකක සිදුවූ පිපිරීම පිටුපස ඉරානය සිටින බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කළ චෝදනාව තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසයි.
ඕමාන් හී ගල්ෆ් මුහුදු කලාපයේ සිදු වූ තෙල් නෞකා දෙකේ පිපිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඇමරිකාව වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙය ඉරානය සිදුකළ ප්රකෝපකාරී ක්‍රියාවක් බව පැහැදිලි බවයි
ඉරානය පවසන්නේ ඇමරිකාව විසින් තමන් වෙත සිදු කළ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බවයි. ජපානය විසින් හිමිකාරිත්වය දරන Kokuka Courageous සහ නොර්වේ රාජ්‍යට අයත් Front Altair නෞකා දෙකට මෙම ප්රහාරයන් එල්ල විය.
මෙම පිපිරුමට මසකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්යයේහිදීද ඉන්ධන ටැංකි 4කට ප්‍රහාර එල්ල වූ අතර ඇමරිකාව විසින් එම පහාරයන් හී චෝදනාවද ඉරානය වෙත එල් කරනු ලැබීය. එම චෝදනාවද ටෙහෙරානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම සිදුවීමත් සමග ලෝක තෙල් මිල 4% ක ප්‍රමාණයකින් ඉහළ යෑමක් සිදුවී ඇති අතර ලොව විශාලතම නෞකා සමාගම වන BIMCO පවසන්නේ සැබෑ අවි ගැටුමක් නොවුනද මෙම තත්ත්වය විශාල අර්බුදයක් බවට පත්වෙමින් පවතින බවයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.