ලොව යන අත

මුසෝලිනීගේ මිණිපිරිය ජාතිවාදය ගැන කතා කරයි – ට්විටර් යුද්ධයක් අරඹයි.

මෙයට මුල් වී තිබෙන්නේ ප්‍රහසන නළුවෙකු මෙන්ම කාටුන් ශිල්පියෙකු ද වන ඇමරිකානු ජාතික ජිම් කෙරී විසින් ට්වීට් කර තිබෙන පින්තූරයකි. එහි දැක්වෙන්නේ බෙනීටෝ මුසෝලිනී සහ ඔහුගේ පෙම්වතිය සේ සැලකෙන ක්ලැරෙටා පෙටාසි පාදවලින් එල්ලා මරා දමා තිබූ ආකාරයයි.

“If you’re wondering what fascism leads to, just ask Benito Mussolini and his mistress Claretta.”

‘‘ෆැසිස්ට්වාදයෙන් අවසානයේ සිදුවන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට උවමනා නම් බෙනීටෝ මුසෝලිනී සහ ඔහුගේ හොර අඹුව ක්ලැරෙටාගෙන් අහන්න“ යැයි එහි සඳහන් වේ.

1945 අප්‍රේල් 28 වැනිදා, නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණය සිදුවූ බවට කියන දිනට දවස් 2කට පෙර මුසෝලිනී සහ ක්ලැරෙටා පෙටාසි කොමියුනිස්ට් පාක්ෂිකයන් විසින් අල්ලාගෙන වෙඩි තබා මරා දමන ලදී. පසුව ඔවුන්ගේ මළ සිරුරු එල්ලා තිබුණේ ඒ අන්දමිනි.

මුසෝලිනීගේ මිණිපිරිය කියන කතාව

මෙම ට්විටර් සටහන පිළිබඳ කරුණු දක්වමින් ඇලෙස්සැන්ඩ්‍රා මුසෝලිනී කියා තිබෙන්නේ ජිම් කෙරී යනු ‘අවජාතකයෙකු‘ (bastard) බවයි.

ඒ, ජිම් කෙරීට විරුද්ධව ‘ට්විටර් යුද්ධයක්‘ ආරම්භ කරමිනි. ඇමරිකානු ඉතිහාසයේ මතභේදාත්මක අවස්ථා ගණනාවක් සිහි ගන්වමින් ඇය විසින් පිළිතුරු ට්විටර් මාලාවක් පළ කර තිබේ.

රෝසා පාක් රෂ්මෝර් කන්ද පාමුල සිටගෙන සිටින ආකාරය, ඇමරිකාවේදී මරා දැමෙන ස්වදේශික උරුමය, හත්තක ආකාරයෙන් දිස්වෙන පිපිරී ගිය පරමාණු බෝම්බයක් යනාදිය ඇය විසින් එහිදී ප්‍රතිප්‍රහාර ලෙස යොදාගෙන තිබේ.

මුසෝලිනීගේ මිණිපිරිය යනු කවුද?

රොබර්ටෝ මුසෝලිනීගේ මිණිපිරිය වන ඇලෙස්සැන්ඩ්‍රා මුසෝලිනී අතීතයේ නිළියකි. ඉන්පසු ඇය දේශපාලනයට පිවිසි අතර මේ වන විට ඉතාලියේ පාර්ලිමේන්තු මන්ත්‍රිීවරියක ද වේ. 56 හැවිරිදි ඇය ඉතාලියේ මධ්‍ය දක්ෂිණාංශික Forza Italia පක්ෂයේ ප්‍රබල සාමාජිකාවකි.

GQ

එසේම ඇය ජනපති ට්‍රම්ප්ගේ අන්තවාදීත්වයට සහාය දක්වන්නියක ලෙස ද ප්‍රකට ය.

මේ අතර “Ace Ventura: Pet Detective”, “The Truman Show” සහ “Liar, Liar”වැනි ප්‍රහසන චිත්‍රපටවලින් ලෝක ප්‍රසිද්ධියට පත් ජිම් කේරි ට්‍රම්ප්ගේ ජාතිවාදී, අන්තවාදී ස්වභාවයට එරෙහිව දැඩි මත ප්‍රකාශ කරන්නෙකු ලෙස ප්‍රකට ය.

ජිම් කේරි| copyright REUTERS Alessandro Bianchi

ජිම් කේරිට එරෙහිව මුසෝලිනීගේ මිණිපිරිය විසින් ට්විටර් යුද්ධයක් ආරම්භ කළ විට කේරිගේ සහායට ඉවාන් ඕ.කොනෙල් වැනි දේශපාලක විශ්ලේෂකයන් ද පැමිණ සිටියහ. ඔහු ඇලෙස්සැන්ඩ්‍රාට පිළිතුරු ට්විටයක් මෙසේ ලබා දෙයි.

‘‘මම හිතන්නෙ ඔබ, ඔබේ මිනීමරු සීයා නිසා ජිම් කේරි ව වික්ෂිප්ත කරනවා..“

‘‘මගේ සීයා ඔබේ සීයා වැනි අයගෙන් යුරෝපය ට විමුක්තිය ලබාදෙන්නට සටන් වැදුණා.“ යැයි ද ඕ‘කොනෙල් කියන්නේ, මුසෝලිනීගේ පහත ප්‍රකට පාඨයෙන්ම ඇයට දමා ගසමිනි.

“Do you want applause?” - ‘‘නුඹට ඔල්වරසන් දෙන්නට අවශ්‍යද?“
Share

Recent Posts

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

8 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

12 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

14 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

14 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

15 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

18 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

19 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

19 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago