හංගේරියාවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව ගොඩනැඟෙමින් තිබෙන එල්ජීබීටී විරෝධය පිටුදැකීමෙහිලා හංගේරියාවේ සියළු රටවල තානාපති කාර්යාල එකට පෙළගැසී ඇති මේ මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව එල්ජීබීටී ප්‍රජාවගේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා ඉකුත් ජූලි 19 වන සඳු දින විවෘත ලිපියකට අත්සන් තබා ඇත.
මෙම විවෘත ලිපියට, ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චිලී, සයිප්‍රසය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, මොන්ටිනිග්‍රෝ, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් විසින් සහයෝගීතාවය දක්වා ඇත. පසුව එම ලිපිය හංගේරියාවේ සංස්කෘතික ආයතන 12 ක් විසින් අත්සන් කරන ලදී.
හංගේරියාවේ එක්සත් රාජධානි තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් – ඔවුන් එල්ජීබීටී ප්‍රජාවේ සාමාජිකයන්ට පූර්ණ සහයෝගය, සමානාත්මතාවය දක්වන මෙන්ම වෙනස්කොට සැලකීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කප්පාදු කිරීම, සාමකාමී රැස්වීම ඇහිරීම සහ ප්‍රචණ්ඩත්වයෙන් නිදහස් වීමේ අයිතිය පිළිබඳව පෙනී සිටින බවත්, නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම සහ විශ්වීය මානව හිමිකම් විශ්වීය බවට පිළිගන්නා බවත්, ඒවා සියලු මිනිසුන්ට සමානව අදාළ විය යුතු බවත්, කිසියම් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය මත පදනම්ව ඕනෑම ආකාරයක වෙනස්කොට සැලකීමක් සිදුනොකළ යුතුය යන ස්ථාවරයේ පසුවන බවත් ප්‍රකාශ කර ඇත.
මේ වන විටත් හංගේරියාවේ එල්ජීබීටී විරෝධී අන්ත දක්ෂිණාංශික සහ ජාතිකවාදී අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් ට එරෙහිව ප්‍රභල හඬක් යුරෝපා සංගමය ඇතුළු රටවල් වලින් නැගී තිබේ. ඒ ඔහු හංගේරියාවේ සිවිල් සංවිධාන තහනම් කිරීම, සමරිසි ලිංගික ක්‍රියා සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ අනන්‍යතාවය එරටින් මකා දැමීමට දරන උත්සාහය හමුවේ ය.
ඉකුත් දිනක දී සමලිංගිකත්වය කෞමරකාමය හෙවත් පෙඩොෆීලියාවට සමාන කරමින් හංගේරියාව තුළ නීතියක් සම්මත කර ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ද ඕර්බන් මහතා ය. වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් කෙරේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය වීම තහනම් කිරීම මෙම නීතිය හරහා සිදුව තිබිණි.
ඒ තුළින් පාසල් වල එල්ජීබීටී ගැටළු ආමන්ත්‍රණය කිරීම තහනම් කිරීම, බාලවයස්කරුවන් දැකිය හැකි වෙළඳ දැන්වීම් හෝ මාධ්‍යවල ඕනෑම ආකාරයක එල්ජීබීටී නියෝජනයක් අන්තර්ගත වීම තහනම් කිරීමට ඕර්බන් ප්‍රමුඛ රජය කටයුතු කළේය.
එල්ජීබීටී පුද්ගලයින් ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සෑම රාජ්‍යයකම තේරී පත්වන නායකයින්ගේ සහ රජයන්ගේ අවධානයට ලක්විය යුතු බව මෙම තානාපති කාර්යාල අවධාරණය කරයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.