උගන්ඩාවේ බටහිර කලාපයේ මේ දිනවල හටගන්නා අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නායයාම් සිදුව ඇති අතර, මෙම නායයාම් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බව රතු කුරුස සංවිධානය නිවේදනය කරයි.
බටහිර උගන්ඩාවේ කසෙසෙ දිස්ක්‍රික්කයේ මෙම ආපදාව සිදුව ඇත.
නායයාම් හේතුවෙන් නිවාස ඇතුළු දේපල රැසකට හානි සිදුවී ඇති අතර, මඩ ගොහොරුවලට යටවූ සුන්බුන් අතර දිවි ගලවා ගත් පුද්ගලයන් සිටී ද යන්න සොයමින් මෙහෙයුම් දියත් කර තිබේ.
රතු කුරුස සංවිධානය අද (07) දින නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නායයාම් තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා දරුවන් ය.
මේ වන විට ආපදාවෙන් පුද්ගලයන් සය දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව එම සංවිධානයේ උගන්ඩා ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක අයිරීන් නකාසිටා මහත්මිය පවසයි.
බටහිර උගන්ඩාවේ කසෙසෙ දිස්ත්‍රික්කය අධික වර්ෂා හමුවේ නායයාමේ අවදානමක් ඇති කලාපයක් බවට හඳුනාගෙන ඇති අතර, මීට හේතුව නම්, මෙම දිස්ත්‍රික්කය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ දේශසීමාවේ රවෙන්සොරි කඳු පාමුල පිහිටා තිබීමයි.
දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙයි.
උගන්ඩාවට දිගු කලක් නියං තත්ත්වයක් පැවත මෙසේ අධික වර්ෂා හට ගැනීම සිදුව තිබෙන්නේ ඉකුත් ජූලි මස පටන් වන අතර, එකී අධික වර්ෂා හමුවේ ගංවතුර ආදී ආපදා රැසක් හට ගෙන ඇත. මින් අස්වනු විනාශ වීම්, නිවාස, යටිතල පහසුකම් ඇතුළු දේපල හානි වීම් මෙන්ම ජීවිත හානි ද වාර්තා වී ඇත.
මීට ඉහත ජූලි මාසයේදී අධික වර්ෂා හේතුවෙන් නැගෙනහිර උගඩන්ඩාවේ ම්බාලේ දිස්ත්‍රික්කයේ හටගත් ගංවතුර ගැලීමක් නිසා පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
ඡායාරූප: උගන්ඩා රතු කුරුස සංගමය (ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙනුවෙන්)
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.