කාලීන

උද්ඝෝෂකයෝ හොංකොං හි පරිපාලන මූලස්ථානය වටලති

ජූලි 1 වැනිදාට යෙදී තිබෙන හොංකොං දේශ, චීන පාලනයට යටත් වීම සමරමින් උද්ඝෝෂකයෝ විශාල පිරිසක් රජයේ ප්‍රධාන ගොඩනැගිලි මූලස්ථානය වෙත කඩා වැදුණේ, හොංකොං හි සාමාන්‍යෙයන් දැකගත හැකි සාමකාමී ජන රැළි සම්ප්‍රදාය විප්ලවීය ලෙස වෙනස් කරමිනි.

ඔවුන් ඊයේ දිනය යොදාගත්තේ මතභේදයට තුඩු දී ඇති උදර්පණ පනත් කෙටුම්පත හකුළා ගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීමේ නවතම වෑයම ලෙස ය.

සිය ගණනක් වූ තරුණ උද්ඝෝෂකයන් මේ අනුව රජයේ මුලස්ථානය වෙත, එහි තිබූ වීදුරු කඩා බිඳ දමමින් කඩාකප්පල්කාරී ලෙස ඇතුළු වූ අතර,  එයින් ඉවත් වීම ට පෙර පැය ගණනාවක් එහි බලහත්කාරයෙන් ද රැඳී සිටියහ. ඔවුන් එයින් ඉවත් වූයේ සිය ගණනක් වූ කැරළි මර්දන පොලිසිය එහි ළඟා වීමත් සමග ය.

කැන්ටොනීස් බසින් ස්ප්‍රේ කරන ලද අකුරුවලින් ලියන ලද සටන් පාඨ ද ගණනාවක් එහිදී දැකගත හැකි විය.

පොලිසිය පිරිස විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර යොදාගත්හ. මුල් අවස්ථාවේදීම පොලිස් මර්දනය සිදු නොවී, උද්ඝෝෂකයන්ට පැය කිහිපයක් මෙම මර්මස්ථානයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව පොලිස් මර්දනය සිදුකළේ මන්ද යන්න අන්තර්ජාතික පුවත් සේවාවන් හි ප්‍රශ්න කිරීමට ලක්විය.

මෙම ආණ්ඩුකරණ මූලස්ථානය හැදින්වෙන්නේ ‘ලෙජිස්ලේටිව් කවුන්සිල්‘ හෙවත් ‘ව්‍යස්ථාදායක කවුන්සිලය/සභාව යනුවෙනි.

CNN

පොලිස් විරෝධතා මධ්‍යෙය් නොසැලී සිටි ශිෂ්‍යයන් ප්‍රකාශ කළේ ආණ්ඩුව සිය ඉල්ලීම්වලට කන් නොදෙන නිසා වීදි බැසීම හැර අන් විකල්පයක් නොමැති වූ බවයි.

මහජන කෝපය ඇවිස්සූ ‘උදර්පණ පනත් කෙටුම්පත‘

මෙයට පෙර පසුගිය සති කිහිපය තුළ අවස්ථා ගණනාවකදී දස දහස් ගණන් වූ සාමකාමී උද්ඝෝෂකයන්ගෙන් හොංකොං වීදි පිරී ගියේ උදර්පණ පනත් කෙටුම්පතකට විරුද්ධව ය. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන ලෙසත්, උදර්පණය අවසන් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

ජූනි 16 දා පැවති උද්ඝෝෂණවලට මිලියන 2 ක් හෙවත් ලක්ෂ 20 ක් ජනයා පැමිණ තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළේය.

අර්ධ ස්වයං පාලනයක් පවතින හොංකොං දේශය හෙවත් ‘හොංකොං විශේෂ පරිපාලන ඒකකය‘ චීන පරමාධිපත්‍යයට නතු වීමේ 22 වන සංවත්සරය යෙදී තිබුණේ ජූලි 1 වැනිදා ය.

CNN

මෙම දිනය උදර්පණ පනත් කෙටුම්පතට විරුද්ධව නැගී සිටීමට හොඳම දවස ලෙස උද්ඝෝෂකයන් තෝරාගත්තේ විශේෂ හේතු කිහිපයක් නිසා ය. ඒ අතරින් ප්‍රධානතම හේතුවක් වන්නේ දේශපාලන හෝ ව්‍යාපාරික වැරදි සිදුකරන ලද හොංකොං වැසියන් චීනයට උදර්පණය කිරීමට මෙම කෙටුම්පතින් ඉඩ ලැබෙන නිසා ය. හොංකොං හි ප්‍රධාන විධායිකා නොහොත් හොංකොං නායිකා කේරි ලැම් පවසා තිබෙන්නේ එම කෙටුම්පත සම්මත කිරීමේ අදහස දැනට හකුළාගෙන ඇති බව ය. ඇය මෙම නීතිය ගෙන ඒමට උත්සාහ කිරීම ගැන ජනතාවගෙන් සමාව ද ඉල්ලා තිබේ. නමුත් මෙම උදර්පණ පනත ඉදිරියේදී සම්මත කිරීමට ඉඩක් නැති බව මෙයින් අදහස් නොවේ. එයද උද්ඝෝෂකයන්ගේ කෝපයට හේතුවකි.

කේරි ලැම් – හොංකොං හි රාජ්‍ය නායිකාව හෙවත් ප්‍රධාන විධායිකාව චීනයේ අතකොළුවක් බවට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති. (chinaconference.hk)

හොංකොං හි ක්‍රියාත්මක වන්නේ ‘එක රටක්- ක්‍රම දෙකක්‘ මොඩලයයි. ( “One Country, Two Systems” ) මෙය, 1997 වසරේදී හොංකොං රාජ්‍යය බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදවා චීනය වෙත භාරදීමේදී නිර්මාණය කර ගත්තකි. චීනය විසින් ව්‍යවස්ථාමය වශයෙන් පාලනය වුවද, හොංකොං යනු චීනයේ යටත් විජිතයක් නොවේ. එය ස්වාධීනත්වයක් භුක්ති විඳින අතර, විශේෂ පරිපාලන ඒකකයක් වශයෙන් පවතියි. විශේෂයෙන්ම ආර්ථික කටයුතුවලදී එය චීනයෙන් ස්වාධීන ය. හොංකොං වැසියන් අතර ප්‍රචලිත කතාවකට අනුව චීනය යනු, ඔවුන්ගේ ‘ලොකු අයියා‘ ය. ඔවුන් චයිනා මේන්ලන්ඩ් නොහොත් චීනය ලබාඇති ආර්ථික දියුණුව සහ හොංකොං දේශයට එයින් ඵල ලැබීම සතුටින් පිළිගන්නා අතරම, චීනය, හොංකොං හි පාලන කටයුතුවලට අනිසි ඇඟිලි ගැසීම් නොකළ යුතු බව ද විශ්වාස කරයි. සැබවින්ම විශාල ස්වාධිපත්‍යයක් හොංකොං රාජ්‍යය විසින් භුක්ති විඳියි.

1997 වසරෙන් පසු හොංකොං දේශය අති දැවැන්ත දියුණුවක් ලැබූ අතර, ලෝකයේ දූෂණ හා වංචා අඩුම රාජ්‍යයක් ලෙස ද එය දිගින් දිගටම පවතියි.

CNN
CNN
Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

13 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

18 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

21 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

23 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

23 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago