එසැණ පුවත්

රුසියාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අබිරහස් ලෙස මරුට…

රුසියාවේ ගෘෘ (GRU) යනුවෙන් හඳුන්වන හමුදා රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ජනරාල් ඉගෝර් කොරොබොව් වයස අවුරුදු 62 දී මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

2016 වසරේදී රුසියානු හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත් වූ ජනරාල් කොරොබොව් දීර්ඝ කාලයක් ‘බරපතළ ලෙස‘ රෝගාතුර වී සිටි බව ද එහි තවදුරටත් සඳහන් වේ.

ජෙනරාල් කොරොබොව්, රුසියාවේ ඉහළම සම්මානය වන ‘රුසියානු වීරයා‘ පදක්කමෙන් ද පුද ලැබුවෙකි.

ඔහු ඇමරිකාවේ පරිගණක හැක් කිරීමේ සිදුවීමකට ද සම්බන්ධ බවට සැක කරමින් ඇමරිකාව 2016 දෙසැම්බරයේ ඔහුගේ නම, ඇමරිකාවට පැමිණීම තහනම් වන රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් කර තිබිණි.

බ්‍රිතාන්‍යෙය් ජීවත් වූ, අතීතයේ රුසියානු ඔත්තු කරුවෙකු ලෙස කටයුතු කළ සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට වස දීම පිටුපස සිටින්නේ ගෘෘ සංවිධානය සහ කොරොබොව් බවට විශාල සැකයක් තිබේ.

සැලිස්බරි නුවරදී 2018 මාර්තු 4 වැනිදා රසායනික විෂ ප්‍රහාරයකට ලක් වූ ඔවුන් දෙදෙනා ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් සති කිහිපයක්ම රෝහල්ගත ව සිටි අතර, එංගලන්තය තුළ ක්‍රියාත්මක වන රුසියානු බුද්ධි අංශ මෙහෙයුම් පිළිබඳව ද මේ සිදුවීම නිසා කරුණු රාශියක් අනාවරණය විය. මෙම වසදීම සිදුකළ බවට හඳුනාගත් ඇලෙක්සැන්ඩර් මිෂ්කින් සහ ඇනතොලි ෂෙපිගා යන දෙදෙනාම ගෘෘ බුද්ධි අංශයේ සාමාජිකයන් ලෙස ද හඳුනාගෙන ඇත. රුසියාව මෙම ප්‍රහාරයේ වගකීම ගැනීම සහමුලින්ම ප්‍රතික්ෂේප කළ ද, බටහිර ලෝකය මේ සිදුවීමෙන් අනතුරුව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 150කට ආසන්න ප්‍රමාණයක් සිය රටවලින් පළවා හැරීමට කටයුතු කළේ, තර්ජනයේ බැරෑරුම්කම වටහා ගනිමිනි.

රුසියාවේ බුද්ධි අංශ ත්‍රිත්වය

රුසියාව තුළ ප්‍රධාන ඔත්තු සේවා 3 ක් ක්‍රියාත්මක වේ. GRU ඒකකය, රුසියානු හමුදා බුද්ධි අංශය වශයෙන් අන්තර්ජාතික ලෙස විවිධ මෙහෙයුම්වල නියැළී සිටියි. මේ අතර ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙනි. මෙයට අමතරව විදේශ බුද්ධි අංශ සේවාව (SVR) යනුවෙන්, බ්‍රිතාන්‍යයේ MI6 සංවිධානයට සමාන බුද්ධි අංශ සේවාවක් ද ක්‍රියාත්මක ය. අවසානයේ සැලිස්බරි විෂ ප්‍රහාරය පිළිබඳ සියලු කරුණු අනාවරණය කර ගැනුණේ MI6 විසිනි.

2006 වසරේදී ඉදිකිරීම් නිම කළ ගෘෘ හමුදා බුද්ධි අංශ මූලස්ථානය | REUTERS

ජනරාල් කොරොබොව්ගේ කුප්‍රකට අතීතය

සෝවියට් සංගමය පැවති සමයේත් පසුව රුසියානු හමුදා බුද්ධි අංශය තුළත් කොරොබොව්ගේ අතීතය, වසර 40කට වඩා පැරණිය. 80 දශකයේ මැද භාගයේ හමුදා බුද්ධි අංශයට බැඳුණු ඔහු, පසුව එහි ඉහළම නිලයට පත් වන්නේ ක්‍රමෝපායික මෙහෙයුම් සම්බන්ධයෙන් පළ කළ දස්කම් හේතුවෙනි.

නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදී අරගල කඩාකප්පල් කිරීම, ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්වාදී උපක්‍රම දියත් කිරීම වැනි අන්තර්ජාතික වශයෙන් මහත් ආන්දෝලනයට ලක් වූ මෙහෙයුම් රැසක් කොරොබොව්ගේ මෙහෙයවීම යටතේ ඉටුකර තිබේ. 2014 වසරේදී ක්‍රිමියාව රුසියාවට ඈඳා ගැනීම සාර්ථක වීම පසුපස සිටියේ ද කොරොබොව් බව සැලකේ. 2015 වසරේදී ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳා ගැනීමට සුළු කාලකට පෙර පුටින් ද ගෘෘ සංවිධානය මෙයට දායක වූ බව පිළිගෙන තිබේ.

රුසියානු ජනපති පුටින් ගෘෘ සංවිධානය සමග අතිශය සමිප සබඳතාවක් පවත්වාගෙන යයි. ඔහු විසින් බුද්ධි අංශ මූලස්ථානය නැරඹීමට පැමිණි අවස්ථාවක් | GETTY IMAGES

මේ අතර, චෙච්නියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ ද ඔවුන් විසින් විවිධ මෙහෙයුම් දියත් කර තිබේ. කෙසේ නමුත් මොන්ටනිග්‍රෝ රාජ්‍යය සම්බන්ධ බුද්ධි අංශ කුමන්ත්‍රණයක් සාර්ථක කර ගැනීමට කොරොබොවේ සමත් වූයේ නැත.

රුසියාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන මෙඩූසා විසින් සඳහන් කරන ආකාරයට ගෘෘ හි නිලධාරීහු වසර 3 ක අති විශේෂ පුහුණුවක් ලබති. ගෘ සංවිධානයෙහි නිල ලාංඡනය වන්නේ ලෝකගෝලය පුරා අත්තටු විහිදාගෙන සිටින කළු පැහැති වවුලෙකි.

මේ අතර කොරොබොව්ගේ මරණය කෙසේ සිදුවීද යන්න ගැන ද අපැහැදිලිතාවයක් තිබේ. ඔහු ‘Wonderful person‘ යැයි ඔහුගේ මරණයෙන් පසු රුසියාව පවසා ඇතත්, විදෙස් වාර්තාවලට අනුව, අවසාන කාලයේ ඔහු සහ දෙපාර්තමේන්තුව අතර තිබී ඇත්තේ යහපත් සබඳතාවයක් නොවේ. විශේෂයෙන්ම සැලිස්බරි සිදුවීම අන්තර්ජාතික වශයෙන් රුසියාවට විශාල අපකීර්තියක් ගෙන ඒම සම්බන්ධයෙන් පුටින් පසුවී තිබෙන්නේ ඔහු පිළිබඳ අප්‍රසාදයෙනි. මේ අතර, ගෘෘ හි හිටපු ප්‍රධානියා වූ අයිගෝර් සෙර්ගන් ද මිය ගොස් තිබෙන්නේ හදිසියේම, එම ධුරය දරමින් සිටින අතරවාරයේදී ම ය.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

14 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

20 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

22 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

22 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

23 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

23 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago